අඛණ්ඩව දශක 2කට වැඩි කාලයක් රුසියාවේ ජනපති ධූරය දරණ ව්ලැඩිමීර් පුටින් තවත් සයවස් වාර දෙකක් ජනාධිපති ධූරය දැරීම සඳහා වන නව නීති කෙටුම්පතකට ඊයේ අත්සන් තැබුවා.
ඒ අනුව 68 වන වියේ පසුවන ජනපති පුටින් 2036 වසර වනතෙක් බලයේ රැඳී සිටීමට අවස්ථාව හිමිවනු ඇති.
රුසියානු ජනපති ප්‍රථම වරට ජනපති ධුරය සඳහා තේරී පත්වූයේ 2000 වසරේ දීයි.