Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
05
"දික්කසාද වෙලා හෝ සැමියාගෙන් වෙන් වෙලා ජිවත් වෙනවා නම් විවාහක රූ රැජිණ තරඟයට ඉදිරිපත් වෙන්න බැහැ.." - ඇන්ජලා සෙනෙවිරත්න කියයි

- "දික්කසාද වෙලා හෝ සැමියාගෙන් වෙන් වෙලා ජිවත් වෙනවා නම් විවාහක රූ රැජිණ තරඟයට ඉදිරිපත් වෙන්න බැහැ.." - ඇන්ජලා සෙනෙවිරත්න කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

53 Views
"එයා දික්කසාද කෙනෙක් බව ප්‍රසිද්ධියේම කිව්වනේ, ඒක ජනතාවත් දන්නවනේ.."

"එයාගේ අධිකරණ ලියකියවිලි මගේ ලඟත් තියෙනවා, මම ඒ ගැන එයාලාවත් දැණුවත් කළා.."

ඇන්ජලා සෙනෙවිරත්න කියන්නේ රූපයෙන් වගේම රංගනයෙන් ජනතාව අතරට ගිය චරිතයක්. රූ රැජිණ තරඟ සඳහා බොහෝ මෙහෙයක් කරන ඈ ඒ වෙනුවෙන් නිරන්තරයෙන්ම කතාබහ කරනවා. ඊයේ දින මුළු ලංකාවම කතා කළේ විවාහක රූ රැජිණ කිරුළ ගැනයි. ඒ දික්කසාද වූවා යැයි කියන රුවැත්තියට කිරුළ හිමි වීමයි. විවාහක රූ රැජින තරඟයට සම්බන්ධ වෙන කිසිදු තරඟ කාරිණියකට දික්කසාද ගැහැණියක ලෙස තරඟ කළ නොහැකිද, පවුල දෙකඩ වීම වලංගුද .මේ ගැන කතා කරන්න අපි ප්‍රවීණ රංගන ශිල්පිණි ඇන්ජලා සෙනෙවිරත්න එකතු කර ගත්තා. මේ ඒ කතාබහ ගැනයි.

ඊයේ දින කා අතරත් කතාබහට ලක් වුණේ විවාහ රූ රැජිණ අවසන් මහා තරගයේ සිදු වූ සිදුවීම ගැනයි, දික්කසාද වූ රුවැත්තියක් විවාහ රූ රැජිණ තරඟයට ඉදිරිපත් වෙන්න බැරිද, මුලින්ම ඒ ගැන කතා කරමු..?
කොහෙත්ම බැහැ. ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියට සම්බන්ධ වෙනවා නම් ඇය වර්ථමානයේ විවාහක කෙනෙක් විය යුතුයි. එය තමයි ඒ තරඟයේ ප්‍රධාන නීතිය. විවාහක රූ රැජිණ තරඟයට ඉදිරිපත් වෙද්දී සම්පුර්ණ කළ යුතු අයදුම් පත්‍රයේ පැහැදිලිව සඳහන් කරන්න ඕන විවාහ වුණු දිනය හා විවාහ වූ තැනැත්තාගේ නම. ඒ වගේම කිසිම අධිකරණ කටයුත්තකට සම්බන්ධ නොවීම. මේ කරුණු සම්පුර්ණයි නම් කිසියම් රුවත්තියකට පුළුවන් ඒ තරඟයට සම්බන්ධ වෙන්න.

විවාහය කොළයකට සිමා වී දෙදෙනා දෙපැත්තක ඉන්න රුවත්තියකට ඒ නීතිය වලංගුද..?
විවාහ වෙලා සැමියා බිරිඳ එක්ක එකට එකවහලක් යට ජිවත් වෙන්න ඕන. දෙතැනක ඉන්න බැහැ. විවාහ ජිවිතේ සාර්ථකත්වය නේ එතැන කතා කරන්නේ. ඒ නිසා සාර්ථක පවුල් ජිවිතයක් ගත කිරීම අනිවාර්යයි. එහෙම නැතුව දික්කසාද නොවී දෙන්නා විරසක වෙලා දෙපැත්තක ඉන්නවා නම් ඒත් මේ තරඟය වලංගු නැහැ.

එතකොට කසාද කිහිපයක් සිදු කර තිබීම වලංගුද..?
කසාද කීයක් කරලද කියලා වැදගත් නැහැ. දික්කසාද වෙලා වෙනත් විවාහයකට ගිය එක බලපාන්නේ නැහැ යම්කිසි කෙනෙක් ඒ විවාහයේ ජිවත් වෙන්න ඕන, කෙටියෙන්ම කිව්වොත් සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන්න ඕන. දික්කසාද වෙලා තනිව ජිවත් වෙනවා නම් කොහෙත්ම බැහැ තරඟ නියෝජනය කරන්න. එහෙම තනි කෙනෙක් හැටියට ජිවත් වෙද්දී තරඟ නියෝජනය කරනවා නම් එය තරඟ උල්ලංඝනය කිරීමක්, ඒක නීති විරෝධී ක්‍රියාවක්.

දික්කසාද වූවා යැයි කියන පුෂ්පිකා ද සිල්වා කියන රුවැත්තිය වේදිකාවේ අපහසුතාවයට පත් වෙනවා, ඇයට පැළඳු කිරුළ ගලවා දෙවැනි ස්ථානය හිමි කරගත් රුවත්තියට පලදද්දී, එහි වැරැද්ද කාගේද..?
සම්පුර්ණ වැරැද්ද සංවිධායකයින්ගේ. ඔවුන් නොදැනුවත් කියන්න බැහැ පුෂ්පිකා දික්කසාද වෙලා තනිවම ජිවත් වෙනවා කියලා. ඒක පුෂ්පිකා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා තමන්ගේ දරුවාට අවුරුද්දක් වෙද්දී ඇය දික්කසාද වෙනවා දැන් දරුවාගේ වයස අවුරුදු 4යි කියලා. අවසන් මහා තරඟයට පැය කිහිපයකට පෙර මගේ අතට ආවා පුෂ්පිකාගේ අධිකරණ වාර්තාවක්. මම ඒ ගැන අදාළ සංවිධායකයින්ගෙන් කෙනෙකු දැනුවත් කළා. නමුත් ඔහු මට ප්‍රතිචාර දැක්වුයේ නැහැ. පසුව මම ඒ ගැන මගේ ෆේස් බුක් එකවුන්ට් එකට දැම්මා ජනතාව දැණුවත් කරලා. එහිදී බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වලා තිබ්බා එහෙනම් අද නෙළුම් පොකුණ දෙදරයි කියලා. ඒ වගේම අවසන් මහා තරඟයේදී ප්‍රශ්නයක් මතු වුණා.

මෙතැනදී මම කියනවා පළමු වැරදිකාරිණිය පුෂ්පිකා කියලා. එයා ඇප්ලයි කරද්දී දන්නේ නැද්ද මෙහි තරඟ රෙගුලාසි. එයා හිතාමතාම සියලුම දෙනා රවට්ටලා තියෙනවා. දික්කසාද බව දැනගෙන තරඟයට සම්බන්ධ වෙලා කිරුළ ගන්න එක තමයි එයාගේ අරමුණ. ඒ නිසයි එහෙම කළේ. ඒ වගේම ඒ වරද සංවිධායකයින් අනුමත කිරීමත් වැරදියි.

සංවිධායකයින් තමයි ලෝක විවාහක රූ රැජින තරගාවලිය නියෝජනය කරන පිරිස වෙන්නේ. ජාත්‍යන්තරයටත් මෙය වංචාවක්.

පුෂ්පිකා ද සිල්වා කිරුළ දිනා ලෝක විවාහක රූ රැජින තරඟය නියෝජනය කරන්න අවකාශය ලබා ගත්තා නම් ඇය ජාත්‍යන්තරයෙන් ප්‍රතික්ෂේප වෙනවා..?
එයා හෝ කවුරු හරි ඔය නීති උල්ලංඝනය කරමින් ලෝක මට්ටමින් තරඟ කරන්න ගියා නම් එහිදී ප්‍රතික්ෂේප වෙනවා. මොකද දික්කසාද වෙලා හෝ පවුල් ජිවිතේ අසාර්ථකයි කියන එක මත. එතකොට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක් වෙන එක වෙන්නේ. පුෂ්පිකා ප්‍රසිද්ධියේම කිව්වනේ එයා දික්කසාද කෙනෙක්, සිංගල් පේරන්ට් කෙනෙක් කියලා.

වේදිකාවේ අශිලචාරී ලෙස හැසුරුණු බවට හිටපු විවාහක ලෝක රූ රැජිණ වූ කැරොලින්ට දසතින් චෝදනා එල්ල වුණා, බොහෝ දෙනෙක් පැවසුවේ කිරුළ ගලවා දෙවැනි ස්ථානය හිමි කරගත් රුවැත්තියට ලබා දෙන්න තියෙන අයිතිය මොකක්ද කියලයි..?
එයා වර්ථමාන සංවිධායක ධුරයේ ඉන්න කෙනෙක් වීම එක සුදුසුකමක් , අනෙක් සුදුසුකම ඇය තවමත් ලංකාවේ ඉන්න ලෝක විවාහක රූ රැජිණ. ඒ නිසා ඇයට ඒ අයිතිය තියෙනවා. සුදුස්සාට එය පැළදවීමට. ලිඛිතව තියෙනවා.

හර්ෂණී වීරරත්න





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top