සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ සතොස මගින් ලබාදෙන රුපියල් දහසක සහන මල්ල තමන් රු 950 ට පාරිභෝගිකයන්ට ලබාදෙන බව හැටන් ප්‍රදේශයේ වෙළඳුන් සඳහන් කරනවා.
තමන් පාරිභෝගිකයන්ට ලබාදෙන රු. 950 සහන මල්ලට සතොසින් ලබාදෙන ආහාර මල්ලේ තිබෙන භාණ්‍වලට වඩා හොඳ තත්ත්වයේ ආහාර ද්‍රව්‍ය තිබෙන බවයි හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කියා සිටියේ.
පෞද්ගලික අංශයේ වෙළෙඳසල්වලින් ලබාදෙන සහන මල්ලේ ටී.වී.පී පැකට් එකක් රු 25ක් , කෑලි මිරිස් ග්‍රෑම් 100 රු 70ක් , තේ කුඩු ග්‍රෑම් 100 රුපියල් 70ක් , ලුණු පැකට් එකක් රු 40ක් , තිරිගු පිටි කිලෝ එකක් රු 83ක් , හාල් මැස්සෝ ග්‍රෑම් 200 රු 95ක් , සුදු හාල් කිලෝ එකක් රු 93ක් , මයිසුර් පරිප්පු කිලෝ එකක් රු 165ක් , සිනි කිලෝ එකක් 108ක් , රතු සහල් කිලෝ එකක් රු 93ක් ,මාස්ක් එකක් රුපියල් 12 ක් වශයෙන් වශයෙන් ඇතුළත් වනවා.
සතොසින් සහන මල්ල ලබාදිමට ප්‍රථම තමන් එම මිලට සහන මල්ල පාරිභෝගිකයන්ට ලබාදුන් එම සහන මල්ල තමන් අඛණ්ඩව පාරිභෝගිකයන්ටලබාදෙන බවයි හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් වැඩි දුරටත් කියා සිටියේ.
පෞද්ගලික අංශයෙන් රු 950 ට සහන මල්ලක් ලබා දෙද්දි සතොසට මිට වඩා අඩු මිලට සහන මල්ල ලබාදිමේ හැකියාවක් තිබිය යුතු බවද එම ව්‍යාපාරිකයන් පෙන්වා දෙනවා.