Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
09
පිලිප් කුමරුගේ අවසන් කටයුතු වින්සර් මාළිගයේදී - රැජිණ දින 8ක ශෝක කාලයකට - Photos

- පිලිප් කුමරුගේ අවසන් කටයුතු වින්සර් මාළිගයේදී - රැජිණ දින 8ක ශෝක කාලයකට - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,479 Views
බකිංහැම් මාළිගයේ නවතම ආරංචි මාර්ගවලින් කියූ දේ...!

අභාවප්‍රාප්ත එඩින්බරෝ ආදිපාදවරයාගේ අවසන් කටයුතු වින්සර් රජ මාළිග උද්‍යානයේදී සිදුකරන බව ලන්ඩන් නුවර බකිංහැම් මාළිගයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

එමෙන්ම පිලිප් කුමරුගේ අභාවයත් සමග බ්‍රිතාන්‍යයේ එළිසබෙත් මහ රැජිණ ඉදිරි මාසයක කාලයක් දක්වා වන සියලු රාජ්‍යතාන්ත්‍රික සහ රාජකීය කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම රජ මාළිගයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ එළිසබෙත් රැජිණ අද සිට දින 8ක ශෝක කාලයක් ගත කිරීමට තීරණය කර ඇති බවයි.

වසර 99ක් දීර්ඝ වූ පිලිප් කුමරුගේ දිවි ගමන නිමා වන්නේ වසර 73ක් සිය සෙවනැල්ල මෙන් ළගින් සිටි දෙවන එළිසබෙත් රැජිණගේ 95 වන ජන්ම දිනයට දින 12ක් ඉතිරිව තිබියදීයි.

දෙවන එළිසබෙත් මහ රැජිණගේ ජන්ම දිනය යෙදී ඇත්තේ එළඹෙන අප්‍රේල් 21 වැනි දිනටයි.

බ්‍රිතාන්‍ය මහ රැජිණගේ නොසැලෙන ශක්තිය ලෙස නිරන්තරයෙන් ඇය පසුපසින් සිටි පිලිප් කුමරු රාජකීයත්වයට පත්ව මියයන තෙක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අගමැතිවරු 14 දෙනෙකු සිය සේවා කාලය නිමාකර තිබෙනවා.

පිලිප් කුමරු බ්‍රිතාන්‍ය මහ රැජිණට කෙතරම් ශක්තියක් වුවා ද යන්න ඔහුගේ රාජකාරිය වූයේ පළමුවත් දෙවනුවත් තෙවනුවත් සහ අවසාන වශයෙනුත් මාව කිසිසේත් අපහසුතාවට පත් නොකිරීම යනුවෙන් දෙවන එළිසබෙත් රැජිණ කළ ප්‍රකාශයෙන් තහවුරු වනවා.

බ්‍රිතාන්‍ය රජ පවුල සහ මාධ්‍ය මතු කරන එක් කරුණක් වන්නේ වසර 73ක් සිය සෙවනැල්ල මෙන් සිටි වල්ලභයාගෙන් තොර ඉදිරි කාලය දෙවන එළිසබෙත් රැජිණ කෙසේ සැලසුම් කරාවි ද යන්නයි.

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බව ලන්ඩනයේ බකිංහැම් රජ මාලිගය නිවේදනය කළා.

පසුගිය කෙටි කාලය තුළ තරමක අසනීප තත්වයෙන් පසුවූ පිලිප් කුමරු හෙවත් එඩින්බරෝහි ආදිපාදවරයා මියයන විට 99 වන වියෙහි පසුවුනා.

ලොව පුරා ව්‍යාප්ත වූ කොවිඩ් 19 වෛරසය ද ආසාදනය වූ පිලිප් කුමරු මීට මසකට පමණ පෙර හෘද සැත්කමකට පවා මුහුණදුන්නා.

එහිදී ඇතිවූ සංකූලතාවක් හේතුවෙන් ඔහු දින 28කට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත්තා.

පිලිප් කුමරු එම රෝග තත්වයන් සුවවී සති තුනකට ආසන්න කාලයක් වින්සර් රජ මාළිගයේ විවේක ගනිමින් සිට ඇති බවයි රජ මාළිගයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

දෙවන එළිසබෙත් රැජිණ බ්‍රිතාන්‍යයේ කිරුළ හිමිකරගෙන වසර 5කට පසු 1947 වසරේදී පිලිප් කුමරු සමග ආවාහ වන අතර ඔවුන් දෙදෙනා වසර 73ක කාලයක් අතිශය සාර්ථක විවාහ ජීවිතයක් ගත කළා.

මෙම පරමාදර්ශී එකතුව තුල මේ දෙපළ දරුවන් සිව් දෙනෙක් මුණුබුරු මිණිබිරියන් 8 දෙනෙක් සහ මී මුණුබුරු මිණිබිරියන් 10 දෙනෙකුගේ දරු සුරතල් දකින්නටත් වාසනාවන්ත වුණා.

පිලිප් කුමරුගේ අවසන් මොහොත පිළිබඳ  නිවේදනයක් නිකුත් කරන බකිංහැම් මාළිගාව පවසන්නේ ඔහු අද උදෑසන බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් වින්සර් මාළිගය තුලදී ඉතා සැනසිලිදායක මරණයක් හිමිකරගත් බවයි.

කෙසේවෙතත් පිලිප් කුමරුගේ අවසන් කටයුතු සිදුවන දිනයක් හෝ ආකාරයක් පිළිබඳ මෙතෙක් කිසිදු වාර්තාවක් නිකුත්කර නැහැ.

රාජකීය සම්භවයකින් හෙබි පිලිප් කුමරු උපත ලබන්නේ 1921 ජුනි 10 වනදින ග්‍රීසියේ කොෆූ දිවයිනේදීයි.

ඔහුගේ පියා වන ඇන්ඩෲ කුමරු එවකට ඩෙන්මාර්කය සහ ග්‍රීසියේ රජු ලෙස කිරුළ දැරූ අතර පළමුවන ජෝර්ජ් රජුගේ බාලම පුතණුවන් ද වනවා.

එමෙන්ම පිලිප් කුමරුගේ මව වනුයේ වික්ටෝරියා රැජිණගේ මී මිණිබිරියක වන ඇලිස් කුමරියයි.

බ්‍රිතාන්‍ය රජ කිරුළ දීර්ඝ කලක්ම දැරූ රැජිණියගේ වල්ලභයා ලෙසට පිලිප් කුමරු රාජකීය හමු 22000කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණ කර ඇති අතර සම්පූර්ණ කර ඇති රාජකීය විදෙස් සංචාරයන් ප්‍රමාණයක් 637ක්.

එමෙන්ම මෙම දීර්ඝ දිවි සැරිය තුළ ඔහු විසින් සිදුකර ඇති දේශන සංඛ්‍යාව ආසන්න වශයෙන් 5493ක් ලෙස දැක්වෙනවා.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ වඩාත් ජනාදරයට පත් රාජකීයයා ලෙස ඔහු විවිධ සංවිධාන 800කට ආසන්න ප්‍රමාණයක නිල සහ ගෞරව තනතුරු දරා තිබෙනවා.

Prince Philip (pictured in 2019), the Queen's husband and greatest supporter, has died at Windsor Castle today aged 99The last photograph of Philip with the Queen was in November 2020, where the Duke and Queen looked at their homemade card, given to them by their great-grandchildren Prince George, Princess Charlotte and Prince Louis for their 73rd wedding anniversaryThe Duke of Edinburgh, pictured arriving home at Windsor Castle on March 16 - the final picture of him in publicThe Duke of Edinburgh water-skis in the Med in 1951, shortly before his wife became QueenGood-looking and blond-haired, the Prince of Greece impressed the young Princess by jumping over the college tennis nets at their first publicised meeting. Pictured: Princess Elizabeth and the Duke of Edinburgh in a wedding photograph in 1947The couple were married for 73 years (pictured in a portrait taken to mark the 60th anniversary of The Queen's Accession in 2012)An official notice announcing the death of Britain's Prince Philip, Duke of Edinburgh is placed on the gates of Buckingham Palace in central LondonA long socially distanced queue of mourners lined the pavement outside Buckingham Palace to pay their respects and lay their bouquetsA masked mourner lays flowers at the palace where bouquets piled up in the hours after it was announcedMany of the bouquets contained written tributes, thanking the Duke of Edinburgh for his decades of public serviceA young boy lays flowers in front of the gate of Buckingham Palace in London after the heartbreaking announcement todayA woman arrives to lay a bunch of flowers outside Buckingham Palace in central London on Friday afternoon after the announcement of the death of Prince Philip
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top