Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
09
"මම චිත්‍රපටි හයක් ඉවර කළා.. එතකොට දැන් කවුද සාර්ථක කියලා කියන්න.." - රටම බලා සිටින කබඩි චිත්‍රපටියේ අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද කියන කතාව - Photos

- "මම චිත්‍රපටි හයක් ඉවර කළා.. එතකොට දැන් කවුද සාර්ථක කියලා කියන්න.." - රටම බලා සිටින කබඩි චිත්‍රපටියේ අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,612 Views
සම්මානයක්‌ ගන්නවා කියන්නේ කරුමයක්‌ පළදීමක්‌...
 
අවුරුද්දෙන් හොයන මුදල මාසයෙන් හොයන්න පුළුවන්...
 
‘උලත් එකයි පිලත් එකයි’, ‘කොළඹ සන්නිය’, ‘රිටන්ස්’, ‘ෆේස් ටු ෆේස්’, ‘ගෝරි’ සහ ‘සේද මාවතේ’ නම් වූ සිංහල සිනමාවේ ජය කෙහෙළි නැංවූ චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළ තරුණ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ, හර්ෂ උඩකන්දගේ නවතම චිත්‍රපට නිර්මාණය, ‘කබඩි’ ලබන 16 වැනිදා (සිකුරාදා) සිට රිත්මා මණ්ඩලය ඇතුළු සියලූ සිනමා මණ්ඩලයන්හි සිනමා ශාලාවලදී තිරගත වීමට නියමිතය. මේ කතාබහට නිමිත්ත එයය.

ඔබේ හයවැනි සිනමා අධ්‍යක්‍ෂණය ‘කබඩි’. ඒ ගැන පවසමින් මේ කතාබහට ප්‍රවේශ වුවහොත්...
 
 මම සිනමාවේ වේගවත් ගමනක නියැළී සිටින අධ්‍යක්‍ෂවරයෙක් කීවොත් එය  නිවැරැදියි. මාව එවන් තත්ත්වයකට ගෙන ආවේ අපේ රටේ සිනමා ප්‍රේක්ෂකයෝ සහ මා පිළිබඳව විශ්වාසය තැබූ නිෂ්පාදකවරු කීවොත් එය වඩාත් නිවැරැදියි. මගේ නවතම සිනමා අධ්‍යක්‍ෂණය ‘කබඩි’ නිෂ්පාදනය කරන්නේ නිශාන්ත ජයවර්ධන. මේ ඔහු මගේ අධ්‍යක්‍ෂණය යටතේ නිෂ්පාදනය කරන හතරවන චිත්‍රපටයයි. මෙවන් අභියෝගාත්මක කාලයකදී අපේ සිනමාව වෙනුවෙන් නිර්මාණ දායකත්වය ලබා දෙමින් මා කෙරෙහි විශ්වාසය තබමින් ඔහු දක්වන දායකත්වය ඇත්තටම මේ කලාව වෙනුවෙන්ම කරනු ලබන විශාල සේවයක්.
 
 මොකක්ද මේ ‘කබඩි’ කියන්නේ. කවුද ඕකෙ රඟපාන්නේ...
 
 විශාල පිරිවැයක් දරල තමයි ‘කබඩි’ සිනමාවට ගෙනඑන්නේ. රංගන ශිල්පියෝ දාහකට වඩා වැඩි පිරිසක් මේකෙ රඟපානවා. ‘කබඩි’ කියන්නේ ක්‍රීඩකයකු වටා දිවයන කතන්දරයකට. නොසිතන මොහොතක ඔහුට අත්විඳින්නට සිදුවන සිද්ධි දාමයක් මෙහි අන්තර්ගත වනවා. ආදරය, ත්‍රාසය, භීතිය පමණක් නෙවී කුතුහලයත් එක ලෙස ගැබ්ව ඇති මෙම චිත්‍රපටය පවුලේ සැමට හවුලේ බැලිය හැකි පවුලේ කතාවක් කීවොත් වඩාත් නිවැරැදියි. රංගනය වෙනුවෙන් අමිල කරුණානායක, සෙනාලි ෆොන්සේකා, දමිතා අබේරත්න,  ශ්‍රියන්ත ශි මෙන්ඩිස්, දර්ශන් ධර්මරාජ්, පියුමි බොතේජු, නිල්මිණි කෝට්ටේගොඩ, ආනන්ද වික්‍රමගේ, කුමාරි මුණසිංහ, අනුජී රණසිංහ සහ මිනු සිරිවර්ධන ප්‍රධාන භූමිකාවන්ට ජීවය මුසු කරනවා. අපේ රටේ ලස්සනම ලස්සන ස්ථානවලදී තමයි ‘කබඩි’ රූපගත කිරීම් සිදු කළේ.
 
 මේ පවතින තත්ත්වය යටතේ ප්‍රදර්ශනය අරඹා අධ්‍යක්‍ෂවරයකු ලෙස සාර්ථකත්වයට පත් විය හැකි යැයි ඔබ විශ්වාස කරනවාද?
 
 අපට ඒ පිළිබඳව ලොකු විශ්වාසයක් තියෙනවා. ගියවර පාස්කු ප්‍රහාරයෙන් පසුව මුලින්ම සිනමා ශාලාවක තිරගත වුණේ අපේ ‘ගෝරි’ චිත්‍රපටය. එතනදී අපි සාර්ථක වුණා. ඊට පසු කොවිඩ් තත්ත්වයේ පසුබිම යටතේ ‘සේද මාවත’ ප්‍රදර්ශනය කළෙත් අපිමයි. එදත් යම්තාක් දුරකට සාර්ථක වෙන්න අපට පුළුවන් වුණා. දැන් රටේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් පවතින නිසා එදාට වැඩි සාර්ථකත්වයක් ඇතිවෙයි කියල අපට විශ්වාසයක් තියෙනවා. මේ තත්ත්වය යටතේ සිනමාව වෙනුවෙන් වැඩක් කිරීම කොහොමටත් අභියෝගාත්මක වුණත් එය මා සමඟ ගනුදෙනු කරන නිෂ්පාදකයන් බියවීමට කරුණක් කර ගන්නේ නැහැ. 
 
අද චිත්‍රපටයක් හදනවාට වඩා අභියෝගයක්ව පවතින්නේ පෙන්වා ගැනීම. කොහොම වුණත් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ‘කබඩි’ බලන්න ප්‍රේක්ෂකයෝ සිනමාශාලාවට එනවා කියන විශ්වාසය අපට තියනවා. මම එහෙම කියන්නේ මේ චිත්‍රපටය අපේ ප්‍රේක්ෂකයෝ ඉල්ලපු විදිහේ චිත්‍රපටයක් නිසා. අනික අපි මේ සිනමාවේ ඉදිරියට යනවා නම්, අපි නිර්මාණවේදියෝ නම් මේ කර්මාන්තය රැකගනිමින් ඉදිරියට යෑමේ අභියෝගය බාරගත යුත්තේත් අපිමයි. ඒ නිසා තමයි මම සිනමාව ඇතුළේ වේගවත් ගමනක නියැළෙමින් සිටින්නේ. මගේ ඊළඟ චිත්‍රපටය ලබන මාසයේදී ආරම්භ කරනවා. ‘රෙඩ්’ කියලා තමයි එය නම් කරල තියෙන්නේ.
 
 ඔබ කියන ආකාරයට චිත්‍රපටයක් කියන්නේ ‘බිස්නස්’ එකක් වගේ දෙයකට...
 
අනිවාර්යයෙන්ම, චිත්‍රපටයක් කියන්නේ ‘බිස්නස්’ එකක් තමයි. එය ඒ ආකාරයෙන්ම පවතිනතාක් සිනමාව රැඳී තියෙයි. සිනමාව කියන්නේ වෘත්තීය වටිනාකමක් තියෙන වෘත්තියක්. මේ වෘත්තිය හරියට කළොත් අවුරුද්දෙන් හොයන මුදල මාසයෙන් හොයන්න පුළුවන්. මා සමඟ එක්ව වැඩ කරන නිෂ්පාදකවරු මාවම තෝරාගන්නෙ පිස්සුවට නොවෙයිනේ. ඔවුන් දන්නවා සාර්ථකත්වය පිටුපස යන්න. මගේ අධ්‍යක්‍ෂණය කියන්නේ ඒ බලාපොරොත්තු සඵල කිරීම. ඉතිං මම අද සාර්ථකයි.
 
සාර්ථක අධ්‍යක්‍ෂවරයෙක් කියන්නේ සිනමාවේ සම්මානිත වූ පුද්ගලයකුටද මම අහන්නේ ඔබට අනුව...
 
මට අනුව ඒක එහෙම නෙවී. මම මගේ ජීවිතය පුරාවටම සම්මාන බලාපොරොත්තු වෙන්නේ නැහැ. සම්මානයක් ගන්නවා කියන්නේ කරුමයක් පටිසන් දීමක්. මම එයට එක් උදාහරණයක් කියන්නම්. 2016 දී මා සමග තවත් සිනමාකරුවෝ හතරක් මේ ක්ෂේත්‍රයට ආවා. ඒ හතර දෙනාටම ‘මතු බලාපොරොත්තු තබාගත හැකි අධ්‍යක්‍ෂ’ කියන සම්මානය ලැබුණා. මට එහෙම එකක් ලැබුණෙ නැහැ. නමුත් අර අධ්‍යක්‍ෂවරු හතර දෙනාම අදටත් අලූත් චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරලා නැහැ. මම මේ වසර පහක ගමනේදී චිත්‍රපට හයක් අධ්‍යක්‍ෂණය කරල ඉවරයි. හෙට අනිද්දා කරන්නේ හත්වන චිත්‍රපටය. එතකොට දැන් කවුද සාර්ථක මම අහන්නෙ ඔබට අනුව.
 
හොඳයි. කොහොමද ඔබේ පවුලේ තොරතුරු...
 
 මම පවුලේ එකම දරුවා. මම විවාහකයි. මගේ බිරිඳ උපේක්‍ෂා. ඇයත් කලාවට කැමතියි. හැබැයි රඟපාන්නේ මගේ ආරාධනයට විතරයි. ඇය හොඳ ආදරණීය බිරිඳක්.
 
සුජීව තත්සර
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top