අද හිමිදිරියේ සුපුරුදුපරිදි ජාතික ධජය ගාලුමුවදොර කොඩි කණුවේ එසවූ බවත් නමුත් ඉන් ටිකවේලාවකට පසු ඇතිවූ වර්ෂාව හේතුවෙන් එය නැවත ගලවා ඉවත් කළ බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්රකාශකවරවයා අප සමඟ පැවසුවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ වර්ෂාව පවතින අවස්ථාවලදී ජාතික ධජය තෙත්වී කොඩි කණුවේ එතෙන බැවින් එවැනි අවස්ථාවලදී එලෙස ධජය ඉවත්කිරීමට පියවරගන්නා බවයි.
තෙත් වූ ධජය නැවත වියළීමෙන් අනතුරුව යළි එසවීම සාමාන්‍ය ක්‍රියාපිළිවෙත බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.