දුම්රිය දෙපාර්තමේන්තුව තුලින්ම, නව සාමාන්‍යාධිකාරිවරයෙකු පත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් හදිසි වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නව සාමාන්‍යාධිකාරිවරයෙකු දෙපාර්තමේන්තුවට පිටින් පත් කළ යුතු බවයි.
ඒ අනුව කොළඹින් ගමන් ආරම්භ කරන සියලුම දුම්රිය ගමන් වාර අවලංගුව කර ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.