යුද්ධයේදී දිවි පිදූ ත්රිවිද හමුදා සහ පොලිස් රණවිරු යැපෙන්නන්ගේ සංසදය මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.
ඒ, යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන්ගේ වැටුප් ගැටලුව පොරොන්දු වූ පරිදි විසඳන ලෙස සිහි කැඳවීම සඳහායි. වෙනුවෙන්.
ඊට මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්, ඥාතීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් එක්ව සිටියා. කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටට එක්ව සිටි පිරිස එහිදී විරෝධතාවයක
නිරතවීමෙන් පසු සාමකාමී පා ගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියා. විරෝධතාකරුවන් පා ගමන ආරම්භ කර මඳ දුරක් ගමන් කරද්දී විරෝධතාකරුවන්ට සමගාමීව ධාවනය වූ පොලිස් ජීප් රථයකට ගල් ප්රහාරයක් එල්ල වුණා.
ගල් ප්රහාරය එල්ල කළ පුද්ගලයා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.
උද්ඝෝෂණයට එක්ව සිටි සිංහලේ අපි ජාතික සංවිධානයේ කැඳවුම්කරු පූජ්ය ජබුරේවෙල චන්ද්රරතන හිමියන් ද පොලිස් අත්අඩංගුවට ගැනුණා.
අත්අඩංගුවට ගත් පූජ්ය ජඹුරේවෙල චන්ද්රරතන හිමි සහ අනෙක් සැකකරු රැගෙන ආවේ කොටුව පොලිස් ස්ථානය වෙතයි.
මේ හේතුවෙන් විරෝධතාවට එක්ව සිටි පිරිස ද කොටුව පොලිස් ස්ථානය අසළට රැස් වුණා.
මේ සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්රියාත්මක අතර, අත්අඩංගුවට ගත් පූජ්ය ජඹුරේවෙල හිමි සහ අනෙක් සැකකරු හෙට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.