Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
07
පුරප්පාඩු වූ රන්ජන්ගේ මන්ත්‍රී ධුරයට අජිත් මාන්නප්පෙරුම - Video

- පුරප්පාඩු වූ රන්ජන්ගේ මන්ත්‍රී ධුරයට අජිත් මාන්නප්පෙරුම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

963 Views
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිර දඬුවම් නියම වී සිටින රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී පවතින බවට පාර්ලිමේන්තු මහලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැනුම් දී තිබෙනවා.

අද උදෑසන පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ඒ බව සභාවට දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සදහා දිවුරුම් දීමට නියමිතව ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමයි.

ඔහු පසුගිය මහ මැතිවරණයේදී මනාප 47,212ක් ලබා ගනිමින් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ 5 වන ස්ථානය හිමි කර ගනු ලැබුවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හතරක සිර දඬුවම් නියම වී සිටින රංජන් රාමනායක තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය පෙරේදා (05) නියෝග කළා.

මෙම නඩුව අද කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරුමඩුල්ල ඉදිරියේයි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සඳහන් කළේ රංජන් රාමනායකගේ මෙම පෙත්සම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රංජන් රාමනායක ගොනුකළ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කරන බව විනිසුරුවරයා සඳහන් කළා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණා.

සිරදඬුවම් නියම වී සිටින රංජන් රාමනායක සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළ මෙම පෙත්සමෙන් සඳහන් කර තිබුණේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිව් වසරක සිර දඬුවම් නියම වී සිටින තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඔහුට සිර දඬුවම් නියම වී තිබෙන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් බවත් එය අපරාධමය ගණයට අයත් නොවන වරදක් හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බව රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර තිබුණා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා මහත්මිය පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී මූලික විරෝධතා මතු කරමින් පෙන්වා දුන්නේ පෙත්සම්කාර රන්ජන් රාමනායක ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවයි.

එම නිසා අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

ඒ අනුවයි අභියාචනාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දුන්නේ.

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top