Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
11
“සමාජ මාධ්‍යවල ඕනවට වඩා පෞද්ගලික ජීවිතය ප්‍රසිද්ධ කරන්න ගියාම මොනවා හෝ වෙලා ඒ ජීවිත කඩාකප්පල් වෙනවා මම දැකලා තියෙනවා...” - මහේෂි මධුසංඛා - Photos

- “සමාජ මාධ්‍යවල ඕනවට වඩා පෞද්ගලික ජීවිතය ප්‍රසිද්ධ කරන්න ගියාම මොනවා හෝ වෙලා ඒ ජීවිත කඩාකප්පල් වෙනවා මම දැකලා තියෙනවා...” - මහේෂි මධුසංඛා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,231 Views
“පළමුවැනි ප්‍රේම සම්බන්ධය ගැන මම විවෘතව කතා කළා.
නමුත් ඒ සම්බන්ධය නතර වුණා....”

“සම්පත් මට වඩා අවුරුදු දහයක් වැඩිමහල්.
ඔහුට හොඳ තේරුම් ගැනීමක් තියෙනවා...”

දෙවැනිවරටත් මවුපදවිය ලබන්න රංගනයට විරාමයක් දුන් ජනප්‍රිය රංගන ශිල්පිනි මහේෂි මධුසංකා නැවතත් සුපුරුදු ලෙස රංගනයට එක්ව සිටිනවා.

පුංචි තිරයේ අහිංසක පෙම්වතියක වුණු මහේෂි, සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක් තමයි මේ....

දුවයි පුතයි තවම පොඩි නිසා රංගනයට එකතු වෙන්න කාලය ගන්නේ කොහොමද?
දැන් මගේ පුතාට අවුරුදු තුනහමාරයි. දුවට මාස හතරයි. ඒ දෙන්නව මගේ අම්මා තමයි බලාගන්නේ. දුව එයාගේ තාත්තාටත් ගොඩක් එකතුයි. ඒ නිසා මගේ සැමියා ගෙදර ඉන්න වෙලාවට එයත් දරුවෝ බලා ගන්නවා. ඒ නිසා මට බයක් නැහැ. මමත් රූගත කිරීම් ඉවර වුණු ගමන් දරුවෝ දෙන්නා ළඟට දුවන්න බලාගෙන ඉන්නේ.

සැමියාගේ අකමැත්තක් නැද්ද ඔබ නැවත රංගනයට සම්බන්ධ වෙනවට?
ඔහු මට කිසිම දෙයකට තහංචි දාලා නැහැ. මම ඔහු සමඟ විවාහ ජීවිතයක් තෝරා ගත්තෙත් ඒ නිසා. මම ක්ෂේත්‍රයේ වැඩ කරන විදිහ ගැන ඔහුට හොඳ අවබෝධයක් තියෙනවා. මගේ රංගන කටයුතු වලට උපරිම උදවු කරනවා. ඔහු පයිලට් කෙනෙක්. රාජකාරිවලට ගිහින් ඇවිත් වුණත් මාව රූගත කිරීම්වලට එක්ක යනවා. ඒ වගේ උදවුවක් ශක්තියක් ලැබෙන කෙනෙක් මගේ ජීවිතයට එකතුවීම වාසනාවක්.

ඉදිරියේදී පුංචි තිරයෙන් මහේෂිව දිගටම දකින්න ලැබෙයිද?
කලින් හිටපු විදිහට මගේ සිරුර හදාගෙන සුපුරුදු විදිහට රංගනයට එකතු වෙන්නයි හිතාගෙන ඉන්නේ. බොහෝ වෙලාවට අවුරුද්දකට හොඳ එක නිර්මාණයකට හරි මම සම්බන්ධ වේවි.

මහේෂි තමන්ටම සීමා දාගෙන ද වැඩ කරන්නේ ?
රංගනයේ දී කවදත් මම දාගත්ත සීමා තියෙනවා. ඇඳුම් සම්බන්ධයෙන් තමයි මම ගොඩක් සීමා පනවගෙන ඉන්නේ. සමහරු හිතන්නේ සමහර ඇඳුම්වලින් ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා. ඇත්තටම මට නම් එහෙම ජනප්‍රිය වෙන්න වුවමනාවක් නැහැ. මම මගේ සීමා ඇතුළේ වැඩ කරනවා. ඒ සීමා නිසා මට සමහර හොඳ වැඩ නැති වෙලත් තියෙනවා. නමුත් මට ඒ ගැන දුකක් නැහැ.

මහේෂි කාලයක් පෞද්ගලික ජීවිතය වසන් කරගන්න උත්සාහ කළා නේද ?
මගේ පළමුවැනි ප්‍රේම සම්බන්ධය ගැන මම විවෘතව කතා කළා. නමුත් ඒ සම්බන්ධය නතර වුණා. මට ඕන වුණා විවාහ ජීවිතය පරෙස්සම් කරගන්න. ඒ නිසා අනවශ්‍ය විදිහට පෞද්ගලික ජීවිතය විවෘත කරන්න ගියේ නැහැ.
මේ මෑතක් වෙනකල්ම මම මුහුණු පොතෙත් පෞද්ගලික ජීවිතයේ කිසිම ඡායාරූපයක් දැම්මේ නැහැ. සැමියා ඔහුගේ මුහුණු පොතේ අපේ ඡායාරූප දැම්මා. සම්පත් මට වඩා අවුරුදු දහයක් වැඩිමහල්. ඔහුට හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. සමාජ මාධ්‍යවල ඕනවට වඩා පෞද්ගලික ජීවිතය ප්‍රසිද්ධ කරන්න ගියාම මොනවා හෝ වෙලා ඒ ජීවිත කඩාකප්පල් වෙනවා මම දැකලා තියෙනවා. ඒ නිසා මගේ මුහුණු පොතේ දාන්නේ පවුල් ජීවිතේ විශේෂම දේවල් විතරයි. ඕනවට වඩා පෞද්ගලිකත්වය එළියට දාන්න මම කැමැති නැහැ.

මහේෂිගේ ජීවිතේ තව සම්පූර්ණ කරගන්න දේවල් තියෙනවද?
මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ මගේ ජීවිතේ වටිනාම වස්තු. මගේ ජීවිතේ දැන් සම්පූර්ණයි වගේ. දැන් මම උත්සාහ කරන්නෙ දරුවන්ට හරි මඟ පෙන්නලා ඔවුන්ට ගුණ යහපත් විදිහට හැදෙන්න පසුබිම නිර්මාණය කරන්නයි.

දරුවෝ අනාගතයේදී ඔබ වගේ කලාව තෝරා ගත්තොත් කැමති වෙනවද?
කලාව කියන්නේ නරක දෙයක් නෙමෙයි. මගේ දුව කෙනුලිගේ හඳහනේ වුණත් තියෙනවා ඇය කවදාහරි කලාව පැත්තෙන් ඉදිරියට යාවී කියලා. මමත් මගේ ගමන හදා ගත්තේ කලාවෙන්. මට කලාවෙන් බොහෝ දේවල් ලැබුණා. එය භාග්‍යයක්. අපේ දරුවෝ කවදා හරි තෝරාගන්න ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න සම්පත් සහ මම ඔවුන්ට ඒ ආදර්ශය, මඟපෙන්වීම ලබා දෙනවා. මවුපියෝ දරුවන්ට ලබා දෙන ඒ ආදර්ශය හරිම වැදගත්. කවදාහරි මගේ දරුවෝ කලාවේ නියැළෙනවට මගේ කිසිම අකමැත්තක් නැහැ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "සිළුමිණ" පුවත්පතේ "රසඳුන" අතිරේකයෙන්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top