WWE තුළ සියල්ල ස්ථාවර නොවන බව හිටපු RAW සහ Smack down ශුරියක වන බෙකි ලෙන්ච් පවසනවා.
ඇය මේ බව කියා සිටියේ, සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින්.
37 වන WrestleMania තරගාවලිය පැවැත්වෙන අතරතුර මෙම සටහන තැබීමත් විශේෂත්වයක් බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.
මෙවර අදාළ තරගාවලිය දින දෙකකට පැවැත්වීමටයි එහි සංවිධායකයින් තීරණය කළේ.
ඒ, ලොව පුරා ව්‍යාප්තව පවතින කොරෝන වසංගත තත්ත්වය හේතුවෙන්.
කලකට පසුව ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් මෙම තරග පැවැත්වීමට තීරණය කිරීමත් විශේෂත්වයක් වනවා.
සිය දරු ප්‍රසූතිය වෙනුවෙන් පසුගිය වසරේදී තාවකාලිකව රෙස්ලිං ක්‍රීඩාවට සමු දුන් ඇය යළිත් ඊට අවතීරණ වීමට සූදානමින් සිටින බව ද සඳහන්.
මාස කිහිපයක්ව අක්‍රියව පැවැති ඇයගේ ට්විටර් ගිණුම මේ වනවිට සක්‍රියවී තිබීමෙන් බෙකිගේ රසිකයින් සතුටට පත්ව ඇති බව ද වාර්තා වනවා.
බෙකිලෙන්ච් විසින් සිය ට්විටර් ගිණුමට එක් කළ, සටහන පහතින්..
Nothing
Is
Guaranteed
Here
Tonight
Tomorrow
What’s next
Over
Just kidding! Congratulations @SashaBanksWWE and @BiancaBelairWWE. Way to make history