ඉන් ජයග්රහණය කර ඔටුන්න හිමි කරගැනීමට වරම් හිමි කරගත්තා. කෙසේ නමුත් ඇයට එම කිරුළ හිස දරා සිටීමට හැකි වුයේ විනාඩි ගණනාවක් පමණයි.
ආරාධිත අමුත්තන් විවාහක රූ රැජිනියන්ට කිරුළු පළදා වේදිකාවෙන් නික්ම ගිය පසු වේදිකාවට ගොඩ වන හිටපු විවාහක රූ රැජිණවන කැරොලින් ජූරී විශේෂ ප්රකාශයක් කරමින් පවසන්නේ කිරුළු පළන් රූ රැජිණ ඒ සඳහා සුදුසු නැති බවයි.
ඊට හේතුව ලෙස ඈ පවසන්නේ තරඟාවලියේ නීති රීති අනුව ඊට එක්වන සෑම තරගකාරියක්ම විවාහක විය යුතු අතර දික්කසාදය වුවන් නොවිය යුතු බවයි.
ඉන් අනතුරුව විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැලදී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගලවා දෙවැනි ස්ථානය දිනාගත් රුවත්තියගේ හිස පළදන්නේ අවසන් තරඟය නැරඹීමට පැමිණි සියල්ලන් මවිත කරමින්.
මෙම සිදුවීම අන්තර්ජාලය පුරාවටම සංසරණය වන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවයි. පසුව මේ ගැන පුෂ්පිකා ද සිල්වා විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු අතර අවසානයේ කිරුළ ඇයටම ප්රධානය කිරීමට සංවිධායකයින් තීරණය කර තිබුණා.
මේ වන විට මේ ආන්දෝලනාත්මක සිදුවීම ඡාත්යන්තරයේ පවා කතාබහට ලක්ව තිබෙනවා.
විශේෂයෙන්ම ජනප්රිය පුවත් අඩවි දෙකක් වන Dailymail සහ BBC වෙබ් අඩවි මඟින් ද මෙම පුවත වාර්තා කර තිබුණා.
බීබීසී වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ, ජයග්රාහී කිරුළ පුෂ්පිකා ද සිල්වා ට අහිමි කරනු ලැබූවේ ඇය "දික්කසාද යුවතියක්" නිසා වීම බවයි.
කෙසේ වෙතත් ඇය දික්කසාද යුවතියක් නොවන බව සංවිධාhකයන් පැවසුවා යැයි ද බීබීසී වාර්තා කරනවා.
මේ අතර ඩේලිමේල් වෙබ් අඩවිය අදාළ පුවතම එසේ වාර්තා කර තිබුණු අතර, ඔටුන්න ගැලවීම නිසා පුෂ්පිකා ද සිල්වාගේ හිසට හානි වී සිදු ව ඇති බවත් එහි සඳහන්.
එම වීඩියෝ පටයද ඔවුන් සිය වෙබ් පිටුවට එක් කර ඇති අතර ඔවුන් එය "විශ්මයජනක" වීඩියෝවක් ලෙසයි සඳහන් කර ඇත්තේ.
මූලාශ්ර:DailymailBBC