Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
04
‘‘සර් අද ඌ ඉවරකළා, හැමදාම කරදරය ඉවසන්න බැහැ...” - සිය අනියම් සැමියා කපා කොටා ඝාතනය කළ කාන්තාව සියල්ල පොලිසියේදී වමාරයි

- ‘‘සර් අද ඌ ඉවරකළා, හැමදාම කරදරය ඉවසන්න බැහැ...” - සිය අනියම් සැමියා කපා කොටා ඝාතනය කළ කාන්තාව සියල්ල පොලිසියේදී වමාරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

73 Views
ගෙවල් මාරු කළාට වැඩක් වුණේ  නෑ..
 
දිනය ඉකුත් 30 වැනිදාය. දහවල කෙමෙන් රාත්‍රිය බවට පත්වෙමින් පැවති මොහොතක්ය. සීගිරිය ගුවන් හමුදා කඳවුරට ආසන්න ස්ථානයක පිහිටි නිවසක් අසලට පැමිණෙන එක්තරා පුද්ගලයෙක්ය. ඔහුගේ හැසිරීම් රටාව තරමක් වෙනස්ය. ආවේගශීලී ලෙස හැසිරෙමින් කටයුතු කරන්නට වූ ඔහු තුළින් දිස්වී ඇත්තේ කළහකාරී හැසිරීම් රටාවක්ය.

තිදරු පියකු වන ඔහු එලෙස හදිසියේ සීගිරිය ප්‍රදේශයට පැමිණෙන්නේ සීගිරිය නැරඹීම පිණිස නොව වෙනත් කරුණක් මුල්කර ගනිමින්ය. දුරදිග ගිය අනියම් ඇසුරක පහස සොයා සීගිරිය ප්‍රදේශයට පැමිණෙන ඔහුගේ ජීවිතය ඊට ටික වේලාවකට පසුව විනාශයට පත්වන්නේය. එම විනාශය සිදුකරන්නේ ඔහුගේ අනියම් පෙම්වතිය විසින්ය. තියුණු ආයුධයකින් පහරදී එම පුද්ගලයාව ඝාතනය කරනු ලබන එම සැකකාරිය ඉන් අනතුරුව තම නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා සමග ගොස් සීගිරිය පොලිසියට භාරවිය. දෙදරු මවක් වන ඇයගේ ලෝකය කලක් ඇයගේ දරුවන් දෙදෙනාටත් ස්වාමි පුරුෂයාටත් පමණක් සීමාවී ඇත. මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිටිමින් එලෙස කාලය ගතකරන සුරංජිගේ ජීවිතයට පිටස්තරයකුගේ පැමිණීම සිදුවන්නේ ඔය අතරතුරය. තම ස්වාමි පුරුෂයා රැකියාව පිණිස නිවසින් බැහැරව සිටින අවස්ථාවේදී එලෙස හඳුනා ගන්නා පිටස්තර පුද්ගලයා හා සුරංජි අතර අනියම් පෙමක් දලූලන්නට ගන්නා අතර එය රහසක් සේ පවතින්නේ ඉතාමත් කෙටි කලක් පමණය. තම බිරිඳ වෙනත් පුද්ගලයෙක් සමග හොර රහසේ පෙම් සුව විඳින බව දැනගන්නා සුරංජිගේ නීත්‍යානුකූල පුරුෂයා එය නතර කරන ලෙස කීප වරක් ඇයගෙන් ඉල්ලා සිටින අතර ඒ සඳහා ඇයගෙන් යහපත් ප්‍රතිචාර හිමිවී නැත. ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර ද නිතර අඬදබර ඇතිවන්නට ගන්නා අතර අවසානයේදී ඇගේ සැමියා විසින් ඉල්ලා සිටින්නේ දරුවන් දෙදෙනාගේ අනාගතය ගැන සිතා හෝ එම සම්බන්ධය නතර කරන ලෙසය. ඒ වන විට සුරංජි හා අනියම් ඇසුරක් පැවැත්වූ පුද්ගලයා පිළිබඳවත් ඔහුගේ පවුල් සාමාජිකයන්ගේ තොරතුරු ආදිය ගැනත් සුරංජිගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා විසින් සියලූ තොරතුරු හෙළි කරගෙන තිබුණි.
 
 ඒ අනුව ඔහු ද මැල්සිරිපුර ප්‍රදේශයේම පදිංචිකරුවකු බවත් දරුවන් තිදෙනකුගේ තාත්තා කෙනකු වන ඔහු තම දරුවන් හා බිරිඳගෙන් වෙන්ව වෙනම ජීවත් වන අයකු බවත් එම තොරතුරු ආදියෙන් සනාථව පැවතුනි. ඒ අනුව විවිධ හැලහැප්පීම් මැද පවුල් ජීවිතය පවත්වාගෙන ගොස් ඇති ඔහු සුරංජි සමග අනියම් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමත් එය දිගින් දිගටම පවත්වාගෙන යෑමත් හේතුවෙන් ගුවන් සෙබළාගේ එකම අරමුණ බවට පත්ව ඇත්තේ කෙසේ හෝ මෙම සම්බන්ධතාවය නිමා කොට තම බිරිඳ තවදුරටත් තමන් හා එක්ව ජීවත්වනු දැකීමය. ඒ අනුව මීට ටික කලකට එපිට තම පදිංචිය වෙනස් කරන ගුවන් හමුදා සෙබළා තම බිරිඳ හා දරුවන් දෙදෙනා සමග දඹුල්ල ප්‍රදේශයේ එක්තරා ස්ථානයක් පදිංචිය පිණිස තෝරා ගන්නේය. එතෙක් පැවති කරදරය දැන්වත් නිමාවනු ඇතැයි යන අපේක්‍ෂාවෙන් ඔහු විසින් එම තීරණය ගෙන ඇත. එහෙත් එහිදී ද සිදුවන්නේ ඔහු කිසිසේත් අපේක්‍ෂා නොකළ සිදුවීමක් ය. තම අනියම් පෙම්වතිය දඹුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින බව දැනගත් එම පුද්ගලයා ඇය සොයා දඹුල්ල ප්‍රදේශයට පැමිණ ඇති අතර එහිදී ඔහු විසින් සුරංජිට පවසා ඇත්තේ ඇය නැතුව ඔහුට ජීවත්වීමට නොහැකි බවත් තමන් සමග නැවත මැල්සිරිපුර ප්‍රදේශයට පැමිණෙන ලෙසත් ය. ඒ වනවිට සුරංජිගේ සිතේ ඔහු පිළිබඳ උපන් අනියම් පෙම කෙමෙන් කෙමෙන් පහව යමින් තිබී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස දිනක් සුරංජි සිය නීත්‍යානුකූල සැමියා අමතමින් සඳහන් කර ඇත්තේ එම අනියම් පෙම හේතුවෙන් තමන් මහත් දුෂ්කරතාවට පත්ව ඇති බවත් පදිංචිය වෙනස් කිරීම ඒ සඳහා සුදුසු විසඳුමක් නොවූ බවත්ය. ඒ අනුව ඇයගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා නැවත වතාවක් පදිංචිය වෙනස්කොට තම සේවා ස්ථානය ආසන්නයේ පිහිටි නිවසක් පදිංචිය පිණිස තෝරාගෙන ඇත. එම නිවස පිහිටා ඇත්තේ සීගිරිය ප්‍රදේශයේය.
 
 ඉකුත් දිනක එම නිවස සොයා පැමිණෙන සුරංජිගේ අනියම් පෙම්වතා එහිදී ද දිගින් දිගටම ඇයට බලපෑම් කර ඇත්තේ තමන් සමග පැමිණෙන ලෙසය. එම ඉල්ලීම තරයේ ප්‍රතික්‍ෂේප කරන සුරංජි එහිදී ඔහුට බැණ තර්ජනය කරන අතර එතෙක් කලක් පැවති අනියම් පෙම වෛරයක් බවට පත්වන්නේ එම බැණවැදීම් අතරතුරය. ක්‍රමයෙන් එය පහර දීමක් දක්වා දුරදිග යන අතර එහිදී යක්ෂණියක් සේ කෝපයට පත්වන සුරංජි තියුණු ආයුධයකින් සිය අනියම් සැමියාට පහර පිට පහර එල්ල කොට ඇත. දෑත්වල තැවරුණු ලේ පැල්ලම් සමග අඹුසැමි යුවළක් වක් පිහියක්ද රැගෙන සීගිරියට පැමිණෙන්නේය. ‘‘සර් අද ඌ ඉවරකළා” හැමදාම කරදරය ඉවසන්න බැහැ. පදිංචිය වෙනස් කරලා සීගිරිය නව නගරයට ආවේ කරදරෙන් බේරිලා ජීවත්වෙන්න බලාගෙන. ඊයේ රෑ ඉඳන් මට කරදර කරනවා.” ඒ කාන්තාවගේ හඬයි.
 
 කාන්තාවගේ හඬට අනුම්කන් දුන් පොලිස් ස්ථානාධිපති උපාලි කොබ්බෑකඩුව මහතා තවත් පොලිස් නිලධාරීන් පිරිස හා අඹු සැමි යුවළද සමග සීගිරිය නව නගරයේ සිද්ධිය වූ ස්ථානයට ඔවුහු පැමිණියහ. සීගිරිය - තල්කොටේ මාර්ගයට යාබදව මාර්ග රක්ෂිත කොටසේ හැඩිදැඩි පිරිමි පුද්ගල මළසිරුරක් සොයා ගත්හ.
 
 මියගිය පුද්ගලයා මැල්සිරිපුර, නෑබඩ පදිංචි 36 හැවිරිදි අනුෂ උදය කුමාර බවට පොලිසිය හඳුනාගනියි. ඔහුට දරුවන් තිදෙනකු සිටියි. මියගිය පුද්ගලයා දරුවන් හා බිරිඳ අතහැර වෙනම නිවෙසක ජීවත්ව සිට ඇත. ඔහුට ස්ථිර රැකියාවක් නොමැත. ඔහුගේ දෛනික වියදම් සොයා ගැනීමට විවිධ රැකියාවන් කළ බව පැවසේ. මැල්සිරිපුර, නෑබඩ පදිංචි රාජපක්ෂ පතිරන්නැහැලාගේ සාලිය 40 හැවිරිදිය. ඔහුගේ බිරිඳ සුභසිංහ ආරච්චිලාගේ සුරංජි 39 හැවිරිදිය. ඔවුන් දෙදෙනාට පාසල් යන වයසේ පසුවන දරුවන් දෙදෙනකි. සාලිය ගුවන් හමුදා සෙබළෙකි. ඔහු සේවය කරන්නේ සීගිරිය ගුවන් හමුදා කඳවුරේය.
 
 තමා කලක් ආදරය කළ පසුව ඒ ආදරය කළ උදය කුමාර තමාටම කරදරයක් වූ සැණින් හිතට එඩිය ගෙන උදයගේ ප්‍රාණය නිරුද්ධ කරන්න ගතවූයේ නිමේෂයකි.
 
 සෙබළ සාලියත් සුරංජි යන දෙදෙනාම පොලිසියට බාරවන්නේ එම සිදුවීමෙන් පසුවය. පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ඔවුන් දෙදෙනා දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 9 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ නියෝගය මත දඹුල්ල රෝහලේදී පැවැත්විණි. පී. සී. ආර්. පරීක්ෂයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළසිරුර මියගිය පුද්ගලයාගේ ඥාතීන්ට භාර කෙරිණි. සීගිරිය පොලිස් ස්ථානාධිපති උපාලි කොබ්බෑකඩුව මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදුකරයි. සුරංජිගේ නිවස ආසන්නයේ වෙනත් ස්ථානයකදී මෙම පහරදීම සිදුකොට ඇති අතර ඉන් අනතුරුව සිය නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා ද සමග ඇය ගමන් කරනු ලබන්නේ සීගිරිය පොලිස් ස්ථානය වෙතය. එහිදී පොලිසිය හමුවේ ඇය විසින් සඳහන් කර ඇත්තේ තම අනියම් පෙම්වතා විසින් දිගින් දිගටම සිදුකරන බලපෑම් හමුවේ ඇතිවූ ආරවුලක් හේතුවෙන් එම ඝාතනය සිදු කළ බවය.
 
 රුවන් ජයවර්ධන
 දඹුල්ල - සරත් එරමිණිගම්මන
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top