Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
04
"වීඩියෝ එක අක්කට පෙන්නනවා ඒ නිසා දඟලන්නේ නැතුව අපි කියන දේ කරන්න..." - එකම පංතියේ සිය මිතුරියගෙන් ලිංගික අල්ලස් ගත් පාසල් සිසුන් දෙදෙනාට වැඩ වැරදුණු හැටි මෙන්න

- "වීඩියෝ එක අක්කට පෙන්නනවා ඒ නිසා දඟලන්නේ නැතුව අපි කියන දේ කරන්න..." - එකම පංතියේ සිය මිතුරියගෙන් ලිංගික අල්ලස් ගත් පාසල් සිසුන් දෙදෙනාට වැඩ වැරදුණු හැටි මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19 Views
මෙතන බබා වෙන්න එපා. කෙලින්ම අපි ඉල්ලන්නේ ලිංගික අල්ලස්..
මලීෂ එක්ක නටපු නාඩගම් අපි වීඩියෝ කළා..
 
කැකිරාව ප්‍රදේශයේ පදිංචි තරිඳු සහ චමත් ගජ මිතුරන්ය. වයස අවුරුදු පහළවකි. ඔවුහු එම ප්‍රදේශයේ එකම පාසලක එකම පන්තියක අධ්‍යාපනය හැදෑරූහ.
 
 දෙදෙනා පාසල් ගියේ, සෙල්ලම් කළේ, ගමන් බිමන් ගියේ එකටයි. එවැනි නොයෙක් දෑ එකට කළ ඔවුහු සුළු මොහොතකට හෝ වෙන් වූයේ රාත්‍රි කාලයේදීය. ඒ නිදාගන්නා විට පමණි.

සඳුනි පාසල් සිසුවියකි. ඇය චමත්ලාගේ වයසේම පසුවූවාය. අධ්‍යාපනය හැදෑරුවේ ද චමත්ලා යන පාසලේ එකම පන්තියේය. දැනට වසර කිහිපයකට ඉහත දී සඳුනිගේ මව මෙලොව අතහැර ගියාය. ඉන්පසු ඇය හැදී වැඩුණේ තම අක්කා ළඟයි. ඇයගේ අක්කා පදිංචිව සිටියේ තරිඳුගේ නිවස ආසන්නයේය. සඳුනි දැනට මාස කිහිපයකට පෙර ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගත්තාය. ඒ මලීෂ සමගයි. මලීෂ ද ඇයගේ වයසේ පසු වූ අතර එකම පංතියේ එකම පාසලේ ඉගෙන ගත්තේය. කාටත් හොරා ඇරඹුණු මෙම ප්‍රේම සම්බන්ධතාවය කලක් යද්දී එම පන්තියේ සැවොම පාහේ දැන ගත්හ. දිනක් පාසල නිමවී නිවෙස් බලා යන තරිඳු සහ චමත් මෙලෙස කතාබස් කළහ.
 
 ”මචං තරියා මම උඹට කතාවක් කියන්න හිටියේ.”
 
 ”මොකක්ද චමා ඒ.”
 
 ”සඳුනි උඹලගේ ගෙවල් ළඟ ද ඉන්නේ.”
 
 ”ඔව් ඉතින් අර අපේ මලියගෙ කෙල්ලනේ.”
 
 ”ඔව් බං ඒකි තමයි.”
 
 ”ඉතින් ඇයි ඒකි ගැන අදහසක් වත් පහළ වුණාද?”
 
 ”කාටද බං තරියා අදහසක් පහළ නොවෙන්නේ ඒකිව දැක්කාම.”
 
 ”ඒත් දැන් උඹ ප්‍රමාදයි චමා.”
 
 ”ඇයි එහෙම කියන්නේ. අපි තවමත් ප්‍රමාද නැහැ.”
 
 ”උඹට පිස්සුද බං ඒ මලියගෙ කෙල්ලනේ. ඌ දැනගත්තොත් මොනවා හිතෙයිද.”
 
 ”මේ අහපන් මම කියන දේ හොඳට. අපිට ඒකිත් එක්ක යාළු වෙන්න ඕනේ නැහැ.”
 
 ”එහෙනම් මොන මඟුලක්ද කියන්නේ මට තේරෙන්නෑ.”
 
 ”මෙන්න මේකයි කතාව. හොඳට අහගනින්.”
 
 ”ආ එහෙනම් කියපන් බලන්න උඹගෙ ඔය මහ ලොකු කතාව.”
 
 ”ඒක මට විතරක් නොවෙයි දෙන්නට වැඩක් තියෙන එකක්.”
 
 ”වැල්වටාරම් නොකියා කියහන්කො බං දැන්වත්.”
 
 ”එහෙනම් හොඳට අහගනින්. අපි මලියයි සඳුනි කතා කරනවා හොරෙන් වීඩියෝ කරමු.”
 
 ”ඒ මොකටද බං චමා උඹට පිස්සුද?”
 
 ”මට පිස්සු නැහැ ඉතුරු ටිකත් අහගනින්කො. එහෙම වීඩියෝ කරලා අපි සඳනිව බය කරන්න ඕනා.”
 
 ”ඒ අහවල් මඟුලකටද බං.”
 
 ”මඟුල මම කියන්නම්කො වීඩියෝ කරගත්තට පස්සේ.”
 
 ”පස්සේ නෙමෙයි දැන් කියපන් ඉතුරු ටිකත්.”
 
 ”ඊට පස්සේ ඒ වීඩියෝ එක පෙන්නලා අපි ඒකිව බය කරනවා.”
 
 ”ඒකිව බය කරල මොනව ගන්නද බං.”
 
 ”ගන්න දේවල්ද නැත්තෙ ඒකිගෙන්.”
 
 ”උඹට නම් පිස්සු හැදිලද කොහෙද ඊට වඩා මලියා අපේ යාළුවනේ.”
 
 ”අනේ උගේ යාළුකම. මට ඕකව පෙන්නන්න බැහැ. ඒකයි මෙහෙම කරන්න හිතුනෙ.”
 
 ”කොහොම කරන්නද?.”
 
 ”වීඩියෝ කරන්න.”
 
 ”වීඩියෝ කරලා මලවලා කන්නද?”
 
 ”නැහැ බං ඊට පස්සේ අපි ඒ වීඩියෝ එක ගෙදරට පෙන්නනවා කියලා සඳනිව බය කරගෙන අපිට ඕන දේවල් අපි කරගන්නවා.”
 
 ”මොනවා කර ගන්නද ඒකිගෙන්.”
 
 ”අනේ තරියා මෙතන බබා වෙන්න එපා. කෙලින්ම අපි ඉල්ලන්නේ ලිංගික අල්ලස්.”
 
 ”උඹ මේ හිරේ ලගින වැඩ කරන්න හදන්නේ මට නම් බෑ ඕවට එන්න.”
 
 ”උඹට පිස්සුද බං මම ඒ වගේ චාටර් වන ගේම් ගහනවද? අනිවාර්යෙන් සඳුනි වීඩියෝ එක දැක්කහම බය වෙනවා.”
 
 ”උඹ දැන් කියන්න ඔය වීඩියෝ එක පෙන්නුවහම සඳුනි බය වෙලා අපිට ඕන දේවල් සේරම දෙනවා කියලා.”
 
 ”ඔව් අනිවාර්යෙන්ම ඒකිගෙන ඕන දේවල් අපිට ගන්න පුළුවන්.”
 
 ”අනේ මන්දා මට නම් විශ්වාසයක් නැහැ.”
 
 ”බය නැතුව හිටපන් හෙටම අපි වැඬේට බහිමු. ඊට පස්සෙ බලමු සඳුනි අපිට ඕන පදයෙන් තමයි නටන්නෙ. මලියා ලව් කරනවා අපි ආ.... ගන්නවා.”
 
 ”බලමුකො බලමුකො එහෙනම්.”
 
 දෙදෙනාගේ කතාව එලෙස අවසන් විය.
 
පසු දින උදාවිය. චමත් සහ තරිඳු එදින පාසල් පැමිණියේ නවීන පන්නයේ ජංගම දුරකථනයක් ද රැගෙනයි. ඒ මලීෂ සහ සඳුනි පෙම්බස් දොඩන අයුරු වීඩියෝ කර ගැනීමටයි. එදින දවස පුරා විපරමින් සිටියත් ඔවුන් දෙදෙනා පෙම්බස් දොඩන අයුරු ඔවුනට වීඩියෝ කර ගත නොහැකි වූහ.
 
 චමත් සහ තරිඳු උත්සහය අතහැරියේ නැත. දින කිහිපයක් මලීෂ සහ සඳුනි පෙම්බස් දොඩ වන අයුරු විපරම් කරමින් සිටියහ. එලෙස එක් දිනක් උදා විය.
 
 එදින පාසලේ ශ්‍රමදානයකි. ගුරුවරුන්ගේ අවධානය තිබුණේද ශ්‍රමදානය කෙරෙහිය. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මලීෂ සහ සඳුනි පාසලේ පාළු ස්ථානයකට ගොස් ඉතා සමීපව සිටිමින් පෙම් බස් දොඩමින් සිටියහ.
 
 දින කිහිපයක් ඔවුන් දෙස ඇස ගසා ගෙන සිටි තරිඳු සහ චමත් මෙය දුටුවේය. ඉන්පසු ඔවුන් දෙදෙනා ජංගම දුරකථනයෙන් මලීෂ සහ සඳුනි එලෙස කතා කරමින් සිටින අයුරු වීඩියෝ කළහ.
 
 ”දැන් අපේ වැඬේ බාගයක් ඉවරයි. ඊළඟට තියෙන්නේ ඉක්මනට මේක පෙන්නලා මේකිව බය කරලා අපේ වැඬේ කරගන්න එක විතරයි.” වීඩියෝ කිරීම අවසන් කර චමත් එලෙස පැවසුවේය.
 
 චමත් සහ තරිඳු ඉන්පසු දිනක මලීෂ පාසල් නොපැමිණි අවස්ථාවක සඳුනි මුණගැසී මෙලෙස පැවසූහ.
 
 ”සඳ ඔයා පොඞ්ඩක් හම්බෙන්න ඕනා.”
 
 ”ඒ මොකටද ?”
 
 ”පොඩි දෙයක් පෙන්වන්න තියෙනවා.”
 
 ”ඒ මොකක්ද ?”
 
 ”ඒක මෙතන පෙන්නන්න බැහැ. ඉස්කෝලෙ ඇරිලා යන ගමන් පෙන්නන්නම්.”
 
 ”අනේ මට ඔයාලගේ දේවල් බලන්න ඕනේ නැහැ දැන් පෙන්නන්න බැරි නම් නිකන් ඉන්න.”
 
 ”හා හා එහෙම කෑ ගහගෙන එන්න එපා. අපි ළඟ තියෙන දේ අනිවාර්යෙන්ම බලන්න ඕන ඔයා. එහෙම නැති වුණොත් වෙන්නේ ලොකු විනාශයක්.”
 
 ” ඕන විනාශයක් වුණදෙන් මම දන්නවනේ මම වරදක් කරලා නැහැ කියලා.”
 
 ”වරදක් කරල නැහැ... වරදක් කරලා තමයි ඔයා තියෙන්නෙ ඒකයි අපි මේ කියන්නේ.”
 
 ”මොකද්ද මම කරපු වරද?”
 
 ”මලීෂ එක්ක නටපු නාඩගම් අපි වීඩියෝ කරලා තියෙනවා. අපි කියන විදිහට වැඩ නොකළොත් මේවා සේරම ගෙදරට පෙන්නනව. අනික මේක කිසි කෙනෙකුට කියන්න බැහැ. එහෙම කිව්වොත් වෙන දේ දන්නවනේ.”
 
 එක්වරම එලෙස ඇසීමෙන් සඳුනි බියට පත්විය. කරන්නේ කුමක් ද කියා සිතා ගැනීමට නොහැකි වූවාය. විනාඩි ගණනක් කල්පනා කරමින් ඇය මෙලෙස උත්තර දුන්නාය.
 
 ”අනේ එහෙම කරන්න එපා. ඕක ඩිලීට් කරලා දාන්න.”
 
 ”ඩිලීට් කරන්නම් ඔයාට පෙන්නලා.”
 
 ”අනේ එහෙම කරන්න එපා. මට බලන්න ඕනේ නැහැ දැන්ම ඩිලීට් කරලා දාන්න.”
 
 ”එහෙම බෑ සඳුනි. පොඞ්ඩක් අපි දෙන්නා කියන විදිහට වැඩ කරන්න නැත්නම් වැඩ වරදී. ඒක නිසා හවස තරිඳුලගෙ ගෙවල් ළඟට එන්න. කාටවත් කියන්න බෑ හොර රහසේම එන්න ඕනා.”
 
 අවසානයේ එලෙස තර්ජනාත්මකව පවසමින් තරිඳු සහ චමත්, සඳුනි ගෙන් සමු ගත්හ.
 
 පාසල් නිම වී නිවසට පැමිණි සඳුනි දස අතේ කල්පනා කරන්නට වූවාය. ඒ තරිඳු සහ චමත් කියූ කතාවටයි. තම ප්‍රේම සම්බන්ධතාවය සොහොයුරිය දැනගත්තොත් කුමකින් කුමක් සිදුවේදැයි සිතාගැනීමටත් නොහැකිය. එම නිසා තම සොහොයුරියට මේ ගැන පැවසීමටත් ඇය බිය වූවාය. ඒ කාත් කවුරුත් නැති තමන්ට සිටින එකම හයිය ඇය වන නිසාය.
 
 ”කමක් නෑ. තව ටිකකින් මම තරිඳුගේ නිවසට යනවා.
 
 ගිහිල්ලා මේ ප්‍රශ්නෙ ඉවර කරගෙන එනවා.” අවසානයේ ඇය එලෙස සිතුවාය.
 
 තරිඳුගේ නිවස පිහිටියේ ඇය සිටිනා නිවසේ සිට මීටර් 400 ක් පමණ දුරකිනි. එම නිසා කාටත් හොරා ඇය එම නිවසට ගියාය. ඇය යන අවස්ථාවේ එම නිවසේ සිටියේ තරිඳු සහ චමත් පමණි. ඔවුන් දෙදෙනා දුර තියාම සඳුනි නිවෙස වෙත එනු දුටුහ.
 
 ”ඔය එන්නේ අපේ ගොදුර ළඟටම. සඳුනි අද තමයි ඉගෙන ගන්නේ චමත් කවුද කියලා.”
 
 චමත්, තරිඳුට එලෙස පැවසුවේය.
 
 සඳුනි නිවස අසලට පැමිණියාය. චමත් ඇයට නිවස ඇතුළට පැමිණි ලෙස පැවසුවේය. ඒ අනුව ඇය නිවස තුළට පැමිණියේය .
 
 ”කෝ දැන් අර ඩිලීට් කරනව කියපු වීඩියෝ එක. අනේ එක ඩිලීට් කරන්න. ඒක කියන්න තමයි තකහනියක් මම ආවේ.”
 
 සඳුනි එලෙස පැවසුවාය.
 
 ”ඒක අපි ඩිලීට් කරන්නම් ඊට ඉස්සෙල්ලා
 
 අපිට දෙයක් ඕනා.”
 
 ”ඒ මොකක්ද ?”
 
 ”ඒක මෙහෙම කියන්න බැහැ.”
 
 එලෙස පවසමින් චමත් ඇයගේ අත අල්ලා ඔහුගේ ළඟට ඇද ගත්තේය. ඇය අත ගසා දැමීමට දැඟලූවත් පලක් වූයේ නැත. ඉන්පසු තරමක් ඈතින් සිටි චමත් ”ජංගම දුරකථනයෙ ඇති වීඩියෝ එක අක්කට පෙන්නනවා ඒක නිසා දඟලන්නේ නැතුව අපි කියන දේ කරන්න” කියා පැවසුවේය.
 
 ඇයට කිසිවක් කර ගැනීමට නොහැකිව අන්ත අසරණ වූවාය. ඉන්පසු චමත් සහ තරිඳු විවිධ ලිංගික අඩන්තේට්ටම් කරමින් ඔවුන්ගේ සිතේ තිබුණ ලිංගික ආශාවන් ඇයගෙන් ඉටුකර ගත්හ.
 
 දෙමාපියන් නොමැතිව තම සහෝදරිය ළඟ හැදී වැඩුණු ඇයට කිසිවක් කර ගැනීමට නොහැකි වූවාය. අකමැත්තෙන් වුවද තම එකම පාසලේ එකම පන්තියේ සිටින යහළුවන් දෙදෙනාගේ ලිංගික අඩන්තේට්ටම්වලට මුහුණ දීමට ඇයට සිදු වූවාය.
 
 එම සිද්ධියෙන් පසු ඇය යළි නිවසට පැමිණියේ දස දහස්වාරයක් මැරි මැරී ඉපදී මෙන්ය. තමාට වූ දේ ගැන කිසිවෙකුටත් පැවසීමට නොහැකිය. එදින නිදි නොමැතිව කල්පනා කළේ තමා කොච්චර අවාසනාවන්ත තරුණියක් ද කියාය.
 
 එතැන් පටන් තරිඳු ගෙන් සහ චමත්ගෙන් ඇයට ගැලවීමක් තිබුණේ නැත. එම වීඩියෝව පෙන්වන බව පවසමින් සැරින් සැරේ ඇයට ලිංගික අඩන්තේට්ටම් සිදු කළහ.
 
 පසුගිය සතියේ දිනක ද සඳුනිට තරිඳුලගෙ නිවසට පැමිණෙන ලෙස චමත් පැවසුවේය. එදින ද තම සොහොයුරියට හොරෙන් ඇය නිවසෙන් පිට වූවාය. එහෙත් එදින ඇයගේ සොහොයුරිය ඒ බව දුටුවාය.
 
 ”නංගි මේ හොර රහසේ කොහෙද යන්නෙ. පොඞ්ඩක් විපරම් කරල බලන්න ඕනා.” ඇය එලෙස සිතා නැගණිය පිටුපසින් හොර රහසේ ගමන් කළාය.
 
 සඳුනි කෙලින්ම ගියේ තරිඳුගේ නිවස තුළටයි. විනාඩි කිහිපයකින් පසුව ඇයගේ සොහොයුරිය ද එම නිවස තුළට ගියාය. එහිදී ඇය දුටු දෙයින් තුෂ්ණිම්භූත වූවාය.
 
 තම සොහොයුරියට තරිඳු සහ චමත් ලිංගික අඩන්තේට්ටම් කරන අයුරු ඇය පියවි ඇසින් දුටුවාය.
 
 ”කරන්න තියෙන එකම දේ මේ පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් දැමීම පමණි.” එලෙස සිතූ ඇය තම සොහොයුරිය ද රැගෙන කැකිරාව පොලිසියට ගොස් පැමිණිල්ලක් දැමුවාය.
 
 පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු පළමුව එම සිසුවියගෙන් කටඋත්තරයක් ලබා ගත්හ. ඒ අනුව තම පන්තියේම සිසුන් දෙදෙනෙකු විසින් සති තුනක පමණ සිට තමාට සිදු කළ ලිංගික අඩන්තේට්ටම් පිළිබඳව අකුරක් නෑර පැවසුවාය.
 
 එම පාසල් සිසුවියගේ කටඋත්තරයට අනුව පොලිස් නිලධාරීහු එම සැකකාර පාසල් සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගත්හ. එලෙස අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම් හමුවේ දී ඔවුන් දෙදෙනා විසින් එම සිසුවියට සිදුකළ බරපතල ලිංගික අඩන්තේට්ටම් පිළිබඳ පැවැසූහ. ඉන්පසු අවුරුදු පහළොවක් පමණ වයසැති එම සැකකාර සිසුන් දෙදෙනා කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළහ. එහිදී මහෙස්ත්‍රාත්වරයා සැකකාර සිසුන් දෙදෙනා පරිවාස භාරයට යොමු කරන ලෙසත් දැරියව වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.
 
 පාසල් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයට ලක් කළ අතර එහිදී අනාවරණය වූයේ ඇයව දූෂණයට ලක් නොවී ඇති බවයි.
  
ගයාන් සමරසිංහ විසින් දිවයින පුවත්පතට ලියූ ලිපියකි...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top