ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව චීනයේ නිෂ්පාදිත සිනොෆාම් කොරෝනා මර්දන එන්නත මෙරට භාවිත කිරීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.
ඒ, රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ පෙරමුණේ සභාපති ලුවිස් බෙනඩික් ඇතුළු තුන්දෙනෙකු විසින්.
සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා ඇතුළු 24 දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
සිනොෆාම් එන්නතට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නිසි පරිදි ලැබී නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කාර පාර්ශවය අනුමැතියකින් තොරව මෙම එන්නත භාවිතයට ගැනීමෙන් දැඩි අගතියක් සිදුවිය හැකි බවයි වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ අතර, මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 71 දෙනෙකු වාර්තාවී ඇති බව යුද හමුදාපතිවරයා පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 94519ක්.