Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
11
"මාව අපකීර්තියට ලක්කරපු හැමෝටම මම සමාව දෙනවා. මට යළිත් කථා කියන්න වුවමනා නෑ..." - නොකියන කතා සියල්ල සමග රූ රැජින කිරුළේ අර්බුදය ගැන පුෂ්පිකා කියන කතාව

- "මාව අපකීර්තියට ලක්කරපු හැමෝටම මම සමාව දෙනවා. මට යළිත් කථා කියන්න වුවමනා නෑ..." - නොකියන කතා සියල්ල සමග රූ රැජින කිරුළේ අර්බුදය ගැන පුෂ්පිකා කියන කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,208 Views
රූ රැජින තරගාවලියක් ජිනතාව අතර වඩාත් ආකර්ෂණීය වන්නේ එහි ඇති සුන්දරත්වය හේතුවෙනි. එහෙත් එවන් සුන්දර ස්ථානයක වූ අසුන්දර පුවතක් පසුගියදා කොළඹ නෙළුම්පොකුණ රංග ශාලාවේ පැවැති 2020 විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදි සිදුවුණා. ඒ ජයග්‍රහණය ලද රූ රැජිනගේ කිරුළ විනාඩි කිහිපයක් ඉක්ම යන්නට මත්තෙන් වෙනත් රුවැත්තියකට පැළඳීම හේතුවෙනි. 

2021 ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජිනයය කරමින් සහභාගි කරවීමට සංවිධානය කෙරුණු විවාහක රූ රැජින 2020 තේරීමේ තරගය පසුගිය ඉරිදා කොළඹ නෙළුම්පොකුණ රංග ශාලාවේදී පැවැත්විණි. අවසන් තරගය සඳහා තරගකාරියන් විසිදෙනකු සුදුසුකම් ලබා තිබුණේ ජාත්‍යන්තර තරගාවලියේ සලකා බැලෙන සුදුසුකම් අනුව බව සංවිධායකයන් සඳහන් කළේය. ජාත්‍යන්තර තරගාවලියේ ප්‍රධාන තරග කොන්දේසි වන්නේ තරගකාරිය තරගාවලියට අයැදුම් කරන අවස්ථාව වන විට විවාහක තැනැත්තියක් වීම, වයස අවුරුදු 18 සම්පූර්ණ වීම, තමන් තරගාවලිය නියෝජිනය කරන රටේ පදිංචිකාරියක වීමයි. ඒ අනුව පසුගිය ඉරිදා පැවැති රූ රැජින තේරීමේ තරගයේ අවසන් තරගකාරියන් බවට පත්ව සිටියේ අංක 17 යටතේ තරග වැදුණු අයේෂා බස්නායක සහ අංක 20 යටතේ තරග වැදුණු පුෂ්පිකා ද සිල්වා යන අයයි. අවසානයේ අංක 20 යටතේ තරග වැදුණු පුෂ්පිකා ද සිල්වා කිරුළට හිමිකම් කීවාය. ඒ අනුව පුෂ්පිකා ද සිල්වාට කිරුළ පළඳවනු ලැබුවේ 2020 ලෝක විවාහක රැජින ලෙස කිරුළ හිමිකර ගත් කැරොලයින් ජූරිය. නමුත් ඊට ටික වේලාවකට පසු ජියග්‍රාහිකාවට කිරුළ පැළඳවීමට එක්වූ කැරොලයින් ජූරි විශේෂ නිවේදනයක් සිදුකළාය.
 
මට පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. විවාහක රූ රැජින ලෙස තේරී පත්වීමේදී තරගයේ එක් නීතියක් තියෙනවා විවාහක අයට පමණක් ඊට සහභාගි විය හැකි බව. දික්කසාද වූ අයට ඒ සඳහා අවස්ථාව නැහැ. ඒ නිසා මම ප්‍රකාශ කරනවා කිරුළ දෙවැනි ස්ථානයට පත් වූ අයට ලබා දෙන බව.
 
ඒ අනුව පුෂ්පිකා ද සිල්වාට පැළඳවූ කිරුළ ඇගෙන් ඉවත් කළ දෙවැනි ස්ථානයට පත් වූ රූ රැජිනට පැළඳවූවාය. මෙ අවස්ථාවේදී එම වේදිකාවට චූලා පත්මේන්ද්‍රන්ද වියරුවෙන් මෙන් පැමිණියයා. ඔටුන්න ගැලවූ අලකලංචියෙන් හිසට ඇතිවූ තුවාල නිසා ඇය වේදිකාවෙන් බැස ගොස් රෝහල්ගත විය. අනතුරුව ඇය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ද සටහනක් තැබුවාය. ඇය එම සටහනේ තබා තිබුණේ තමන් තරගාවලියට නුසුදුසු නම් ආරම්භයේදී ම ඉන් ඉවත් කිරීමට හැකියාව තිබූ බවයි. ඇය එම ෆේස්බුක් ගිණුමේ සටහනින් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ තමන් දික්කසාද නොවූ ගැහැනියක් බවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා කොළඹ කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ද සිදු කළේ තමන්ට සිදුවුණු අසාධාරණය හේතුවෙන් සාධාරණයක් බලාපොරොත්තුවෙනි. අවසානයේ පුෂ්පිකා ද සිල්වාට කිරුළ පැළඳවීමට මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්‍ෂ චන්දිමාල් ජියසිංහ තීරණය කළේය. ඒ ඇයට වුණු අසාධාරණයට සාධාරණයක් ඉෂ්ට කිරීමේ අභිලාෂයෙනි.
 
මෙම සිදුවීමෙන් පසුගිය සතියේ මාධ්‍ය මෙන්ම සමාජි මාධ්‍යවලත් විවිධාකාර වූ මත මෙන්ම කරුණු පළවුණා සේම මතවාද විවාද ගොඩනැඟුණේය. ඇත්තටම මෙහෙම දෙයක් වෙන්න බලපෑ ප්‍රධාන ගැටලූ මොනවාද? කවුද මෙතනදී වැරදි. ඒ කතාවලට උත්තර තියෙන්නේ ඔවුන් තුළමය. මොකද ඔවුන් මේ තරගාවලිය පුරාවටම සහභාගි වී සිටීම හේතුවෙනි.
 
අපි මුලින්ම මෙහි ප්‍රධාන කතානායිකාව වන 2020 වසරේ විවාහක රූ රැජින ලෙස යළි කිරුළ පැළඳවූ පුෂ්පිකා ද සිල්වා වෙත පහත ප්‍රශ්නාවලිය යොමු කළා. මේ ඇගේ හඬයි.
 
* පුෂ්පිකා යළිත් වරක් කිරුළ පැළඳවීම ගැන මොකද හිතන්නේ?
 
මුලින්ම මතක් කරන්න ඕනෑ මගේ අම්මා තාත්තා. ඒ වගේම මට මේ ජියග්‍රහණය පිටිපස්සේ විශාල පිරිසක් සිටියා. ඔවුන්වත් මතක් කරන්න ඕනෑ. මට උදව්කරපු හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕනෑ. ඔවුන් නිසා තමයි මම මේ ජියග්‍රහණය ලැබුවේ.
 
මගේ ජීවිතයේ මම මුලින්ම සහභාගිවුණු තරගාවලිය තමයි මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් වර්ල්ඞ් තරගාවලිය. ඒක පැවැත්වුණේ 2011 වසරේදී. එතැනදී මගේ රට නියෝජිනය කරන්න ලැබුණා. ඒ වගේම මට බියුටි විත් ද පර්පස් ඛාණ්ඩය යටතේ අර්ධ අවසන් පූර්ව වටයට එන්න පුළුවන් වුණා. ඒ වගේම 2011 වසරේදි මිස් ශ්‍රී ලංකා ෆෝ වින්ට් පර්සන් ඉන්ටර්නැෂල් තරගාවලියට යන්න අවස්ථාව උදාවුණා. රටවල් 91ක් ඊට සහභාගි වුණා. එතැනදී රටවල් 91කින් බෙස්ට් පැෂනල් කොස්ටියුම් එක ජියග්‍රහණය කරන්න මට අවස්ථාව උදා වුණා. මගේ තුන්වැනි පැජින්ට් එක තමයි ටොප් මොඩල් ඔෆ් ද වර්ල්ඞ් තරගාවලිය. ඊජිප්තුවේ පැවැත්වුණු එම තරගාවලියට මට සහභාගිවෙන්න හැකිවුණා. මේක තමයි මගේ හතරවැනි පැජින්ට් එක. මම හිතන්නේ මගේ ජීවිතයේ මෙච්චර මම කැපකිරීම් කරලා නැහැ පැජින්ට් එකකට. ඒක බලාගෙන හිටපු මගේ ළඟින් හිටපු සියලූමදෙනා දන්නවා මම මේ කිරුළ ගන්න කොච්චර මහන්සි වුණාද කියලා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අද මම මගේ හිස මත ක්‍රවුන් එක පළඳවාගෙන ඉන්නේ.
 
* අවසන් මහා තරගයේදී මේ වුණු සිදුවීම ගැන මොකද හිතෙන්නේ.?
 
මට වෙච්ච සිදුවීම මම බලාපොරොත්තු වුණු දෙයක් නෙමෙයි. හරිම කනගාටුයි. මම හරියට දුක්වෙනවා ඒ ගැන. කවදාකවත් කවුරු හරි කාන්තාවක් තවත් කාන්තාවක් ඉදිරියට යන්න හදන ගමන නවත්වනවා නම් ඒ රිද්දන දෙයින් කවුරු හරි සතුටක් ලබනවා නම් මම හිතන්නේ එයා ඒ ලබන්නේ ජයග්‍රහණයක් නෙමෙයි. ඒක පරාජයක්. මගේ ජීවිතයේ මට වැරදුන තැන් ගොඩක් තියෙනවා. මට හිතාගන්න බැරි විදිහටයි මගේ ජීවිතයේ වැරදුණේ. බලාපොරොතතු නොවුන විදිහට. හැබැයි ඒ වැටුණු හැම තැනකදීම මට ශක්තියක් වුණේ මගේ අම්මා තාත්තා. ඒ වගේම මගේ අක්කා, සහෝදර සහෝදරියන්. මම දන්නවා මගේ දරුවාව හදන්න මම කරන කැපකිරීම. කවුරු මගේ ජීවිතයේ හිටියත් නැතත් මම මගේ ජීවිතය ගෙනියනවා මගේ දරුවා නිසා. මාව මේ ලෝකෙට බිහිකරපු අම්මා තාත්තා වෙනුවෙන්. මේ දෙයින් කවුරු හරි කෙනෙක් බලාපොරොත්තු වුණා නම් මාව වට්ටන්න මගේ ඉදිරි අනාගත ගමන වළක්වන්න මම හිතන්නේ නැහැ ඔවුන්ට ඒක කරන්න පුළුවන් කියලා. මම යකඩ ගැහැනියක්. මම වැටෙනවා නම් මීට අවුරුදු තුන හතරකට කලින් තමයි වැටෙන්නේ. මොකද මම වැටුන හැම තැනකින්ම නැගිට්ටා. මේ පාරත් එහෙමයි. මම සාධාරණ විදිහට ජීවත්වන ගැහැනියක්. කවුරු මට මොනවා කිව්වත් වැඩක් නැහැ මම කරන්නේ මගේ දේ. මම හිතන්නේ මම යන ගමන ගැන විතරයි. මගේ දරුවා ගැන විතරයි හිතන්නේ. මගේ දෙමවුපියන් ගැන විතරයි හිතන්නේ.
 
මේ කිරුළ අරගන්න ලොකුම බලාපොරොත්තුව වුණේ මම වගේ දරුවන් එක්ක තනිවුණ එක්දරු අම්මාවරුන් වෙනුවෙන්. ඒ වගේ ගැහුනු අද ලංකාවේ ගොඩක් දුක්විඳිනවා. ඇත්තටම මේ කිරුළ මගේ නෙමෙයි ඔවුන්ගේ. මම හිතන්නේ මේ කිරුළෙන් ඔවුන්ගේ අනාගතය එළිය කරන්න පුළුවන් නම් ඒක තමයි මගේ සතුට. තනිවුණ අම්මාවරුන් විඳින වේදනාව ගැහැනියක් විදිහට මමත් දන්නවා. මේ කිරුළ මම තනිවුණ අම්මාවරුන්ට පරිත්‍යාග කරනවා. මේක ලෝකයේ සිටින තනිවුන අම්මාවරුන් වෙනුවෙන් පරිත්‍යාග කරනවා. මගේ ගොඩක් බලාපොරොත්තු තියෙනවා. අසාධාරණයක් වුණ තැන්වලදී සාධාරණය වෙනුවෙන් පෙනී ඉන්න කියල මම මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා.
 
* මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔබගේ ඉදිරි පියවර මොන වගේද?
 
ඇත්තටම මට වුණ අසාධාරණය නිසයි මම නීතිය හමුවට ගියේ. මොකද ඕනෑම කෙනෙක් බලන්නේ තමන්ට අසාධාරණයක් වුණාම ඊට සාධාරණය ඉෂ්ට කරගන්න. අනික මේ රටේ නීතියක් තියෙන්නේ ඒකට. මට වුණ අසාධාරණය වෙනුවෙන් තමයි කුරුඳුවත්ත පොලිසියේ පැමිණිල්ලක් දැම්මේ. ඉදිරියේදී ඊට සාධාරණයක් ඉෂ්ට වේවි කියලා හිතනවා.
 
* ඔබේ කීර්තිනාමයට වුණු හානිය සම්බන්ධයෙනුත් නීතිය හමුවට යනවාද?
 
එදා දවසේ වුණ ප්‍රශ්න ගැන මම යළි යළි කතා කරන්න කැමති නෑ. අතීතය අතීතයට භාරයි. මම හිතන්නේ මින් ඉදිරියට කරන්න තියෙන දේවල් ගැන විතරයි. මාව අපකීර්තියට ලක්කරපු හැමෝටම මම සමාව දෙනවා. මට යළිත් කථා කියන්න වුවමනා නෑ. දෙවියන් වහන්සේ වුණත් අපට උගන්වලා තියෙන්නේ මිනිස්සුන්ට වෛර කරන්න එපා ආදරය කරන්න කියලා. මේ දේවල් කරපු අයට වෛර කළා කියලා අපිට ලැබෙන දෙයක් නෑ. මම හිතන්නේ ඔවුන් කරපු දේවල් ඔවුන් ගෙනියයි. මම කරපු හොඳ මම ගෙන යයි. එච්චරයි මට කියන්න තියෙන්නේ.
 
නමුත් මට ඇතිවුණ අපකීර්තියට මගේ නීතිමය කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන පුද්ගලයන් කටයුතු කරාවි.
 
* මේ තරගාවලිය එළැඹෙන වසරේ ලංකාවේ පැවැත්වෙන්නේ. ඔබට ඇතිවුණ මේ ප්‍රශ්නයත් එක්ක මේ තරගාවලියට එය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරාවිද? මොකද ඒ ගැන හිතන්නේ?
 
ඇත්තටම ඒ ගැන කතාකරන්න ඕනෑ. අනික දික්කසාද ගැහැනියගේ මොකක්ද තියෙන අඩුපාඩුව. එයා අංග සම්පූර්ණයි නම් මේ තරගාවලියට ඉදිරිපත් වෙන්න බැරිද? මම හිතන්නේ ඒක හරි පටු අදහසක්. මොකද අද ලංකාවේ දහදෙනෙක් ගත්තොත් නවදෙනෙක් ඩිවෝස්. ඒ වගේම දරුවෝ නිසයි පවුල රැකගෙන ඉන්නේ. ඉතිං සමහරක් පවුල් ඉන්නවා ලෝකයට පේන්න ජීවත්වෙන. නමුත් ඔය හැම දෙයක්ම ඇත්තත් නෙමෙයි. අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනෑ. ඇත්ත ඇති සැටියෙන් කතා කරන්න ඕනෑ. මට වුණ මේ අත්දැකීම මගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් විදිහට තෝරාගන්නවා. අනිවාර්යයෙන් ම මම ලෝකයට ඇහෙන්න හඬක් නඟනවා. සැමියා සමඟ එකතුවෙලා දරුවෝ හදලා ඩිවෝස් වෙලා මුළු ජීවිතයම ඇය වන්දි ගෙවනවා. එතකොට මේ දේවල්වලට කවුද වගකියන්න ඕනෑ. ඩිවෝස් කියන මේ මාතෘකාව ගැන ඇත්තටම මම ලෝක තරගාවලියේදී පවා කතාකරනවා. මේක හරිම අසාධාරණයි. මම ඩිවෝස් නෑ. තවම විවාහකයි. නමුත් ඩිවෝස් වුණ කාන්තාවකට මේ තරගාවලියට සහභාගිවෙන්න පුළුවන්කම තියෙන්න ඕනෑ. ඒක නිසා මේ ඉතිහාසය පුෂ්පිකා ද සිල්වා කියන කෙනා වෙනස් කරනවා.
 
* ලෝක විවාහක රූ රැජින තරගාවලිය අතරතුරදී ඔබට අධිකරණයෙන් තීන්දුවක් ලැබුණොත් දික්කසාදයි කියලා. ඇත්තටම ඉන් ඉදිරියට මොකද වෙන්නේ.?
 
මට ඕනෑ වෙලාවක ඩිවෝස් එකක් ෆයිල් කරන්නත් පුලූවන්. ඉවත් කරගන්නත් පුළුවන්. ඒක මගේ අයිතිය. ඒකට දෙපාර්ශ්වයේම කැමැත්ත තියෙන්න ඕනෑ. තනි අතින් අත්පුඩි ගහන්න බැහැ කාටවත්. මෙතැනදී මගේ කැමැත්ත අනුව තමයි දික්කසාද වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. දික්කසාදයක් තිබුණත් නැතත් මම මේ තරගාවලියට සහභාගි වෙනවා. මම මේ වුණ මහන්සිය කිසිම වෙලාවක අපතේ යවන්නේ නැහැ.
 
* ඇත්තටම මේ තරගාවලියේ දෙවැනි වරට කිරුළ පැළඳි කෙනෙක් මේ වෙලාවේ අපහසුතාවට පත්වෙලා නැහැ නේද? ඒ ගැන පුෂ්පිකාට මොනවාද කියන්න තියෙන්නේ?
 
ඒ ගැන මම ඇත්තටම කියන්න දන්නේ නැහැ. ඇයටත් ඒ වෙලාවේ මේ වුණ දේ ගැන හිතාගන්න බැරිවුණා. මම ඇත්තටම කනගාටු වෙනවා ඇය ගැනත්. මොකද මාවයි ඇයවයි අපහසුතාවට පත්කිරීමක් තමයි සිද්ධවුණේ. ඇයටත් ආත්මගරුත්වයක් තියෙනවා. මටත් ආත්මගරුත්වයක් තියෙනවා. මේ වගේ දේවල් කරන්න කලින් කල්පනා කරන්න ඕනෑ.
 
* පුෂ්පිකා දේශපාලනයට එන්න අදහසක් තියෙනවාද?
 
ඒක තවම තීරණය කරලා නෑ. මොකද ඊට කලින් මට ගොඩක් වගකීම් තියෙනවා ඉටු කරන්න. මම හිතන්නේ ඒ ගැන.
 
* ඇත්තටම දේශපාලනයට එන්න අදහසක් නැතිද?
 
ආසාවල් හැමෝටම තියෙනවානේ.
 
* දැනට තියෙනවාද?
 
දැනට යම්කිසි ............ හිතේ තියෙනවා. දැනට නම් දේශපාලනයට එන්න අදහසක් නෑ. නමුත් ඉදිරියේදී බලමු.
 
* පසුගිය කාලයේ දේශපාලන රැස්වීම්වලටත් සහභාගි වුණා නේද?
 
ඔව් මම ගියා.
 
* නොමිනේෂන් පවා ඉල්ලූවා නේද?
 
නොමිනේෂන් ඉල්ලූවා.
 
* මොකද වුණේ?
 
මොකද මම නොමිනේෂන් ඉල්ලූවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන්. නමුත් පොලොන්නරුව දිස්ත්‍රික්කය කියන්නේ ඇත්තටම තරගකාරී ආසනයක්. හරිම අමාරු ආසනයක්. මේ වෙලාවේ දේශපාලනය ගැන මම වැඩිපුර කතා කරන්න කැමති නෑ. දේශපාලනයට සම්බන්ධ වෙන්න මගේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා. මට අවස්ථාවක් ලැබුණොත් කාන්තාවන් වෙනුවෙන් මම දේශපාලනය කරන්න සූදානම්.
 
* සමාජ මාධ්‍යවල විවිධ මත පළවෙනවා. ඒ ගැන මොනවාද කියන්න තියෙන්නේ.
 
ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. මත පළ කරල යොමු කරන්නත් පුළුවන්. නමුත් මට ඒ දේවල් පිළිගන්න පුළුවන්.
 
* මේ තරගාවලියට ඉදිරිපත්වුණු වෙලාවේ දැනගෙන හිටියේ නැතිද දික්කසාද නඩුවක් තියෙන කෙනෙකුට මේ තරගාවලියට ඉදිරිපත් වෙන්න බැහැ කියන කාරණාව.
 
මේ තරගයේ නීතිය තියෙන්නේ දික්කසාද ගැහැනියකට මේ තරගාවලියට ඉදිරිපත් වෙන්න බැහැ කියලයි කියන්නේ. නමුත් තවම මම විවාහකයි. මම දික්කසාද වෙලා නෑ. දික්කසාද වුණොත් තමයි මේ තරගාවලියට ඉදිරිපත් වෙන්න බැරි. මම මේ හැම දේම ගැන හොයලා බලලා තමයි ඉදිරිපත් වුණේ. පුෂ්පිකා ඔබේ සැමියා අන්තර්ජාලයට පණිවුඩයක් යොමුකරල තියෙනවා, කරුණාකරල මාව ඒවාට අල්ලගන්න එපා. මගේ කිසිම සම්බන්ධයක් නැහැ කියල. ඒක එයත් එක්කම බලාගන්න කියලා.ඉතිං ඇත්තනේ. ඒ මනුස්සයට ඒ මනුස්සයාගේ පාඩුවේ ඉන්න දෙන්න එපායැ. කරදරකරන එක වැරදියිනේ. මම ඇත්තටම සමාජි මාධ්‍යට කියලත් තියෙනවා එක් දරු මවක් කියලා. ඔහු කියලත් තියෙන්නේ මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියක් සිදුවෙනවා කියලනේ.
 
* මේ වෙනකොට ඔබ කැරොලින් ගැන ඉන්නේ මොන වගේ මතයකද?
 
ඇත්තටම මම හිතුවේ නැහැ ඇය ඒ විදිහේ කෙනෙක් කියල. බොරු කියන්න වුවමනා නෑ ඒ හැසිරුණු විදිහ ගැන හරිම කනගාටුයි. ඒකෙන් අපහසුතාවට පත්වුණේ වෙන කවුරුවත් නෙමෙයි ඇය. මම හිතනවා ඇයත් හොඳ පාඩමක් ඉගෙනගත්තා කියලා. මම හිතනවා මේ සම්බන්ධයෙන් ඇය දැනටමත් කනගාටු වෙනවා ඇති කියලා.
 
දිවයින 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top