දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි වංචාවන් සිදු කර සැඟව සිටින පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙම සැකකරු වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවරයෙකු, ගුරුවරයෙකු හා ව්‍යාපාරිකයෙකු වශයෙන් පෙනී සිටිමින් නොයෙක් ආකාරයේ වංචාවන් සිදු කර ඇති අතර ඒ සම්බන්ධව පොලිස් ස්ථාන මඟින් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය නිවේදනය කළේ.
මෙම සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකර ඇති වංචා අතර, වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කොල්ලකන ලද වාහනයක් ලක්ෂ 165කට විකිණීම, ව්‍යාජ අත්සන් යොදා රුපිවල් 1,550,000ක් වටිනා වාහනයක් පවරා ගැනීම, ෆීනෑස් සමඟ විකුණු වාහනයක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීම, රුපියල් ලක්ෂ 28ක් වටිනා මෝටර් රථයක් ලබාගෙන වංචා කිරීම, රුපියල් ලක්ෂ 30 ක් වටිනා වෑන් රථයක් සොරකම් කිරීම මොහු සිදු කළ වංචා අතර වනවා.
සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වේ නම් පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
නියෝජ්‍ය පොලිස්පති, අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව - 071 - 8592604
නියෝජ්‍ය පොලිස්පති, අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව කාර්යාලය - 011 - 2685958
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරු ලබා දෙනු ලබන කෙනෙකුට රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් ලබා දීමට පොලිස්පතිතුමා විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.