නව ආසාදිතයින් 221ක් හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 93,993ක් දක්වා ඉහළ ගියා.
වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් 178 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර පොකුරේ 12 දෙනෙකු ද ඒ අතර වනවා.
විදේශයන් හි සිට පැමිණි 31 දෙනෙකු නව ආසාදිතයින් ලෙස හදුනා ගැනුණා.
ඒ අනුව තවදුරටත් 2485 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 90,917ක්.
එසේම, ඊයේ දිනයේදී කොරෝනා මරණ 03 ක්ද වාර්තා වීමත් සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 591ක් දක්වා ඉහළ ගියා.