Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
10
“මාස 04යි සතියයි ඇයට. ඇය තීරණය කරන්න අවශ්‍යයි මං හොඳ තාත්තෙක්ද මං ඇගේ වීරයාද නැද්ද යන වග...” - මේනක රාජපක්ෂ - Photos

- “මාස 04යි සතියයි ඇයට. ඇය තීරණය කරන්න අවශ්‍යයි මං හොඳ තාත්තෙක්ද මං ඇගේ වීරයාද නැද්ද යන වග...” - මේනක රාජපක්ෂ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24 Views
“ඇය අපේ පවුලේ බැඳීම ශක්තිමත් කළා. ඒ වගේම ආදරය වැඩි කළා.”

“මං හැම තිස්සෙම ඇයට හොද තාත්තා කෙනෙක් වෙන්න උත්සාහ කරනවා.”

මේනක රාජපක්ෂ කියන්නේ පුංචි තිරයෙන් ඔබ හමුවුන කවුරුත් ආදරේ රංගන ශිල්පියෙක්. ඒ වගේම "සිංහාවලෝකනය" වැනි චිත්‍රපටි වල ඔහු නිරූපණය කළ චරිතත් හැමෝටම මතකයේ රැඳෙන චරිත බවට පත්වුණා.

මේනක විවාහ වෙලා ඉන්නේ කවුරුත් ආදරේ කරන නෙහාරා පීරිස් සමඟ යි. ඔවුන් දෙන්නාට දැන් පුංචි දුවෙකුත් ඉන්නවා. මේ... මේනක කාලෙකට පස්සේ පුවත්පතක් සමඟ කළ කතාබහක්...

කොහොමද මේ දවස්වල ජීවිතේ?
ජීවිතේ ගොඩක් හොඳයි. පවුලට අලුත් සාමාජිකයෙක් එකතු වුණා. ඒ අපූරු එකමුතුවත් එක්ක පවුලේ සතුට දෙගුණ තෙගුණ වුණා.

කලා කටයුතු කොහොමද?
මගේ පළමු අධ්‍යක්ෂණය විකාශය වෙනවා. අහස් මාලිගා ඇතුළු නාට්‍ය කිහිපයකට මේ දවස්වල රංගනයෙන් දායක වෙනවා.

රංගන ශිල්පියකු වූ පමණින් අධ්‍යක්ෂණය කළ හැකියි කියා ඔබ විශ්වාද කරනවද?
කොහෙත්ම නැහැ. තාමත් මං රංගනය ඉගෙන ගන්නවා. මං දකින කෝණය රූප රාමුවට ගෙන ඒමට කරන අත්හදා බැලීමක් විදිහටයි මං අධ්‍යක්ෂණයට යොමුවන්නේ. නිෂ්පාදකවරයාගේ සහායත් ඒ සඳහා උපරිමයෙන්ම ලැබෙනවා. එය ලංකාවේ බිහි වූ උසස්ම නිර්මාණය විදිහට මං හඳුන්වන්නේ නැහැ. නමුත් පවුලකට එකට වාඩිවෙලා නරඹන්න පුළුවන් හොඳ නිර්මාණයක් විදිහට එය හඳුන්වන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්න, සාමාජීය ප්‍රශ්න එක්ක මිනිස්සු හෙම්බත් වෙනකොට මිනිසුන්ගේ මනසට සැහැල්ලුවක් ගෙන එන්නේ, සුවබර නින්දකට මඟපාදන්නේ මෙම ටෙලිනාට්‍ය.

ඒ අලුත් පිම්ම තුළ ඔබ මුහුණදුන් අභියෝග මොනවාද?
රංගන ශිල්පියෙක් විදිහට යම් චරිතයකට සාධාරණයක් ඉටුකර සෙට් එකෙන් පිටව යනවට වඩා පී්‍ර ප්‍රඩක්ෂන්, ප්‍රඩක්ෂන්, පෝස්ට් ප්‍රඩක්ෂන් යන සියල්ලෙහිම ලොකු වගකීමක් අධ්‍යක්ෂවරයාට හිමිවෙනවා. මේ දවස්වල කොවිඩ් ගැටලුව එකී සංකීර්ණ බව තවත් වැඩිකරනවා. නමුත් රංගන ශිල්පීන්ට, එහි කාර්යමණ්ඩලයට හා ප්‍රේක්ෂකයාට උපරිම සාධාරණයක් ඉටුකරන්න මං උත්සාහ කරනවා.

මේ දවස්වල වැඩිපුරම ජිම් එකේ නේද කාලය ගෙවන්නේ?
මං පසුගිය දවස්වල ගොඩක් තරබාරු වුණා. කිලෝග්‍රෑම් 21කින් මගේ බර වැඩි වුණා. මේ වෙනකොට කිලෝග්‍රෑම් 08ක් අඩු කරගෙන ඉන්නවා. තවත් 13ක් අඩුකර ගත යුතුව තිබෙනවා.

ඒක ෆැමිලි ගෝල් එකක් වගේ නේද?
ඔව් ඇත්තටම.. නෙහාරා තමයි මාව ඒ සඳහා උනන්දු කරන්නේ. මොකද මං ටිකක් කම්මැළියි. නිවාඩු වෙලාවේදී මායි නෙහාරයි දෙන්නම ජිම් එකේ කාලය ගත කරනවා. නෙහාරා ඒ සඳහා ගොඩක් උනන්දුයි. අප්‍රේල් අවසන් වන විට නෙහාරා නැවත කලා කටයුතු සඳහා යොමුවෙන්නයි සූදානම් වෙන්නේ.

ඉදිරියේදී මේනක රාජපක්ෂ අධ්‍යක්ෂණය කරන නාට්‍යයේ නෙහාරා පීරිස් රඟපායිද?
මං අධ්‍යක්ෂණය කළ පමණින් මංවත් මගේ බිරියවත් රඟපාන්න අවශ්‍යයි කියලා මං විශ්වාස කරන්නේ නැහැ. අධ්‍යක්ෂණය තුළ ඇය එක රංගන ශිල්පිනියක් පමණයි. ටෙලිනාට්‍යය මං අධ්‍යක්ෂණය කළාම එහි චරිතයකට මං පණපොවන්නේ නැහැ. මොකද අධ්‍යක්ෂණය කාර්යයත් මං සිදුකරන්නේ අසීරුවෙන්. සැලසුම් සහගතව එකී කාර්යය කළත් මං ගොඩක් වෙහෙසකාරී වෙනවා මානසිකව. ඒ නිසා මං අධ්‍යක්ෂණය කළ නාට්‍යයක නෙහාරාට චරිතයක් තියෙන්නත් පුළුවන් නොතියෙන්නත් පුළුවන්.

පවුලට එකතු වුණු තුන්වැනියත් එක්ක කොහොමද කාලය ගත වෙන්නේ?
ඇය නමින් නේලී නිකොලා රාජපක්ෂ. මාස 04යි සතියයි ඇයට. ඇය අපේ පවුලේ බැඳීම ශක්තිමත් කළා. ඒ වගේම ආදරය වැඩි කළා.

තාත්තා කෙනෙක් විදිහට කොහොමද ඒ වගකීම හිතට දැනේනේ?
මං හැම තිස්සෙම ඇයට හොද තාත්තා කෙනෙක් වෙන්න උත්සාහ කරනවා. ඇය තීරණය කරන්න අවශ්‍යයි මං හොඳ තාත්තතෙක්ද මං ඇගේ වීරයාද නැද්ද යන වග. මවක් කරන ජවනිකාව පියකුට වඩා විශාලයි. නමුත් මගෙන් ලැබිය යුතු රැකවරණය, සෙනෙහස, ආදරය මං ඇයට උපරිමයෙන් ලබාදෙනවා.

ආයෙත් රට යන්න බලාපොරොත්තුවක් තියෙනවද?
ආයෙත් රට යන්න බලාපොරොත්තුවක් නැහැ.

විශ්මි ජයනිකා
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතේ "හදගැස්ම" අතිරේකයෙන්..

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top