එම්.ටී. නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවෙන් මෙරට මුහුදේ සිදුවූ තෙල් කාන්දුව නිසා ඇතිවූ සාමුද්‍රික දූෂණය සම්බන්ධයෙන් රුපියල් බිලියන 3.423 ක වන්දියක් ඉල්ලා නීතිපතිවරයා විසින් අදාළ නෞකාවේ හිමිකරුවන් වෙත හිමිකම් අයදුමක් ඉදිරිපත් කර තිබෙනවා.
එම අයදුම ඔවුන්ගේ නීතීඥයන් වෙත යොමුකළ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.