Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Apr
05
සත් පත්තිනි සෙත් ශාන්තිය වෙනුවෙන් සහල් එක්රැස් කිරීම සාර්ථකව 06 වන දිනටත් - Video

- සත් පත්තිනි සෙත් ශාන්තිය වෙනුවෙන් සහල් එක්රැස් කිරීම සාර්ථකව 06 වන දිනටත් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හිරු ටී.වී. හිරු එෆ්.එම්. එක්ව ගෙන එන සුර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙළයේ අවුරුදු වැඩසටහනට සමගාමීව සත් පත්තිනි සෙත් ශාන්තිකර්මය පැවැත්වීමට නියමිතයි.
 
රටට ජාතියට සෙත් පතා සිදු කෙරෙන මෙම ශාන්තිකර්මය අවසානයේ,දෙවි දේවතාවුන් උදෙසා පිදෙන දේව දානය වෙනුවෙන් මුළු රටෙන්ම අලුත් සහල් පූජා කිරීමේ වැඩසටහන අද 06 දිනටත් ක්‍රියාත්මක වුණා.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත රටට ජාතියට සෙත් පතමින් සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙලයේ අවුරුදු වැඩසටහනට සමගාමීව පැවැත්වෙන සත් පත්තිනි සෙත් ශාන්තිකර්මය අවසානනයේ පිදෙන දේව දානය උදෙසා මුළු රටෙන්ම අලුත් සහල් පූජා කිරීම මේ දිනවල සිදුකෙරෙනවා.
 
දිවයිනේ දිස්ත්‍රික්ක 20ක් ආවරණය කරමින් කණ්ඩායම් 3ක් මාර්ග 3ක් ඔස්සේ විහාරස්ථාන 90කදී දින10ක් පුරා එම කටයුත්ත සිදු කිරීමට නියමිතයි.
 
ඒ අනුව පසුගිය 31 වැනිදා අනුරාධපුරයෙන් ගමන් ආරම්භ කළ නැවුම් සහල් පූජා කරන ශාන්තියේ යාත්‍රාව අද ක්‍රියාත්මක වූයේ ගලේවෙල දේවරුක්කාරාමය, පල්ලේකැන්ද, මැල්සිරිපුර පුරාණ ශ්‍රී රජමහා විහාරය සහ ගොකරැල්ල, ශාන්ත්‍රවින්ද පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින්.
 
කතරගමින් ඇරඹූණු දෙවැනි ගමන් මාර්ගයේ අලුත් සහල් පූජා කිරීමේ කටයුතු හක්මන ශ්‍රී විජයබිම්බාරාමය, කඹුරුපිටිය බටපතත්තල පුරාණ විහාරය සහ අකුරැස්ස ගොඩපිටිය ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් සිදුවුණා.
 
මහියංගනයෙන් ඇරඹි මාර්ගය ඔස්සේ පැමිණි ශාන්තියේ යාත්‍රාවට අලුත් සහල් පූජා කිරීම සිදුකෙරුණේ ගෙලිඔය ශ්‍රී වේළුවනාරාමය, ගම්පොළ ශ්‍රී බුවනෙකබා මහා පිරිවෙන සහ දිගන ශ්‍රී රාජවාලුකාරාමයේදීයි.
 
ශාන්තියේ යාත්‍රාව 7වන දිනටත් හෙට ක්‍රියාත්මක අතර පෙරවරු 8 සිට පෙරවරු 11 දක්වා පිටබැද්දර ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරය, ඉබ්බාගමුව මෙත්තාරාම බෞද්ධ මධ්‍යස්ථානය සහ නාවලපිටිය ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේදී අලුත් සහල් පූජා කළ හැකියි.
 
හෙට දහවල් 12 සිට පස්වරු 2 දක්වා අලුත්සහල් පූජා කළ හැක්කේ දෙනියාය ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය, කුරුණෑගල, බෞද්ධාලෝක විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානය සහ අඹගමුව ශ්‍රී විජයබා පිරිවෙන් විහාරයේදී මොරවක ඊදඬුකිත ශ්‍රී විවේකාරාමය, පොල්ගහවෙල ගනේගොඩ ශ්‍රී පුෂ්පාරාම රජමහා විහාරය
සහ යටියන්තොට ශ්‍රී නන්දනාරාම විහාරස්ථානයේදී හෙට පස්වරු 3 සිට 5 දක්වා ශාන්තියේ යාත්‍රාවට අලුත් සහල් පූජා කළ හැකියි.
 
ඔබේ ගමටත් නගරයටත් පැමිණෙන ශාන්තියේ යාත්‍රාවට සුපිරිසිදුව සකස් කරගත් නොඉඳුල් සහල් මිටක් පූජා කර සත් පත්තිනි දේව මෑණියන්ගේ ආශිර්වාද ලබාගන්නා ලෙස හිරු ටි.වී. සහ හිරු එෆ්. එම්. ඔබට බැතිබරව ඇරයුම් කරනවා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top