Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
11
"මෙහෙම කරලා හරියන්නේ නෑ. මේ කෙල්ලෝ ටික ඩීල් යවන්න ඕනා..." - වැල්ලවීදියේ ගණිකා ජාවාරම ගැන ඇහෙන අලුත්ම කතාව

- "මෙහෙම කරලා හරියන්නේ නෑ. මේ කෙල්ලෝ ටික ඩීල් යවන්න ඕනා..." - වැල්ලවීදියේ ගණිකා ජාවාරම ගැන ඇහෙන අලුත්ම කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,092 Views
සමහරු එන්නේ, ඇඟ පොඩි කරගන්න විතරක් නොවෙයි. තේරෙනවනේ...
 
උඹලට අපි කියන විදිහට වැඩ කරන්න බැරි නම් මෙතනින් පලයන්...
 
ගෙදර ගියොත් බෙල්ලෙ වැල දාගන්න තමයි වෙන්නේ...
 
”අමල් මම නම් නන්නත්තාර වෙලා ඉන්නේ මේ දවස්වල.... ඇයි නලින් උඹ විතරක් මමත් එහෙම තමයි.”
 ”ඒකනෙ බං ගොඩයන්න විදියක් ඇත්තේම නෑ..... මමත් දාහතේ කල්පනා කළේ මොකක් හරි කරලා ගේමක් ගහගන්න.”
 
 ”මේ කොරෝනා වසංගතයත් යක් එක්ක ජෙනුයින් බිස්නස් කරලා ගොඩ යන්න බෑ.”
 
 ”ඒක නං ඇත්ත බං. එහෙම කියලා හාමතේ ඉන්න බැහැනේ. උඹම කියපන් බලන්න මොකක්ද අපි කරන්නේ කියලා.”
 
 ”කරන්න නම් වැඩක් තියෙනවා හැබැයි ටිකක් අමාරුයි.”

 ”මොකක්ද බං ඒ අමාරු වැඬේ කියපන්කො බලන්න.”
 
 ”උඹ දන්නවනේ වැල්ලවීදිය සමන්.”
 
 ”ඔව් කොණ්ඩෙ ටිකක් වවාගෙන ඉන්න කෙට්ටු එකානේ.”
 
 ”ඔව් බං ඌ තමයි.”
 
 ”උඹ දන්නවද දැන් ඌ ඉන්න විදිහ.”
 
 ”නැහැ බං ඌ වැලේ වැල් නැතුව හිටිය එකෙක්නෙ අපි වගේ.”
 
 ”ඒ ඉස්සර දැන් බලපං ඉන්න විදිය.”
 
 ”ඇයි උඹ එහෙම කියන්නේ.”
 
 ”ඌ දැන් පදින්නේ සී එච් ආර් එකක්. කන්නෙ බොන්නෙ සුපිරි හෝටල්වල.”
 
 ”එච්චර සල්ලි කොහෙන්ද බං ලොතරැයියක්වත් ඇදුනද?.”
 
 ”මොන ලොතරැයිද. ඕවා ඇදෙන්නේ කාටද බං.”
 
 ”ඌ පටන් ගත්තා අලූත් බිස්නස් එකක්. දැන් ඌට සල්ලි එන්න හෙමින් නොවේ.”
 
 ”මොකක්ද බං ඒ අලූත් බිස්නස් එක.”
 
 ”ඌ පිට පළාත්වලින් ස්පාවලට කියලා කෙල්ලෝ ගෙනහල්ලා ඞීල් යවනවා. හොඳ ගාණක් හොයනවා මාසෙට.”
 
 ”එහෙමද. ඒකත් මාර බිස්නස් එකනේ. ඕන මඟුලක් වෙන්න කියලා අපිත් පටන් ගමුද?”
 
 ”බැරි කමක් නැහැ. මම දන්න එකෙක් ඉන්නවා ඔය ෆීල්ඞ් එකේ අතුල කියලා. ඉස්සර ස්පා එකක් කළා. ඌව සෙට් කර ගමු මේ වැඬේට. අයිඩියා එක උගෙන් ගන්න පුළුවන් එතකොට.”
 
 දිනක් මීගමුවේ අමල් සහ නලින් මත්පැන් පානය කරන ගමන් එලෙස කතාබස් කළහ. දෙදෙනාම ජීවිතය ගැට ගසා ගැනීම සඳහා නොයෙක් දෑ සිදු කළහ. එහෙත් ඒ කිසිවක් සාර්ථක වූයේ නැත. අවසානයේ ඔවුහු ඉහත කතා කරගත් පරිදි නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථානයක් පටන් ගැනීමට තීරණය කළහ.
 
 කතා කරගත් පරිදි දෙදෙනා අතුල මුණගැසීමට ගියහ. එහිදී ඔවුන් තිදෙනා මෙලෙස කතාබස් කළහ.
 
 ”අතුල මේ මගේ හොඳම යාළුවෙක් අමල්. අපි ආවෙ අර බිස්නස් එක ගැන පොඞ්ඩක් කතා කරගන්න.”
 
 ”හරි නලින් ඉස්සරල දෙන්නත් එක්ක වාඩි වෙන්නකෝ.”
 
 ”හරි අතුල.”
 
 ”දැන් කියහංකො බලන්න ආපු කාරණය.”
 
 ”මචං අපි දෙන්නා නන්නත්තාර වෙලා ඉන්නේ මොනව කළත් හරි යන්නේ නැහැ. ඒක නිසා අපිත් බැලූවේ ස්පා එකක් දාන්න.”
 
 ”නරකම නැහැ වැඬේ. හැබැයි දැන් ස්පා දාලා වැඩක් නැහැ පාඩුයි. හොඳම වැඬේ කෙල්ලො ටිකක් සෙට් කරගෙන ස්පා කරන මුවාවෙන් ඞීල් යවන එක.”
 
 ”එහෙමද?”
 
 ”ඔව් බං එකෙන් හොඳ ගාණක් හොයාගන්න පුළුවන්...”
 
 ”ඒවට කොහොමද කෙල්ලො හොයාගන්නේ.”
 
 ”ඒක සුළු දෙයක් බං ගම්වල කෙල්ලො ඉන්නවා ඕන තරම්. පත්තරේ ඇඞ් එකක් දැම්ම නම් හරි.”
 
 ”එහෙනම් අතුල අපි තුන් දෙනා සෙට් වෙලා පටන් ගමුද බිස්නස් එක.”
 
 ”හරි මචං පටන් ගමු ඕන දේකට මම ඉන්නව දන්නවනේ.”
 
 ”එහෙනම් කල් දාන්න ඕන නෑ අපි වැඬේ පටන් ගමු.”
 
තිදෙනා කතා කරගත් පරිදි පළමුව මීගමුව නගරයේ නව සම්බාහන මධ්‍යස්ථානයක් විවෘත කිරීමට තැනක් සොයා ගත්හ. ඉන්පසු පුවත්පතක දැන්වීමක් පළ කළේය. ඒ මෙලෙසින්ය.
 
 ”ඔබත් වයස 18 සම්පූර්ණ කළ සුරූපී තරුණියක්ද? එහෙනම් මෙන්න අනගි අවස්ථාවක්. රජියේ අනුමැතිය ලත් අපගේ නවතම සම්බාහන මධ්‍යස්ථානයට තෙරපිවරියක් ලෙස එකතු වන්න. වැටුප තම හැකියාව මත මසකට රුපියල් ලක්ෂය ඉක්මවයි. පුහුණු නුපුහුණු දෙපාර්ශ්වයටම ආරාධනා. කෑම බීම සහ නවාතැන් පහසුකම් නොමිලේ. අදම අමතන්න 077 638....”
 
 දැන්වීම එලෙස පළවීමත් සමගම එම අංකයට සතර දෙසින් දුරකථන ඇමතුම් ලැබුණි. ඒ ජීවිතයේ විවිධ හැලහැප්පීම් මත ජීවිතය ගොඩනඟා ගැනීමට වෙර දරන තරුණියන් ගෙන්ය.
 
 පළමුව තෝරා ගත් තරුණියන් පස් දෙනෙකුට මීගමුව සම්බාහන මධ්‍යස්ථානයට පැමිණෙන ලෙස අතුල ඇතුළු පිරිස පැවසූහ. ඒ අනුව අනුරාධපුරය, කුරුණෑගල, දඹුල්ල සහ කතරගම ප්‍රදේශයේ පදිංචි තරුණියන් පස්දෙනෙකු මීගමුව නගරයේ පිහිටීම පිහිටි එම ස්ථානයට පැමිණියහ. එලෙස පැමිණි තරුණියන් තිදෙනකු මීට පෙරත් සම්බාහන මධ්‍යස්ථානයක වැඩ කළ අය වූහ.
 
 එලෙස පැමිණි තරුණියන්ට අතුල හා පිරිස ”මේක අපි අලූතෙන්ම පටන් ගත්ත සම්බාහන මධ්‍යස්ථානයක්. එක නිසා ඔයගොල්ලෝ කැමති විදිහකට වැඩ කරන්න. මෙතන මීට කලින් වැඩ කරපු තුන්දෙනෙකුත් ඉන්නවා නේ. බැරි දෙන්නා ඒගොල්ලන්ගෙ විස්තර අහගන්න.”
 
 ”තව එකක් පොලිසිය ගැන බයවෙන්න එපා. ඒව සේරම අපි බලාගන්නම්... උඹලට තියෙන්නෙ කස්ටමර්ට ඕන දේ දෙන්න විතරයි. සමහරු ඇඟ පොඩි කරගන්න විතරක් නොවෙයි. තේරෙනවනෙ මම කියන දේ. ඒක නිසා ඒවත් දෙන්න බලන්න. එතකොට අපි දෙගොල්ලන්ටම හොඳ ගාණක් හොයා ගන්න පුළුවන්.”
 
 ”කෑම බීම ඕනම දෙයක් අපි දෙන්නම්. ළඟ තව ගෙයක් අරන් තියෙන්නෙ ඕෆ් වුණාම එහේ නිදා ගන්න පුළුවන්. මෙතන බොන අය ඉන්නව නම් බොන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැඩ කරන්න පුළුවන් ගාණට.”
 
 තරුණියන් පැමිණ දින දෙකකට පසු සම්බාහන මධ්‍යස්ථාන විවෘත විය. ඒ නීතිවිරෝධී අයුරින්ය. අතුල නලීන් සහ අමල් මාරුවෙන් මාරුවට එම ස්ථානයේ කළමනාකරුවන් වශයෙන් රැඳී සිටියහ.
 
 සතියක් පමණ ගත විය. ඔහු සිතූ තරම් මුදලක් නොලැබුණහ. එහිදී ඇතුල ”මෙහෙම කරලා හරියන්නේ නෑ. මේ කෙල්ලො ටික ඞීල් යවන්න ඕනා. එතකොට තමයි හොඳ ගාණක් හොයා ගන්න පුළුවන්” යැයි පැවසුවේය.
 
 එතැන් පටන් අන්තර්ජාලය හරහා එම තරුණියන් මුදලට විකිණීමේ ජාවාරමක් ඔවුහු පටන් ගත්හ. එයට අමතරව තමන් දන්නා හිතමිතුරන්ට ද ඒ බව පැවසූහ. ඒ මාර්ගය හරහා ද ගැනුම්කරුවන් සොයා ගැනීමට ඔවුනට හැකි විය.
 
 එලෙස පැමිණි තරුණියන් තිදෙනකු මුදලට විකිණීමට අකමැති විය. එම තිදෙනා අතුල ඇතුළු පිරිසට මෙලෙස පැවසුහ. ”අපි ආවේ සල්ලිවලට ඞීල් යන්න නොවෙයි. තෙරපිවරියක් වශයෙන් කටයුතු කරන්න. ඒක නිසා අපිට බෑ මෙහෙම ඞීල් යන්න.”
 
 එම කතාව අහපු අතුල ඇතුළු පිරිස එම තරුණියන්ට බැණ වැදුණේ මෙලෙසින්ය.
 
 ”උඹලට අපි කියන විදිහට වැඩ කරන්න බැරි නම් මෙතනින් පලයන්. තව රටේ ඉන්නවා ඕන තරම් කෙල්ලෝ. මේකෙන් අපි තනියෙන් කන්නේ නැහැ උඹලටත් වාසියක් තියෙන නිසා කියන්නේ. හෙටම තීරණයක් ගන්න. අකමැති අය ගෙදර යන්න බලාගෙන ඉන්න.”
 
 එම තරුණියන් මෙවැනි තැනක සේවය කරන්න පැමිණියේ අන්ත අසරණ තත්ත්වයට පත්වූ නිසාය. අතුල ඇතුළු පිරිස පැවසූ දෙයින් එම තරුණියන් තවත් අන්ත අසරණ වූවාය.
 
 ”ගෙදර ගියොත් බෙල්ලෙ වැල දාගන්න තමයි වෙන්නේ තියෙන ආර්ථික ප්‍රශ්නවලට. ඒක නිසා අකමැත්තෙන් හරි ඒ දේට කැමති වෙනවා. නැත්නං අපිට මෙතන ඉන්නත් බැරි වෙයි.” එලෙස සිතා එම තරුණියන් අතුල ඇතුළු පිරිස කියූ යෝජිනාවට අකැමැත්තෙන් වුවද කැමැති විය.
 
 එතැන් පටන් එම සම්බාහන මධ්‍යස්ථානයේ සේවය කළ තරුණියන් තිදෙනාම මුදල් මත ගණිකා සේවයේ යෙදවීමට අතුල ඇතුළු පිරිස කටයුතු කළහ. එලෙස ටික දිනක් ගතවෙද්දී ඔවුනට එම ඉල්ලූම වැඩි විය. එම නිසා නැවත දැන්වීම් දමා තව තවත් තරුණියන් ගෙන්වා ගත්තේය.
 
 එම දැන්වීමට රැවටී පැමිණි තරුණියන්ට අවසානයේ සිදු වූයේ අතුල ඇතුළු පිරිසගේ බලකිරීම මත අකමැත්තෙන් වුවද මුදලට ඇඟ විකිණීමටයි. ඒ අතර අතුල ඇතුළු පිරිසට මෙම නීති විරෝධී ගණිකා ව්‍යාපාරය කරගෙන යෑමට තවත් කීප දෙනෙකු සම්බන්ධ විය.
 
 කාන්තාවන් මුදලට විකිණීමෙන් ඔවුන් දිනපතා විශාල ආදායමක් ලැබුවේය. කාලය එලෙස ගත විය. මීගමුව පමණක් නොව එම නගරය අවට ප්‍රදේශවල අයද මෙම ගණිකා ව්‍යාපාරය ගැන දැනගෙන සිටියහ. එම නිසා දිනපතා ඔවුනට විශාල ගනුදෙනුකරුවන් පිරිසක් පැමිණියහ.
 
 මෙරට විවිධ ප්‍රදේශවලින් පැමිණි තරුණියන් 25ක් පමණ එහි සේවය කළහ. එම සියලූම තරුණියන් වයස අවුරුදු 28ට අඩු අයයි. එම තරුණියන් සියලූ දෙනාම පාහේ පැමිණ සිටියේ දැන්වීමේ ඇති ආකර්ෂණීය බවට රැවටෙමින් ය. එලෙස පැමිණි තරුණියන් බලහත්කාරයෙන් රඳවාගෙන ගණිකා සේවයේ යෙදවීමට එම පිරිස කටයුතු කළහ.
 
 මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාට ද මේ පිළිබඳ කන වැටුණි. ඒ අනුව ඔහු මීගමුව පොලිස් ස්ථානාධිපතිවරයාව මේ සම්බන්ධයෙන් දැනුවත් කළේය.
 
 මීගමු පොලිස් ස්ථානාධිපතිවරයා තම නිලධාරීන් කිහිපදෙනෙකු කැඳවා මේ ගැන වහාම සොයා බලන ලෙස උපදෙස් දුන්නේය. එම උපදෙස් අනුව ක්‍රියාත්මක වූ එම නිලධාරීහු මීගමු නගරයේ සිදු කරගෙන යන මෙම නීති විරෝධී ගණිකා ව්‍යාපාරය පිළිබඳ සියලූ තොරතුරු සොයා ගත්හ.
 
 සොයාගත් එම තොරතුරුවලට අනුව මීගමු නගරයේ පවත්වාගෙන ගිය නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන දහයක් වැටලීමට එම නිලධාරීන්ට හැකි විය. එහිදී ලාබාල තරුණියන් 24 දෙනෙකු ද අත්අඩංගුවට ගත්හ.
 
 එලෙස අත්අඩංගුවට ගත් තරුණියන් බොහෝ දෙනෙකු පැවසුවේ ”පළවූ දැන්වීම් දැක එහි තිබූ ආකර්ෂණීයභාවය නිසා මෙලෙස පැමිණි බවත් එලෙස පැමිණි පසු එහි අයිතිකරුවන්ගේ දැඩි බලපෑම මත මෙලෙස මුදලට විකිණීමට සිදු වූ බවත්ය.”
 
 පසුව පොලිස් නිලධාරීහු එම නීති විරෝධී ගණිකා ජාවාරම මෙහෙය වූ සංවිධානාත්මක පිරිස ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ.
 
 තරුණියනි, ඉදිරියේදී තවත් මෙවැනිම ආකර්ෂණීය දැන්වීම් පළවේ. ඒවාට නොරැවටෙන්න.
 
 ගයාන් සමරසිංහ
දිවයින 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top