ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2014 ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියේ ශුරතාව දිනා අදට වසර 7ක් සපිරෙනවා.
2014 ලෝක කුසලානයට බංග්ලාදේශය සත්කාරකත්වය ලබා දෙද්දී, අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සමගින් සුදුසුකම් ලබා තිබුණේ අසල්වැසි ඉන්දියාවයි.
මෙම තරගාවලියට පෙර පන්දුවාර 20 ලෝක කුසලාන අවසන් මහා තරග 2කදීම පරාජයන් වැළද ගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, 2011 ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගයේදීත්, ඉන්දීයාව හමුවේම පරාජය වුණා.
ඒ හේතුවෙන් වැඩි පීඩනයක් ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වෙද්දී මෙවර ඉන්දියානුවන් දණගසමින්, ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට සිය කුළුදුල් පන්දුවාර 20 ලෝක කුසලානය සිය දෝතට ගන්නට හැකියාව ලැබුණා.
කෙසේ වෙතත් සත් වසරක පෙර ලොව අංක එකේ පන්දුවාර 20 කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව අභිෂේක ලැබුවත්, මේවන විට අපට සිදුව අත්තේ මෙම වසරේ පැවැත්වෙන ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ වටයකට එක්ව තරගාවලියට එක්වන්නටයි.
ඒ සත් වසරක් යන විට ඇෆ්ගනිස්තානය පවා පන්දුවාර 20 ලෝක කුසලානට සුදුසුකම් ලබා ගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ජගත් පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානය තෙක් පල්ලම් බැසීම හේතුවෙන්.
මෙලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අගාධයට යෑමේ වගකීම භාර ගන්නේ කවුරුන් විසින් ද ?