Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
08
ඩයනා කුමරිය වැඩියෙන්ම ආදරය කළ ගියර් තුනකින් සමන්විත බයිසිකලය ඉහළම මිලකට වෙන්දේසියේ

- ඩයනා කුමරිය වැඩියෙන්ම ආදරය කළ ගියර් තුනකින් සමන්විත බයිසිකලය ඉහළම මිලකට වෙන්දේසියේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,811 Views
ඩයනා කුමරියගේ  යොවුන් නිදහසේ සංකේතය ඇයගේ බයිසිකලයයි . එහෙත් රාජකීය පවුලට සම්බන්ධ වීමත් සමඟ ඇයගේ නිදහස සීමා කෙරිණ. රාජකීය යන්ටත් නිදහස නැතිබවට මීටත් වඩා අටුවා ටීකා අවැසි නොවේ.

නිල් පැහැති එම හුරුබුහුටි බයිසිකලය 1970 දී ඩයනා කුමරියගේ ප්‍රේමවන්තයා මෙන් විය. ඇය එම බයිසිකලය ලන්ඩන් නගරය වටා පැදගියේ යොවුන් වියේ යුවතියක සතු නිදහස උපරිම වශයෙන් භුක්ති විඳිමිනි. ඇය එහි නැඟී, ලන්ඩනය පුරාම සැරිසැරුවාය. මෙම නිල් පැහැ බයිසිකලය 70 දශකයේ අතිශය ජනප්‍රියත්වට පත් ‘රැලේ - ට්‍රැවලර්‘ බයිසිකලයකි.

ඇය 1981 දී චාල්ස් කුමරු සමඟ විවාහ වීමට පෙර කෙන්සින්ටන් හී දී ගෘහස්ථ සහායිකාවක ලෙස සේවය කරමින් සිටියදී මෙම රැලේ ට්‍රැවලර් බයිසිකලය භාවිතා කළාය.

කෙසේ වෙතත් පසුව මෙම බයිසිකලය රජ පවුලේ අය විසින් හඳුන්වන ලද්දේ ‘අපකීර්තිමත් බයිසිකලය’ ලෙසිනි. ඩයනා කුමරියගේ රාජකීය උපදේශකවරුන් පවා එය ‘කුමරියකට නුසුදුසු’ යැයි සැළකීමෙන් පසුව විකුණා දමනු ලැබිණ.

අවසන් වරට එය විකුණා තිබුණේ වසර 2018 දී ස්ටර්ලින් පවුම් 9,000 ක මුදලකටය. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 25 කට ආසන්න විය. අද වන විට කුමරියගේ නිල් බයිසිකලය නැවත වරක් ස්ටර්ලින් පවුම් 20,000 කට (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 54 කට ආසන්න) මුදලකට වෙන්දේසියට දමා තිබේ.

අසූව දශකය මුලදී චාල්ස් කුමරුන් හා විවාහ ගිවිස ගැනීමෙන් පසුව ඇයට මෙම බයිසිකලය පැදයාම තහනම් විය. විවාහ ගිවිසුමත් සමග බයිසිකලය පැදීම නවත්වා දමන ලෙස රජ පවුල ඇයට නියෝග කළේය. පසුව ඇයගේ පියාගේ මිතුරෙකුට රහසේම එම බයිසිකලය විකුණනු ලැබිණි.

ඔහු එම බයිසිකලය ගරාජයක දමා, වසර 27 කට පසුව, 2008 වර්ෂයේ දී පවුම් 211 කට (රුපියල් 58,000 කට) විකිණීමට සමත්විය.
අඟල් 26 ක විශ්කම්භයකින් යුත් රෝද වලින් සමන්විත මෙම බයිසිකලය වේග තුනකින් පැදයා හැකිය. ඒ සඳහා වේගමාන (ගියර්) තුනක් තිබේ. එහි සුළං පොම්පය බයිසිකලයේ රාමුවට සවිකර තිබේ.

මෙවර වෙන්දේසිය මෙම මස අග භාගයේ දී සසෙක්ස් හි බර්ස්ටෝ සහ හෙවට් සමාගම විසින් අන්තර්ජාලය හරහා වෙන්දේසි කරනු ලැබීමට නියමිතය. එසේම මෙම බයිසිකලය වෙන්දේසියට දමා ඇති අය පවසන පරිදි මෙම බයිසිකලය ඩයනා කුමරියට කළ හිංසනයේ ප්‍රසිද්ධ සංකේතයකි.

ඇය සතුව තිබූ ඇයගේ ප්‍රියතම වස්තුවක් ඇයගෙන් ඈත් කිරීමකි. ඒ සමගම ඇයගේ සමාජයේ පෙනී සිටීම පාලනය කිරීමකි.

බයිසිකලය වෙන්දේසියට දමා ඇති අය පවසන්නේ ‘රාජකීයයන්ගේ මතක සටහන්‘ සඳහා මෑත කාලයේදී ඉහළ ඉල්ලුමක් ඇති බවයි.

මලීෂා ගුණවර්ධන
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top