Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
04
“මේ .....ව දවස් 14කට දානවා. උඹට පුළුවන් නම් එළියට ගනින් බලන්න, කිව්වා - කිසිම වෛරයක් නෑ, නිළධාරියා නිදහස් වෙලා එනකන් එයාගේ පවුලේ අය ගැන බලනවා..” - පන්නිපිටියේදී මහා පාරේ රෙස්ලිං ගැසූ පොලිස් නිළධාරියා ගැන, ලොරි රථයේ රියදුරු කරන හෙළිදරව්ව - Video

- “මේ .....ව දවස් 14කට දානවා. උඹට පුළුවන් නම් එළියට ගනින් බලන්න, කිව්වා - කිසිම වෛරයක් නෑ, නිළධාරියා නිදහස් වෙලා එනකන් එයාගේ පවුලේ අය ගැන බලනවා..” - පන්නිපිටියේදී මහා පාරේ රෙස්ලිං ගැසූ පොලිස් නිළධාරියා ගැන, ලොරි රථයේ රියදුරු කරන හෙළිදරව්ව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,432 Views
“මම හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා නවත්තගත්තා වාහනේ.
මුකුත් අහන්නේ නැතුව මට ගහගෙන ගහගෙන ගියා..”

දෙමළ ..... කියලයි මට බැන්නේ.


දිනය පසුගිය මස 29 වැනිදාය. වෙලාව උදෑසන නමය පසුවී තිබුණි. ඒ මොහොත වන විට හයිලෙවල් මාර්ගයේ රථවාහන තදබදයක් තිබුණි.

පන්නිපිටිය මංසන්ධිය ආසන්නයේ මහරගම පොලිසියට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයකු රථවාහන රාජකාරියේ නිරතව සිටියේය. දිනපතාම පාහේ මෙම ස්ථානයේ රාජකාරියේ නිරත වෙමින් සිටියේ මෙම පොලිස් කොස්තාපල්වරයාය.

බොහෝ අය පවසන්නේ මෙම පොලිස් කොස්තාපල්වරයා අකුරටම තම රාජකාරියේ නිරතවන බවයි. එම රථවාහන තදබදය අස්සේ මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාද එම ස්ථානයට පැමිණෙමින් සිටියේය.

ඒ තනියම රාජකාරියේ යෙදෙන පොලිස් කොස්තාපල්වරයාට උදව් කිරීම සඳහාය. පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණෙමින් සිටියේ මාර්ගය මැද පිහිටි පටු මන්තීරුව ඔස්සේය. ඔහුට එසේ ඒමට හැකි වූයේ මග දුරක් පමණි.

එක්වරම පැමිණි බට්ටා වර්ගයේ ලොරි රථයක පැති කණ්ණාඩිය ඔහුගේ වම් අතේ සහ උරහිසේ වැදුණි. ඒ සමඟම පොලිස් ස්ථානාධිපතිවරයා මාර්ගයේ ඇදගෙන වැටුණි.

රාජකාරියේ නිරත වෙමින් සිටි පොලිස් කොස්තාපල්වරයා සහ එම ස්ථානයේ සිටි පිරිසක් මෙම සිද්ධිය දුටුවෝය.
තම ඉහළ නිලධාරියාව අනතුරකට ලක් කිරීම නිසා පොලිස් කොස්තාපල්වරයාට උන් හිටි තැන් අමතක විය. ඒ සමගම ඔහු සිටියේ දැඩි කෝපයකිනි.

වහාම ඔහු ලොරි රථ රියැදුරා දෙසට දිව ගියේය. ඒ වන විට රියැදුරා තම බට්ටා වර්ගයේ ලොරි රථය නවතා අනතුර සිදු වූ ස්ථානය වෙත ඒමට සැරසෙමින් සිටියේය. ඔහුට පැමිණීමට හැකි වූයේ ද මද දුරක් පමණි.

නිල ඇඳුම ඇඟලාගත් පොලිස් කොස්තාපල්වරයා කුලප්පුවූ කුළු හරකෙකු මෙන් රියැදුරු සිටි ස්ථානයට පැමිණ බෙල්ලෙන් අල්ලා ඉතා අමානුෂික ලෙස ඔහුට පහර දුන්නේය. ඒ සමගම එතන සිටි තවත් පුද්ගලයකු පොලිස් කොස්තාපල්වරයා අනුගමනය කරමින් එම රියැදුරාට පහර දුන්නේය.

මේ සිදුවීම කිසියම් අයෙකු විසින් ජංගම දුරකථනය මඟින් රූගත කර තිබුණි. අනතුරුව එය සීඝ්‍ර ලෙස පැතිර යන්නට විය. අදාළ පොලිස් නිළධාරියාගේ වැඩ තහනම් කිරීමට පියවර ගැනෙන්නේ ඉන් අනතුරුවයි. මේ වන විට මෙම නිළධාරියා රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි.

රටක් කතාකළ මේ සිදුවීමට අදාළ ලොරි රථයේ රියදුරු බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වී තිබුණි. අදාළ රියදුරු නමින් කලෙයිමගන් ප්‍රවීන් වන අතර ද්‍රවිඩ ජාතික තරුණයෙකු වන ඔහු තමා මුහුණ පෑ සිදුවීම ගැන, "යූටියුබ්" නාලිකාවක් සමඟ සම්බන්ධ වී හෙළිදරව් කළේ ය.

ඔහු එහි පවසන්නේ, තමන්ට "නින්ද යාම" නිසා මෙම ව්‍යසනයට තමන්ට මුහුණ පෑමට සිදු වූ බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලොරිය රියදුරු ප්‍රවීන්,

"මම බණ්ඩාරවෙල ඉඳන් ඩ්‍රයිවින් කරන් ආපු ගමන්.. මම එළවළු ශොප් එකක් තමයි කරන්නේ. එදා මම පරක්කු වෙලා ආවේ. පාන්දර එකට ආවේ. මහරගම හරියේදී ට්‍රැෆික් එකට සෙට් වුණා. ට්‍රැෆික් එකේ ඉන්නකොට අව්ව සැරට නින්ද ගියා. නින්දේ ඉද්දි මම දන්නෙත් නැතුව මේ දේවල් වුණේ. මට තේරුන් නෑ. ගැට්ටේ වැදුනමයි මට ඇහැරුනේ. එතකොට මගේ වාහනේ ඉස්සරහා එක්කෙනෙක් යටවෙන්න ඔන්න මෙන්න ඉන්නවා කියලා මගේ ඇහැට පෙණුනා. එයාව දැක්ක ගමන් මම ගත්තා ලොරිය.. ලොරිය වැදුන් නෑ එයාගේ ඇඟේ. මම හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා නවත්තගත්තා වාහනේ. බහින්න කලින් තවත් පොලිසියේ කෙනෙක් ඇවිත්, සීට් බේල්ට් එකෙන් ඇදලා ගත්තා මාව. ෂර්ට් එක එයාගේ අතට ගියා අල්ලපු පාර. එයා මුකුත් කිව්වෙත් නෑ ඇහුවෙත් නෑ. කෙළින්ම ගහන්න පටන් ගත්තා. වැටිච්ච කෙනාව කාර් එකකට දාලා යැව්වා. මම මෙයාට වෙච්ච සීන් එක කියන්න කලින් එයා එකදිගට ගහගෙන ගහගෙන ගියා. තවත් කෙනෙක් ඇවිල්ලා මට ගහන්න ගත්තා. තාම ඒකේ අමාරුව තියෙනවා. දෙමළ ..... කියලයි මට බැන්නේ. පොලිසියට එක්කන් ගිහිල්ලත් කෙළින්ම මාව කූඩුවටම දැම්මා. කූඩුවට දාලා මුකුත් කිව්වේ නෑ. මම ඇක්සිඩන්ට් එක ගැන බොස්ට කිව්වා කෝල් කරලා. ඒ තැන කොහෙද කියලවත් මම දන් නෑ. රාළහාමිට දුන්නා මම ෆෝන් එක. මේ ... දවස් 14කට දානවා. උඹට පුළුවන් නම් එළියට ගනින් බලන්න.. එතකොට ඇත්තටම බය හිතෙනවනේ.." සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මේ ලොරි රථ රියදුරුගේ "බොස්" ද සම්මුඛ සාකච්ඡාව හා එක්වෙමින් සඳහන් කළේ, "අපිට ඒ නිළධාරියා සමඟ වෛරයක් නෑ. සිද්ධිය වීඩියෝ කරපු කෙනාට ගොඩක් ස්තුතියි. ඒ නිළධාරියා එක්ක වෛරයක් තරහක් නෑ. එයාටත් පවුලක් ඉන්නවා. එයා එළියට එනකන් ඒ පවුලේ අය ගැනත් බලන්න මම ලෑස්ති..."


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top