Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Apr
10
“එයා කිහිප දෙනෙකුටම කිව්වා, ඉංග්‍රීසි බැරි නම් අයින් වෙන්න කියලා, උද්ධච්ච ස්වරූපයකින් හිටියේ..” - මාරාවේශයෙන් කිරුළ උදුරා ගත් රූ රැජන නාටකයේ සැඟවුණු ඇත්ත කතාව මෙන්න - තිරය පිටුපස සිටි අය හෙළි කළ රහස් - Video

- “එයා කිහිප දෙනෙකුටම කිව්වා, ඉංග්‍රීසි බැරි නම් අයින් වෙන්න කියලා, උද්ධච්ච ස්වරූපයකින් හිටියේ..” - මාරාවේශයෙන් කිරුළ උදුරා ගත් රූ රැජන නාටකයේ සැඟවුණු ඇත්ත කතාව මෙන්න - තිරය පිටුපස සිටි අය හෙළි කළ රහස් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
“ඇය ඒ කාලසීමාවේදී හැසිරුණේ පිස්සුවෙන් වගේ.”

“ඩිවෝස් අයට මේ තරගය තහනම් කියන එක වරින් වර කිව්වා.”

ගෙවී ගිය සතියේ මෙරට ජනප්‍රියම කාන්තා චරිත බවට පත්වුණේ සිද්ධිකා සහ පුෂ්පිකා මෙන්ම කැරොලයින් ජූරිය.

ආචාර්ය සිද්ධිකා සේනාරත්න යනු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරිය. ඇය විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කළ “ජනතාව ටික කලක් වහ කෑවට කමක් නැහැ” යැයි කියන ප්‍රකාශය සමාජ ජාල වෙබ් අඩවි තුළ පතුරු ගැසුණේය.

ඒ සමඟම ඇය කළ අෆ්ලටොක්සින් පිළිකා විස සහිත ආහාර නිපදවන දේශීය සමාගම් හෙළි කිරීමට නොහැකි යැයි පවසමින් කළ අති අසුන්දර කතාව ගැනද ජනතා විරෝධය එල්ල විය.

ආචාර්ය සිද්ධිකා ඒ හෙළි කිරීම නොකළේ දේශීය ව්‍යාපාර හා සමාගම්වලට එයින් එල්ලවන බලපෑම සලකාය. මේ ප්‍රකාශ සම්බන්ධව දැන් ඇයට එරෙහිව විනය පරීක්ෂණයක් කැඳවා ඇති බවද ආරංචිය.

ආචාර්ය සිද්ධිකාගේ සිද්ධිය එසේ මහ බලවතුන්ගේ අවධානයට යොමු වී තිබියදී පුෂ්පිකා සම්බන්ධ ද එවැනිම පසුබිමක් දැන් නිර්මාණය වෙමින් පවතී. ඒ අනුව පුෂ්පිකාට අපහාස කළ, සාපරාධී හිරිහැර කළ 2020 ලෝක විවාහක රූ රැජන වූ කැරොලයින් ජූරි හා ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි චූලා පත්මේන්ද්‍රද දැන් ඉන්නේ නීතිය ඉදිරියේය. කුරුඳුවත්ත පොලිස් පොතේ සඳහන් වී ඇති අන්දමට ඔවුන් දෙදෙනා පුෂ්පිකා ද සිල්වා නොහොත් 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජනගේ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇයට තුවාල සිදුකොට ඇත.

මේ ජුගුප්සාජනක, අප්‍රසන්න සිදුවීම මුළු රටම දැක්කේය. සජීවීව නොදුටු අය සමාජ ජාල වෙබ් අඩවි තුළට ඇතුළු වී තවමත් ඒ අසුන්දර දසුන් නරඹමින් සිටියි. හැබෑවටම එදා, එසේ නම් අප්‍රේල් මස 5 වැනිදා රාත්‍රියේ සිදුවූ මේ අවාසනාවන්ත සිදුවීම අහඹු සිදුවීමක්ද? නැත.

ආරංචි මාර්ගවලට අනුව මේ අප්‍රසන්න සිදුවීමේ මූලාරම්භය ඇති වන්නේ පුෂ්පිකා ද සිල්වා මේ තරගයට ඇතුළු වූ දා සිටය. එදා සිටම ඇයට එරෙහි බලවේග විවිධාකාරයෙන් ක්‍රියාත්මක වී තිබිණි. එය දැනහැඳුනුම්කම් වැඩිවීමෙන් පසුව ඇති වූ මත ගැටුම්වල ප්‍රතිඵලයක් දැයි එම සංවිධාන කටයුතුවල සිටින ඇත්තෝ අදටත් සැක පහළ කරති.

“කැරොලයින් ජූරි තමයි මේ පැජන් එකේ එහෙමත් නැත්නම් මේ තරගාවලියේ තරග තීරකවරිය ලෙස මුල සිටම කටයුතු කළේ. ඇය ඒ කාලසීමාවේදී හැසිරුණේ පිස්සුවෙන් වගේ. උද්ධච්ච ස්වරූපයකින් තමයි කටයුතු කළේ”

“ඇය තරගකාරියන්ට විටෙක කිව්වා ඉංගී්‍රසි බැරි නම් මේ තරගයෙන් ඉවත් වෙන්න කියලා. තවත් වෙලාවක ඩිවෝස් අයට මේ තරගය තහනම් කියන එක වරින් වර කිව්වා.”

“ඇත්තටම තරගයට ඇතුළු වෙද්දී හැම තරග කාරියක්ම කොන්දේසි මාලාවකට යටත් වෙනවා. ඒ කොන්දේසි හොඳින් කියවා බලලා තමයි ඔවුන් ඒකට අස්සන් කරන්නේ. ඉතිං පුෂ්පිකා නෙවෙයි, හැමකෙනෙක්ම ඒ නීතිරීති ගැන දැනුවත්. ඇත්තටම මේ හැම දෙයක්ම කැරොලයින් ජූරි දන්නවා. දැනගෙන මෙහෙම කළ එක තමයි ප්‍රශ්නය."

මෙසේ කීවේ 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගය තුළ කැපීපෙනෙන කාර්යභාරයක් කළ කලා ශිල්පිනියකි.

එසේ නම් කැරොලයින් ජූරි තරගය නිමවීමෙන් පසු වේදිකාවට නැඟ මයික්‍රෆෝනයක් ගෙන කෑ ගසා කියා පුෂ්පිකාගේ ඔටුන්න ගලවා දැමුවේ කාගේ හයියකටද?

“විනිශ්චය මණ්ඩලය මාව ශ්‍රී ලංකා විවාහක රූ රැජන හැටියට තෝරා ගත්තට පස්සේ ඒ ජයග්‍රාහී ඔටුන්න මගේ හිස මත පලඳන්න කටයුතු කළා. නොපෙනුණාට ඒ අවස්ථාවේදීත් මට හිරිහැරයක් වෙන විධියට තමයි ඒක පැලැන්දුවේ. ඒ වෙලාවේ මට අධික වේදනාවක් ඇති වුණා. ඊට පස්සේ බලහත්කාරයෙන් ගලවද්දීත් තුවාල සිදුවුණා. ඇත්තටම මාව අපකීර්තියට පත් කළා.”

එදා 2019 ලෝක විවාහක රූ රැජන එසේත් නැත්නම් කැරොලයින් ජූරි කෑ ගසා රටටම ඇසෙන සේ ප්‍රකාශ කළේ පුෂ්පිකා දික්කසාද වූ ගැහැනියක බවය. ඒ නිසාම ඇයට මෙම කිරුළට හිමිකම් කීමට නොහැකි බවද ඇය උස් හඩින් කීවාය. ඒ අනුව තවත් මොහොතකින් පුෂ්පිකාගේ කිරුළ 2 වැනි ස්ථානය ලැබූ ආශ්‍යා බස්නායකගේ හිස මත රැඳවිණි.

“මට ඒ වෙලාවේ කරන්න තිබුණේ නිශ්ශබ්දව යන එක විතරයි. ඒත් මහා ලොකු දුකක්, වේදනාවක් වගේම ලැජ්ජාවක් මා තුළ තිබුණා. මම දික්කසාද වෙලා නැහැ. ඒත් එදා හිසින් කිරුළ ගලවද්දී ඇතිවුණු තුවාලවලට වඩා “අම්මිගේ ඔළුව තුවාල වෙලා නේද? රිදෙනවද අම්මි” කියලා මගේ පුංචි පුතා අහද්දී මට දැනුණු වේදනාව දරා ගත නොහැකි වුණා”

පුෂ්පිකා එසේ කීවේ කිරුළ අහිමිව සිටින විටදීය.

එදා ලෝක විවාහක රූ රැජන සහ චූලා පත්මේන්ද්‍රගේ මේ අප්‍රසන්න හැසිරීම බොහෝ පාර්ශ්ව මෙන්ම දේශපාලන ක්‍ෂේත්‍රය තුළද කතාබහට ලක්විය. ඊට හේතු වූ කාරණය වූයේ අග්‍රාමාත්‍ය බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙම උත්සවයේ තරග විනිශ්චයට පැමිණ සිටීම නිසාය. එමෙන්ම රෝසි සේනානායක කොළඹ නගරාධිපතිනිය මෙන්ම විපක්ෂ නායක බිරිය ජලනි ප්‍රේමදාස මහත්මිය එහි සිටි නිසාය.

“මම නම් පැනල් එකේ හිටියේ නැහැ. ඒත් මම මේ තරගය දිගටම බැලුවා. පුෂ්පිකා තමයි එතැන කිරුළ දිනිය යුතු කාන්තාව“ එසේ කීවේ රෝසි සේනානායක මහත්මියයි.

කෙසේ හෝ එදා මේ සිදුවූ ගාලගෝට්ටියෙන් පසුව නෙලුම්පොකුණ රඟහලේ බඩු බාහිරාදියටද අලාභහානි සිදු වී තිබිණි. ඒ අනුව විවාහක රූ රැජන තරගය සංවිධානය කළ එම තරගයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ චන්දිමාල් ජයසිංහට රුපියල් ලක්ෂ 5ක පමණ අලාභයක්ද ගෙවීමට සිදුවිය.

“අපි කිරුළ පලඳලා ගියාට පස්සේ තමයි මේ අවාසනාවන්ත සිදුවීම සිදු වී තිබෙන්නේ. ඇත්තටම මේක අපි කාටවත් අනුමත කරන්න බැහැ.”

එසේ කියා තිබුණේ රෝසි සේනානායකය. ඇය අපේ රටට ලෝක විවාහක රූ රැජන පළමු වරට ගෙනා තැනැත්තියයි. මේ නිසාම ඇය මෙම තරගය පවත්වන ලෝක රූ රැජන සංවිධායක මණ්ඩලය සමඟ පවා ඇත්තේ දැඩි හිතවත්කමක්. මේ නිසාම එදා කැරොලයින් සිදුකළ මේ අපකීර්තිමත් ක්‍රියාකලාපයට එරෙහිව ඔවුන් ගන්නා ක්‍රියාමාර්ගය සම්බන්ධව ද විමසා ඇතැයි දැන ගන්නට ලැබිණි. ආරංචි මාර්ගවලට අනුව ඔවුන් ඒ සම්බන්ධව කටයුතු කරන්නේ කැරොලයින් ජූරිගේ ඉදිරි හැසිරීම සලකා බලාය.

ලෝක විවාහක රූ රැජන තරගය පවත්වන එම සංවිධායක මණ්ඩලය දැනටමත් පුෂ්පිකා ද සිල්වාට කනගාටුව ප්‍රකාශ කොට ඇත. එමෙන්ම කැරොලයින් ජූරිට දන්වා ඇත්තේ ඇගෙන් සමාව ගන්නා ලෙසය.

කෙසේ හෝ මේ වෙද්දී මෙම තරගය හා ඊට සම්බන්ධ සිදුවීම පිළිබඳව පොලිස් අත්අඩංගුවට ගත් කැරොලයින් ජූරි හා චූලා පත්මේන්ද්‍ර ශරීර ඇප මත මුදාහැර ඇති අතර එළැඹෙන 19 වැනිදා එම අපකීර්තිමත් සිදුවීම උසාවිය හමුවේ විභාග වීමට නියමිතය.

කුරුඳුවත්ත පොලිසියට ගිය පුෂ්පිකා ද සිල්වා මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට තමා සූදානම් බව පවසා තිබිණි. ඇය ඒ වෙනුවෙන් ඉල්ලා තිබුණේ සාධාරණ ඉල්ලීමකි.

“මට ලොකු පිරිසක් මැද්දේ ඒ අපහාසය වුණේ. ඉතිං කැරොලන්ට පුළුවන් මාධ්‍ය හමුවක් කැඳවලා මගෙන් සමාව ගන්නවා කියලා කියන්න. ඒක මාධ්‍ය ඔස්සේ මිනිසුන්ට දකින්න ලැබේවිනේ. ඒ ඇති."

එහෙත් මේ ඉල්ලීමට කැරොලයින් ජූරි එකඟ වූයේ නැත. ඇය පැවසුවේ සමාව ගැනීමට අදාළව වීඩියෝවක් ලබාදිය හැකි බවය.

කෙසේ හෝ මේ එකඟතාව ඇති කිරීමට කුරුඳුවත්ත පොලිසිය දැඩි උත්සාහයක නිරත වුවත් අවසානයේදී පැය 4ක පමණ කාලයකින් පසුව මේ ප්‍රශ්නය උසාවිය දක්වා ගියේය. දැන් දෙපාර්ශ්වයම ඒ වෙනුවෙන් සූදානමින් සිටියි.

කැරොලයින් හා චූලා එක්ව කළ මේ කිරුළ ගැලවීමේ අප්‍රසන්න සිදුවීම ගැන තරග අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ ද පොලිසිය හමුවේ කටඋත්තරයක් ලබා දී තිබිණි. ඔහු පවසා තිබුණේද සංවිධායක මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඔවුන්ට නොදන්වා මේ අපකීර්තිය සිදුකළ බවය.

“මාස තුනක් අපි මේ තරගාවලිය සැලසුම් කළා. ඇත්තටම ඒ අවස්ථාවලදී මේ වගේ ප්‍රශ්න මතු වුණේ නැහැ” විනර්ස්ලට දැනුම් දීලා කිරුළු පලන්දවලා පැය භාගයක් විතර ගියාම තමයි ඔවුන්ගේ හිතුමතේට මෙහෙම දෙයක් කළේ."

“අපි දන්න විධියට පුෂ්පිකා තවම දික්කසාද වී නැහැ. නමුත් ඔවුන් දෙපැත්තක ජීවත් වෙනවා. එහෙම කෙනකුට මේ තරගයට ඇතුළු වෙන්න සුදුසුකම් තිබෙනවා.”

චන්දිමාල් ජයසිංහ මේ ආකාරයට ප්‍රකාශ කොට කරබාගෙන සිටියේ නැත. ඔහු ඊට පසුදාම (අප්‍රේල් 06) කොළඹ ෂැංගි්‍රලා හෝටලය තුළදී මාධ්‍යවේදීන් ඉදිරියේ යළිත් පුෂ්පිකාට හිමි කිරුළ ලබාදුන්නේය.

එහිදී යළි කිරුළට උරුමකම් කියූ පුෂ්පිකා අපූරු සඳහනක් කළාය.

“මම තවම ඩිවෝස් වෙලා නැහැ. ඒත් අවුරුදු 3-4ක ඉඳලා මම ජීවත් වෙන්නේ දරුවා එක්ක.”

“මගේ මවුපියෝ මාව බලා ගන්නවා. මට උදවු කරනවා.”

“ඇත්තටම ඩිවෝස් වුණාම කියමු. එහෙම ගැහැනියකට මෙහෙම කරන එක හරිද. මම මේ සම්බන්ධව මෙවර පැවැත්වෙන ලෝක විවාහක රූ රැජන තරගයේදී අදහස් දක්වනවා. මම ඒ කාන්තාවන් වෙනුවෙන් පෙනී ඉන්නවා.”

“ඒ වගේම මට ලැබුණු මේ කිරුළ මම පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ දරුවෝ එක්ක තනිවුණු අම්මලා වෙනුවෙන්. කාන්තාවෝ වෙනුවෙන්. මම ඒ පණිවුඩය ලෝකයටම අරන් යනවා.”

යළි කිරුළ දැරූ 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජන මේ හෘදයාංගම අදහස් ගෙනහැර දැක්වූවේ කඳුළු පිරි දෑසින් යුතුවය.

මේ අතර අප්‍රේල් 05 වැනිදා රාත්‍රියේ නෙලුම් පොකුණ රඟහලේදී සිදුවූ මේ නොහොඹිනා අපකීර්තිමත් සිදුවීමට හේතු වූවේ වයින් බී මත්වී සිටි ඇතැමුන් නිසා යැයි සමාජ ජාල වෙබ් අඩවි තුළ දිග හැරෙමින් පවතී. එය එසේ නම් අපේ රටේ වගකිවයුතු කාන්තාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ ජාත්‍යන්තර තරගයක අවසානය අපවිත්‍ර කිරීම සුළුවෙන් සැලකිය යුතු නැත.

අද යුවතියන් හෙට මවුවරුන්ය. ඔවුන් රටකට සමාජයකට ගෙනයන පණිවුඩ තුළ ඇත්තේ මානුෂික බැඳීම්ය. ඒ බැඳීම් අපවිත්‍ර කරන්නන් ගැහැනුකමට පවා නින්දාවකි.

කෙසේ හෝ මෙම තරගයට අදාළ ලෝක බලධාරීන්ගේ පවා අවධානයට පාත්‍ර වී තිබෙන කැරොලයින් ජූරිගේ බාල හැසිරීම නිසාම ඉදිරියේ ඇයට 2019 ලෝක විවාහක රූ රැජන කිරුළ අහිමි වීමට පවා ඉඩ ඇත. ඒ විනාඩි දෙකක් වැනි කාලයක් තුළදී ඇය ළඟාකර ගත් අභාග්‍යය දෛවයේ සරදමක් ලෙස දැන් ඇය පසුපස ලුහුබඳින බැවිනි.

අපේ රටේ සුප්‍රසිද්ධ කාන්තාවක් එසේ විනාඩි දෙකක් වැනි කාලයකදී අවාසනාව ළඟාකර ගනිමින් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ අනාදරයට පත් වෙද්දී පසුගියදා තායිලන්තයේදී පැවැති “මිස් ග්‍රෑන්ඩ් ඉන්ටනැෂනල්” තරගාවලියේදී අපූරුතම සිදුවීමක් වාර්තා විණි. එහිදී මියන්මාරය නියෝජනය කරමින් පැමිණි තරගකාරිය, ඇයට ලැබුණු විනාඩි දෙකක කාලය උපයෝගී කරගත්තේ මේ වනවිට තමන් උපන් රටේ හමුදා පාලනය නිසා ඇති වී තිබෙන අවාසනාවන්ත තත්ත්වය ගැනය. ඇය ප්‍රජාතන්ත්‍ර විරෝධී හමුදා පාලනය අවසන් කිරීමට ලෝකයෙන් උදවු ඉල්ලා සිටියාය.

ඇය මෙම ප්‍රකාශය කළේ කඳුළු සලමිනි. ‘මගේ රටේ මිනිසුන් දවසකට 100කට වඩා මිය යනවා. මගේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා වීදි දිගේ පා ගමන් යනවා. මමත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. අපට ජාත්‍යන්තරයේ සහාය අවශ්‍යයි.’

තම දිවි නොතකා ඇය මේ ආකාරයට ඉල්ලා සිටියේ යුක්තියයි.

අපේ රටේ කැරොලයින් ජූරිලාට මේවා හොඳ ආදර්ශය. පරිපූර්ණ ගැහැනුන් වන්නට මේ දැනඋගත්කම ඔවුන්ට අවශ්‍යය. එහෙත් අවාසනාවකට නැත්තේත් ඒකමය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්..


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top