සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුද්දේ උදාවට පෙර සැමට ආශිර්වාද පතා හිරු සංවිධාන කරන සත් පත්තිනි සෙත් ශාන්තිය වෙනුවෙන් අලුත් සහල් එක් රැස් කිරීමේ කටයුත්ත අද 06 වන දිනටත් ක්‍රියාත්මකයි.
සත්පත්තිනි ශාන්තිකර්මය අවසානයේ දෙවි දේවතාවුන් උදෙසා පූජාකෙරෙන දේව දානය වෙනුවෙන් මුළු රටෙන්ම අලුත් සහල් සම්මාදම් කරගැනීම පසුගියදා 31 වනදා ආරම්භ කෙරුණේ අනුරාධපුර රුවන්වැලි මහා සෑය, කතරගම කිරි වෙහෙර සහ මහියංගණය රජමහා විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින්.
සත් පත්තිනි දෙවියන් මුල් කරගනිමින් රටට සහ සියලු පුරවැසියන්ට ආශිර්වාදය ලැබේවා යන ප්‍රාර්ථනයෙන් අප්‍රේල් 14 වනදා මැදියම් රැයේ ඇරඹෙන සෙත් ශාන්තිය අලුයම තුන දක්වා පැවැත්වෙනවා.
ශාන්තියේ යාත්‍රා, අද දින පෙරවරු 8 සිට 11 දක්වා දිගන - ශ්‍රී රාජවාලුකාරාමය, ගලේවෙල දේවරුක්කාරාමය සහ හක්මන ශ්‍රී විජය බිම්බාරාමයේදී අලුත් සහල් සම්මාදම් කටයුතු සිදුකිරීමට නියමිතයි.
එමෙන්ම අද මධ්‍යහ්න 12 සිට පස්වරු 2 දක්වා අලුත් සහල් සම්මාදම් කටයුතු සිදුකරන්නේ ගෙලිඔය - ශ්‍රී වේළුවනාරාමය, පල්ලෙකැන්ද - මැල්සිරිපුර පුරාණ ශ්‍රී රජමහා විහාරය සහ කඹුරුපිටිය - බටපත්තල පුරාණ විහාරයේදියි.
ගම්පොල - ශ්‍රී බුවනෙකබා මහ පිරිවෙණ, ගොකරැල්ල - පොල්ගොල්ල ශාත්‍රාවින්ද පිරිවෙන් විහාරස්ථානය සහ අකුරැස්ස - ගොඩපිටිය ශ්‍රී සුදර්ශණාරාම පුරාණ විහාරස්ථානයේදී අද පස්වරු තුනේ සිට පස්වරු පහ දක්වා අලුත් සහල් සම්මාදම් කටයුතු සිදු කිරීමට නියමිතයි.
ඔබේ ගමටත් නගරයටත් පැමිණෙන ශාන්තියේ යාත්‍රාවට පිරිපහදුව සකස් කර ගත් නොඉඳුල් සහල් මිටක් පූජාකර සත් පත්තිනි දේව මෑණියන්ගේ ආශිර්වාද ලබා ගන්නා ලෙස හිරු ටී.වී සහ හිරු එෆ්.එම් ඔබට බැතිබරව ඇරයුම් කරනවා.