Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
10
"ව්‍යාඝ්‍රා නිසා ආයු කාලය වැඩි වෙනවද..? - අලුත්ම සොයා ගැනීමේ ඇත්ත නැත්ත මෙන්න

- "ව්‍යාඝ්‍රා නිසා ආයු කාලය වැඩි වෙනවද..? - අලුත්ම සොයා ගැනීමේ ඇත්ත නැත්ත මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,249 Views
ලිංගික බෙලහීනතාවට විසඳුමක් වශයෙන් නිපදවා අලෙවි කරනු ලබන 'ව්‍යාඝ්‍රා ' පිළිබඳ කරන ලද අලුත්ම විදේශීය පරීක්ෂණයකින් සොයා ගෙන ඇත්තේ මේ ඖෂධය මඟින් පිරිමින්ගේ හෘදයාබාධද අවම කරන බවකි. Could Viagra Help Men With Heart Disease Live Longer? ස්වීඩනයේ කැරොලින්ස්කා ආයතනය විසින් කරන ලද නවතම පර්යේෂණයකින් අනතුරුව ඔවුන් 'ව්‍යාඝ්‍රා ' හදුන්වා දී ඇත්තේ ලිංගිකත්වය සමඟ පොර බඳින්නන්ට කදිම ආශිර්වාදයක් වන මේ ඖෂධය ඉන් එහා ගිය ජීවමාන ගුණ හෙළි කරන්නට සමත් වී ඇති බවකි.

ඇමරිකානු හෘදය රෝග විද්‍යාලයේ ජර්නලයේ (Journal of the American College of Cardiology) මෑතකදී ප්‍රකාශයට පත් කෙරුණු මේ ලිපියෙන් අර්ථවත් වූයේ 'ව්‍යාඝ්‍රා 'පානය කරන පිරිමින්ට හෘදයාබාධ, බයිපාස් සැත්කම් වලින් ලැබෙන අඩු ජීවිත කාලය මේ
ඖෂධය පානය කිරීමෙන් වැඩි කරගත හැකි බවකි. ස්වීඩනයේ විසින් සිදුකළ මෙම අධ්‍යයන වාර්තාව (Observation Report) පවසන්නේ මෙතෙක් 'ව්‍යඝ්‍රා ' සම්බන්ධයෙන් පැවැති මතයට හාත්පසින්ම වෙනස් අදහසකි. ඒ 'ව්‍යාඝ්‍රා 'පානයෙන් හෘද රෝග ඇති පිරිමින්ට හෘදයාබාධයෙන් මියයෑම හෝ රෝගයෙන් වන පීඩාව අවම කරන බවකි.
PDE5 නැමැති ලිංගික ප්‍රාණවත් බව ඇතිකරන ඖෂධ ලබා ගැනීමෙන් ආයු කාලය දීර්ඝ කරන බවකි. මේ පිළිබඳ අධ්‍යයනය කළ ස්ටොක්හෝම්හි කැරොලින්ස්කා ආයතනයේ වෛද්‍ය මහාචාර්යවරයකු වන මාටින් හොල්ස්මන් පවසන්නේ ලිංගික බෙලහීනතාවය හෘද රෝග පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක්ද වන බවය. එය එසේ නම් ආශිර්වාදයක් විය හැකිද?
වර්තමානයේ ලංකාවේ ඖෂධ සැල්වලින් වැඩිපුරම අලෙවි ප්‍රධාන ඖෂධයක් වන්නේ 'ව්‍යඝ්‍රා ' ඇතුළු PDE5 නැමැති ලිංගික ප්‍රාණවත් බව ඇතිකරන ඖෂධයය. විවිධ වෙළෙඳ නාම යටතේ අලෙවි වන මෙම 'ව්‍යාඝ්‍රා ' එක් පෙත්තක් රුපියල් 30-40 සිට රුපියල් 700 දක්වාවූ ඉහළ මිල ගණන් යටතේද විකිණෙයි.
වෛද්‍ය උපදෙස් මත ලබා ගත යුතු වූ මේ ඖෂධය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය මතය වන්නේ ඉහත අධ්‍යයන වාර්තාවට එහා ගිය වෙනස්ම වූ වෛද්‍ය මතයකි. ඒ නිසි මාත්‍රාව ඉක්මවා 'ව්‍යාඝ්‍රා' උත්තේජකය භාවිත කිරීම අතුරු ආබාධ ඇතිවීමට බලපෑ හැකිය යන්න තවදුරටත් තහවුරු කරන වෛද්‍ය නියමයයි.
පඩි පේළි දෙකක් නැගීම වැනි සැහැල්ලු ව්‍යායාමයක යෙදෙන විටදී අධික මහන්සියක් හෝ පපුවේ වේදනාවක් දැනෙන පුද්ගලයන් 'ව්‍යාඝ්‍රා 'භාවිත නොකළ යුතු බවට අදටත් වෛද්‍යවරු උපදෙස් දෙති.
මෙම උත්තේජන ඖෂධය පානයෙන් සෑම පුරුෂයන් දස දෙනෙකුගෙන් එක් අයකුට ඇතිවිය හැකි සුලබ තත්ත්ව ලෙස හඳුනාගෙන ඇත්තේ කැරකිල්ල, පෙනීම අපැහැදිලි වීම, දැඩි උණුසුමක් දැනීම, නාසය බරවීම, ඔක්කාරය වන අතර වහා වෛද්‍ය උපදෙස් පැතිය යුතු අතුරු බලපෑම් ලෙස පපුවේ වේදනාව, එකවර පෙනීම අඩුවීම හෝ නැති වීම, ආසාත්මිකතා, සිහි මුර්ඡා වීම පෙන්නුම් කරන බව පවසති.
'ව්‍යාඝ්‍රා' යනු ලිංගික ප්‍රාණවත්බව ඇති කරන PDE5 නැමැති ඖෂධ වර්ගවලින් එකක් පමණි. 'ව්‍යාඝ්‍ර' පානයට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වන්නේ ඉන් අතුරු විපත් ඇති වීමේ ඉඩකඩ බහුලව ඇති නිසාය.
සාමාන්‍යයෙන් හෘද රෝග ඇති අය ලිංගික කටයුතුවල යෙදීමේදී විශේෂ අවධානයක් යොමු කළ යුතුවා සේම වර්තමානයේ මේ පිළිබඳ පර්යේෂකයින් විසින් සොයා ගෙන ඇත්තේ හෘද රෝග ඇති අය ලිංගික කටයුතුවල යෙදීමෙන් ආයු කාලය වැඩිවන බවකි.
නමුත් සමහර අවස්ථාවලදී හෘද රෝගීන්ට, කොලෙස්ටරෝල් අධික රෝගීන්ට ලිංගික කටයුතුවලදී එය දරා ගැනීමට හා වෙහෙසට පත්වීමෙන් අංශභාගය වැනි අතුරු විපත් ඇතිවිය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති. එසේම මෙවැනි රෝගීන්ට ලබා දෙන ඖෂධවල නයිට්‍රේට් සංගටක අඩංගු නිසාද 'ව්‍යාඝ්‍රා ' ලබා ගැනීමේදි වෛද්‍ය උපදෙස් පැතීම අනිවාර්ය වන බව වෛද්‍ය නිර්දේශයයි. එවැනි රෝගවලට ප්‍රතිකාර ලබා ගන්නා අයට 'ව්‍යාඝ්‍රා' පානයෙන් අතුරු විපත් ඇති කළ හැකියි.
වෛද්‍යවරු පවසන අන්දමට ලිංගික ප්‍රාණවත් බව ඇති කරන ඖෂධ PDE5 හා ඇල්ප්‍රොස්ටැඩිල් (alprostadil) නැමැති රුධිර වාහිනී විස්තාරණය කරන එන්නත වශයෙන් දෙවර්ගයක් ඇති බවය.
සාමාන්‍යයෙන් ඇල්ප්‍රොස්ටැඩිල් (alprostadil) ලබා දෙන්නේ 'ව්‍යාඝ්‍රා 'ඇතුළු PDE5 ඖෂධ ලබාදිය නොහැකි වන අය සඳහා පමණක් බවයි, වෛද්‍යවරු පවසන්නේ.
ඉහත අධ්‍යයන වාර්තාව ස්වීඩන්වල සිදු කර ඇත්තේ 2006 - 2013 දක්වාවූ වසර 6 ක කාලයක් තුළදීයි. මේ සඳහා හෘද රෝගින් හා බයිපාස් සැත්කම් සිදුකළ රෝගින් 18,000 ක් යොදා ගෙන ඇති අතර එයින් 16,548 දෙනෙකුට PDE5 නැමැති ලිංගික ප්‍රාණවත් බව ඇතිකරන ඖෂධයේ 'ව්‍යඝ්‍රා ' ලබා දී ඇති අතර ඉතිරි පිරිසට ලබා දී ඇත්තේ ඇල්ප්‍රොස්ටැඩිල් (alprostadil) නැමැති රුධිර වාහිනී විස්තාරණය කරන එන්නතය.
අපේ විශේෂඥ වෛද්‍ය මතය අනුව මේ එන්නත ලබා දෙන්නේ PDE5 ලබා දිය නොහැකි වූ එමෙන්ම හෘද රෝග, දියවැඩියා, පිළිකා වැනි රෝග ඇති අතුරු ආබාධ ඇතිවිය හැකි අය සඳහාය.
පර්යේෂකයෝ සාමාන්‍යයෙන් අවුරුදු හයකට ආසන්න කාලයක් පිරිමින්ගේ සෞඛ්‍යය තත්ත්වය පිරික්සූ අතර ඔවුන් පවසන්නේ PDE5 ලබා ගන්නා පිරිමින්ට ඇල්ප්‍රොස්ටැඩිල් ලබාගත් පිරිමින්ට වඩා 12% අඩු අවදානමක් ඇති බවකි.
මෙම පර්යේෂණය අවසානයේදි ඔවුන් පෙන්වා දුන්නේ වසර 6 ක් තුළ 'ව්‍යාඝ්‍රා ' ඇතුළු PDE5 ලබාගත් අයගෙන් 14% ක්ද, ඇල්ප්‍රොස්ටැඩිල් (alprostadil) නැමැති රුධිර වාහිනී විස්තාරණය කරන එන්නත ලබා ගත් අයගෙන් 26% ක්ද මියගොස් ඇති බවකි. එනම් 'ව්‍යාඝ්‍රා ' ඇතුළු, PDE5 ඖෂධවලින් ආයු කාලය දීර්ඝ කර ඇති බවකි. මේ පිළිබඳව වෛද්‍යවරු පවසන්නේ මෙවන් වූ අසමාන වූ රෝග ලක්ෂණ ඇති කණ්ඩායම් දෙකක් යොදා කළ මේ පර්යේෂණයේ නිගමන පදනම් විරහිත බවකි.
මන්ද ඇල්ප්‍රොස්ටැඩිල් (alprostadil) ලබා දෙන්නේ 'ව්‍යඝ්‍රා ' ඇතුළු PDE5 ලබා දිය නොහැකි රෝග ඇති කණ්ඩායමකට වන හෙයිනි. මේ නිසා අපේ විශේෂඥ වෛද්‍ය මතය වී ඇත්තේ 'ව්‍යාඝ්‍රා ' ඇතුළු PDE5 වලින් අඩු මරණ ඇතිවන බව පැවැසීම මෙවැනි අසමාන කණ්ඩායම් දෙකක් මඟින් නිගමනය කිරීම වැරදි බවයි.
එක්සත් ජනපදයේ ප්‍රවීණයන් දෙදෙනකු පවා පැවසුවේ මෙම සොයාගැනීම් කුතුහලය දනවන අතර වැඩි අධ්‍යයනයක් අවශ්‍ය බවකි.
නිව්යෝර්ක් හි සායනික හෘද රෝග වි‍ශේෂඥ වෛද්‍ය Michael Goyfman පවා පවසා ඇත්තේ ස්වීඩන් සොයාගැනීම් ප්‍රයෝජනවත් වන්නේ න්‍යායන් ජනනය කිරීමට පමණක් බවය.
 
උපුටා ගැනීම - දිවයින පුවත්පත
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top