කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබාදීමට රජය තීරණ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම දීමනාව ලබාදීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ.