Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
09
“ගම සමග පිළිසඳර” ඉලක්ක සපුරා ගැනීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්

- “ගම සමග පිළිසඳර” ඉලක්ක සපුරා ගැනීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

653 Views
“ගම සමග පිළිසඳර” වැඩසටහනෙන් රජය අපේක්ෂා කරන ඉලක්ක සපුරා ගැනීම හා ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව හා ඵලදායී ලෙස මෙහෙයවීම සහ පසු විපරම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර තිබෙනවා.

 “ගම සමග පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය” ලෙසටයි එය නම් කර ඇත්තේ.

අමාත්‍ය නාමල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් යුත් කාර්ය සාධක බලකායට රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර සිටිනවා.

රාජ්‍ය අමාත්‍යවරුන් වන නිමල් ලන්සා, දිලුම් අමුණුගම, කංචන විජේසේකර, සීතා අරඹේපොළ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර් මස්තාන්, කපිල අතුකෝරල, සංජීව එදිරිමාන්න, නිපුන රණවක, චාමර සම්පත් දසනායක, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, චින්තක අමල් මායාදුන්නේ සහ ජයන්ත වීරසිංහ සෙසු සාමාජිකයන්.

 “ගම සමග පිළිසඳර” ග්‍රාමීය සංවර්ධන කාර්යයන් හා සම්බන්ධිත අවශ්‍ය සියලු තොරතුරු සම්පාදනය හා සම්බන්ධීකරණය භාරව සිටින්නේ ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහයි.

“ගම සමග පිළිසඳර” වැඩසටහනේ දී ජනතාව ඉදිරිපත් කරන ප්‍රශ්න හා ගැටලු විසඳීම වෙනුවෙන් ජනාධිපතිවරයා දෙන උපදෙස් හා නියෝග කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් සහ වෙනත් සියලුම ආයතන ප්‍රධානීන් ද ඇතුළුව ප්‍රාදේශීය මට්ටමේ සියලු නිලධාරීන් සේවා අවශ්‍යතාව මත මෙහෙයවීම කාර්ය සාධක බලකායේ මූලික වගකීමක්.

ප්‍රාදේශීය සභා හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශවල ජාතික මට්ටමේ රාජ්‍ය ආයතන මගින්  2021 – 2023 අය වැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන මාර්ග, පානීය ජල සම්පාදන, විදුලිය, දුරකථන සන්නිවේදන, ක්‍රීඩා පිටි, පාසල්, රෝහල්, වෘත්තීය අධ්‍යාපන ආයතන, නාගරික විශ්ව විද්‍යාල, ඉඩම් පැවරීම්, බැංකු හා මූල්‍ය පහසුකම්, වෙළෙඳ පොළ, ගබඩා හා යටිතල පහසුකම් ව්‍යාපෘති කඩිනම් කිරීම බලකායට පවරා තිබෙනවා.

රාජ්‍ය ආයෝජන වැඩපිළිවෙළ යටතේ දේශීය හා විදේශීය අරමුදල් ඇතිව ක්‍රියාත්මක  සියලුම ව්‍යාපෘති ඉලක්කගත කාලසීමාව තුළ ප්‍රමිතියෙන් යුතුව කඩිනම් කරවීම කාර්ය සාධක බලකායෙන් අපේක්ෂා කෙරෙනවා.

කිසියම් රාජ්‍ය සේවකයෙකු හෝ අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක, සංස්ථාවක හෝ එබඳු ආයතනයක නිලධාරියෙකු කාර්ය සාධක බලකාය පවරන රාජකාරී ඉටු කිරීම ප්‍රමාද කරන හෝ පැහැර හරින හෝ අවස්ථා තමාට වාර්තා කරන ලෙසටයි ජනාධිපතිවරයා කාර්ය සාධක බලකායට නියම කොට විධාන කර ඇත්තේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top