සාස්තරයක් ඇසීම සඳහා බියගම පොලිස් වසමේ ශාන්තිකර්ම කරන දේවාලයකට ගිය 28 හැවිරිදි තරුණයකුට ලිංගික අතවරයක් සිදු කිරීමට තැත් කළ එහි දේවගැතියා (කපුව) බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සමගම එහි තිබී කඩු තුනක්ද පොලිස් භාරයට ගෙන තිබුණා.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා කැනඩාවේ සිටින සිය සොහොයුරියට සිදුවී තිබෙන කරදරයක් සම්බන්ධව සාස්තරයක් ඇසීමට ගිය අවස්ථාවේදීයි මෙම අකරතැබ්බයට මුහුණ දී තිබෙන්නේ.
මේ සම්බන්ධව අදාල තරුණයා වහාම බියගම පොලිසියට පැමිණිලි කරඇති අතර ඉන් පසුව දේවගැතියා අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පනස් හැවිරිදි විවාහක පුද්ගලයෙක්.
ඔහු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.