අලුත් අවුරුදු සමයේ සමාජ ක්‍රියාකාරකම්වලදී දැඩි ලෙස ආරක්ෂාකාරී වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවට යළි දැනුම් දෙනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය කියා සිටියේ පසුගිය දින කිහිපයේදී වෙළදපොල කටයුතු හා පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී අසතුටුදායක තත්වයක් පැවති බවයි.
ඊයේ දිනයේ තවත් ආසාදිතයන් 228 දෙනෙකු හඳුනාගත් බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 94,564 ක් දක්වා ඉහල යනවා.
මේ අතර ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 2 ක් වාර්තා වූ අතර මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යන්නෙ 595 ක් ලෙසයි.