Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
11
“...සේවයට යන අතර වාරයේදී ඔහුට දරුණු හෘදයාබාධයක් ඇතිවුණා.. පණ මෙන් ආදරය කරන භාර්යාවට සහ දරුවන්ට ආදරෙයි කියන්නට ඔහු වෙහෙසුණා...” - වසන්ත දිසානායක වෛද්‍යතුමන්ගේ හදිසි වියෝවත් සමඟ මුහුණු පොතේ පළවූ සංවේදී සටහන් - Photos

- “...සේවයට යන අතර වාරයේදී ඔහුට දරුණු හෘදයාබාධයක් ඇතිවුණා.. පණ මෙන් ආදරය කරන භාර්යාවට සහ දරුවන්ට ආදරෙයි කියන්නට ඔහු වෙහෙසුණා...” - වසන්ත දිසානායක වෛද්‍යතුමන්ගේ හදිසි වියෝවත් සමඟ මුහුණු පොතේ පළවූ සංවේදී සටහන් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,106 Views
"අපේක්ෂාවේ" බොහෝමයක දෑස් කඳුළින් තෙත්වන දිනයක් වේවි.......!

දයාබරව සිනාසී තෙපලූ රසබර කතාවක ඇරඹුමක් යලි කිසිදා නොඒවී......

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතගේ හදිසි අභාවයත් සමඟ මුහුණු පොතේ සංවේදී සටහන් බොහෝමයක් හුවමාරු වෙමින් පවතිනවා.

මිය යනවිට 57 හැවිරිදි වියේ පසුවූ වෛද්‍ය වසන්ත දිසානායක සිය වෘත්තීය ජීවිතය තුළදී පිළිකා රෝගීන් වෙනුවෙන් අතිමහත් කැපකිරීම් කළ අයෙක්.

මේ මුහුණූ පොතේ ඔහු ගැන කියමින් හුවමාරු වූ සංවේදී සටහන් කිහිපයක්...............

එක් දිනෙක ඔහු සේවයට යන අතර වාරයේදී ඔහුට දරුණු හර්දයාබාධයක් ඇතිවිය.
වාහනය මහා මාර්ගයේ අයිනක ගසක් යට නැවතිණ.
හදිසි ගිලන් රථ සේවය අමතා ඔහුගේ වාහනයේ අංකය සහ ඔහු ඉන්නා ඉසව්ව ඔවුනට දැනුම් දෙන්නට ඔහුට සිහි කල්පනාව තිබිණි.
හොඳින් වාතාශ්‍රය ලැබෙන ලෙස වාහනයේ වීදුරු ජනේල විවෘත කර තබන්නට ඔහුට කල්පනාව තිබිණි.
පණ මෙන් ආදරය කරන ප්‍රිය භාර්‍යාවට සහ දරුවන්ට ආදරෙයි කියන්නට වෙහෙසුණි.
ඉන් පස්සේ ඔහුට මතකය අලුත් වන්නේ රෝහල් සයනයක උඩු බැලි අතට සිටිද්දී දුටු දසුන් පමණෙකි.
වාසනාවකට කලබල නොවී සන්සුන් මනසින් හර්දයාබාධ තත්වයට මුහුණ දුන් නිසා 'අදටත් ජීවත් වෙනවා සුදේශ්' කිය කිය එකම කතාව තුන් හතර වතාවක්මකොක් හඬළා සිනා සෙමින් කියන්නට ඔහු වඩා සතුටු විය.
කිසිම අසනීපයකදී කලබල නොවී කටයුතු කරන හැටි අපට කියා දෙන්නට ඔහු බොහෝ සේ මහන්සි විය.
මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගීන් සහ දරුවන් වෙනුවෙන් කළ සෑම සියළු සත්කාරකයකදීම අප සැමට සිටි එකම හර්දයාංගම මඟ පෙන්වන්නා ඔහු විය.
පරණ අවුරුද්දේ අලුත් උදෑසන ඔහු නික්ම ගිය වග දැන ගත්තේ තහවුරු කර ගත්තේ මහත් වූ දුකකිනි.
තමන්ටම ආවේණික වාග් විළාසය, අමුතු අමුතු පාට පාට ෂර්ට්, බ්ලේසර් ජැකට්, සියළු දසන් එකට විහිදා දාන හර්දයාංගම සිනහව, ඇඟ පතට නොදැනී කියන රස කතා, ලෙඩුන්ගේ අසරණ කම් ගැන කියන දුක හිතෙන කතා ඇතුලු මතකාවර්ජන රැසක් අප මතකයේ ඉතිරි කොට මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයාව සිටි අපි කාගේත් නොමඳ ආදරය දිනූ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අද උදෑසන සිය දිවි සැරිය මෙතකින් නිම කොට ඇති බව සටහන් තබන්නේ බලවත් ශෝකයකිනි.
මිනිසුන් ජීවත් කරවන්නට බොහෝ සේ වෙහෙස වුණු මිහිපිට උපන් දෙවියෙකු මෙන් කටයුතු කළ මේ ජනප්‍රිය නිහතමානී වෛද්‍යවරයාට ඒ අමා මහ නිවනට එපමණ දුරක් යා යුතුව ඇතැයි මම නොසිතමි.
එතුමන්ට උතුම් නිර්වාණ සුවයම අත්වේවා...!!
සුදේශ් කරුණාතිලක.

=============

මිනිසෙක්.... මනුස්සකම්වලින් අති පරිපූර්ණ වූ..., උතුම් වූ නිර්වාන සුවය ලැබේවා.!
(මාගේ බිරිඳගේ මෑණියන්ගේ පිළිකා රෝගී තත්ත්වය හදුනාගත් දා සිටම මාගේ ළගම හිතවතෙක් වූ මෙතුමා ජීවිතය යතාර්ථය ගැන කියාදුන් දේවල් එමටයි)

=============

අද.....,
"අපේක්ෂාවේ" බොහෝමයක දෑස් කඳුළින් තෙත්වන දිනයක් වේවි.......!
අපේක්ෂාවට ගොඩවී යන එන විටදී ඔබතුමන් මුණගැසුනු අවස්ථාවලදී දයාබරව සිනාසී තෙපලූ රසබර කතාවක ඇරඹුමක් යලි කිසිදා නොඒවී......
Wasantha Dissanayake වෛද්‍යතුමනි, මනුෂ්‍යයාගේ වෙන්වීමේදී දරාගත නොහැකි ඛේදනීය තත්වය වන්නේ......,
සොඳුරු, කරුණාබර මිනිසුන්ගේ නික්ම යාමෙන් ඇතිවන රික්තකය පිරවීමට කරුණාවේ, දයාවේ, වගකීමේ, ආද⁣රයේ, හිතෛශීත්වයේ, සුළං රැළි නැවත ඒ රික්තකය පිරවීමට ගලා ඒමට ප්‍රමාද වන බැවිනි.
ඔබතුමාට සුවබර නින්දක් පතමි !

=============

මිනිසත් භවය ලබා එය උතුම් ලෙස පරිහරණය කරන මිනිස්සු......
ඉක්මනින්ම ජිවීතේ අතහරිනවා....
සමහරවිට ඒක අපි හැමෝගෙම අවසානාව වෙන්න ඇති....
ඔහු සොඳුරු මිනිසෙක්
බිරිඳට හොඳ ස්වාමියෙක්
දරුවන්ට හොඳ පියෙක්
‍රටටම වටින මිනිසෙක්
උපරිම වේදනාවන් විඳින පිලිකා රෝගින්ගේ ශරීරයට පමණක් නොව හිත් සුවපත් කරන්නට වෙහෙසුනු ඔහු සදහටම අපෙන් සමු අරන් ගිහින්.....ඔබ රැස්කරගත්තා වු ඒ පින් බලෙන් ලොව් තුරු අමා මහා නිවන බොහෝ දුර නොවන බව දනිමි.
කඳුළු සලන්නන් කඳුළින් ගොඩ ගෙන
මුවගේ හසරැළි රඳවා
තුටු කඳුළින් නෙතු සරසන දෙවියන්
පුද දෙමු දෙවොලට කැඳවා
| පවී

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top