නාමල් රාජපක්ෂ කියලා කියන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා මෙන්ම, මෙරට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයායි.
ඒ විතරක් නෙවෙයි නිතරම සෞඛ්‍ය ගැන හිතන තරුණ දේශපාලනඥයෙක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.
ඒ් නිසාම ඔහු නිතර සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය කරනවා. ඒ විතරක් නෙවෙයි ඔහු සමාජ මාධ්‍ය තුළ වැඩිම අනුගාමිකයින් සිටින දේශපාලනඥයින් අතර කෙනෙකු ද වනවා.
ඉතිං නාමල් රාජපක්ෂගේ උපන්දිනය අදට යෙදි තිබෙනවා. ඒ වෙනුවෙන් ඔහුගේ පියා මෙන්ම මෙරට අග්‍රාමාත්‍යවරයා වන මහින්ද රාජපක්ෂ හරි අපූරු සටහනක් සිය සමාජ මාධ්‍ය ගිණුමක් වෙත එක් කර තිබුණා.
එය පහතින්...
දයාබර නාමල් පුතේ,
අපේ කැදැල්ලට කුළුඳුලේ දරු සුරතල් රැගෙන බක් මහේ අවුරුදු කුමාරයා මෙන් නුඹ පැමිණි දවස මට අද වාගේ මතක ය.
කාලය තුරඟ පිට නැඟී ගෙවී ගිය ද අපේ ලෝකය සුන්දර කළ පුංචි නුඹේ සොඳුරු දඟකාරකම්, ආදර කියුම් කෙරුම් අදටත් සැනසිල්ලකි.
ඒ පුංචි නුඹ, අද ලොකු මිනිසෙකු වී රට ගොඩනඟන සටනට උර දී සිටිනු දකින්නට ලැබීම මටත් අම්මාටත් මහා සතුටකි. ඒ සතුට මේ රටට ආදරය කරන සෑම හදවතකට ම උරුම කරදෙන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා!
තෙරුවන් සරණයි!
තාත්තා