Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
03
"මට උදේ කෑමට කැඳ වීදුරුවකුයි, කඩල පාර්සලයකුයි යවනවා.." - වෙළෙන්දන්ට තමාගේ උදය ආහාර වට්ටෝරුව භාර දෙන පොලිස් පරීක්ෂකවරයෙකු ගැන ඇහෙන අමුතුම කතාව

- "මට උදේ කෑමට කැඳ වීදුරුවකුයි, කඩල පාර්සලයකුයි යවනවා.." - වෙළෙන්දන්ට තමාගේ උදය ආහාර වට්ටෝරුව භාර දෙන පොලිස් පරීක්ෂකවරයෙකු ගැන ඇහෙන අමුතුම කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16 Views
ඉඳිආප්ප විස්සක් නැත්නම් රොටි හතරක් යනවා...
 
පොලිසියට ලබා ඇත්තේ අපල කාලයක්...
 
මේ දිනවල පොලිසියට ලබා ඇත්තේ අපල කාලයකි. රිය අනතුරුවලට හසුවී මිය යන පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාවද ශීඝ්‍රයෙන් වැඩිවෙමින් තිබේ. එමෙන්ම පහරදීම්, පගාව ගැනීම්, මත්කුඩු ජාවාරම්, අනියම් ඇසුරු ආදී චෝදනාවලට ලක්වූ නිලධාරීන්ද බොහෝමයකි. මෙවන් චෝදනාලත් නිලධාරීන් පොලිස් අත්අඩංගුවට පත්වීම හා බන්ධනාගාර ගතවීම නිසා පොලිසියේ කීර්තිනාමයටද හානි වෙමින් තිබේ. මෙවන් චෝදනාවලින් පොලිස් දෙපාර්තමේන්තුව බේරා ගැනීමට කිසිදු පොලිස්පතිවරයකුට හැකියාවක් ලැබී නැත. දිනෙන් දින හෑල්ලුවට පත්වෙමින්  තිබෙන පොලිසිය සුද්ද පවිත්‍ර කිරීමේ බලතල ඇත්තේද එවන් බලධාරීන්ට බව අවධාරණයෙන් කිව යුතුවේ. 

ශ්‍රී  ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 8,900කට ආසන්න නිලධාරීහු පිරිසක් දිවා රෑ දෙකේ මහාමාර්ගවල රථ වාහන රාජකාරියේ යෙදෙති. ඔවුන් පැය ගණන් ගත කරන්නේ දැඩි පීඩාවකිනි. අව්ව, වැස්ස, දූවිල්ල, දුම නොතකා මහාමාර්ගයේ රැඳෙන මෙවන් නිලධාරීන්ද යටකරගෙන යන නොහික්මුණු රියැදුරෝද මේ මිහිපිට සිටිති.
 
පසුගියදා එවන් සිදුවීමකින් මුළු රටම රත් විය. නොසැලකිලිමත්ව ටිපර් රථයක් ධාවනය කළ රියැදුරකු අතින් මහරගම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරකට ලක් විය. මහාමාර්ගයේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි ස්ථානාධිපතිවරයා ටිපර් රියේ ගැටී ඇද වැටෙන ආකාරය ඔහුට යාබදව සිටි තවත් පොලිස් නිලධාරියෙක් දුටුවේය.
 
තම ප්‍රධානියා හප්පාගෙන ඉදිරියට එන ටිපර් රථ රියැදුරා කෙරෙහි ඔහු තුළ ඇති වූයේ දැඩි කෝපයකි. වහා ඉදිරියට පැනගත් ඔහු ටිපර් රථය නවතා එහි රියැදුරු ළඟට කැඳවා ඔහුට පහරදුන් අතර නිලධාරියා බිම වැටුණු රියැදුරාගේ ඇඟට පනින දර්ශනයක්ද සමඟ එම සිදුවීම මුළු රටම කැලඹීමට සමත් විය. අවසානයේ එම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට පත්වුණු අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
 
මෙම සිදුවීම විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයද එම කොස්තාපල්වරයාගේ ක්‍රියා කලාපය අලළා මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම චෝදනා එල්ල කළේ ඉහළ පොලිස් නිලධාරීන්ටද බැන වදිමිනි.
 
රථ වාහන රාජකාරියක යෙදෙන පොලිස් නිලධාරීන් හික්මීමෙන් රාජකාරි කළ යුතු වීම අනිවාර්යය. අතපසුවීමකින් හෝ නොසැලකිල්ලෙන් අනතුරක් සිදුවුවහොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම රථ වාහන පොලිස් නිලධාරීන්ගේ වගකීමය. එසේ නොමැතිව නීතිය අතට ගෙන උන්මත්තකයකු ලෙස සිය නිලයේ බලතල පෙන්වීමට කිසිදු පොලිස් නිලධාරියකුට හැකියාවක් නැත. මේ නිසා හෑල්ලු වන්නේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවය. මේ නිසා මහජනයා තුළ පොලිසිය කෙරෙහි ඇති අප්‍රසාදය තව තවත් වැඩි වනවා මිස බිඳකුදු අඩු නොවන්නේය.
 
මෙවන් පොලිස් කොස්තාපල්වරුන් ඉඳහිට දක්නට ලැබුණද ඒ නිසාම රථ වාහන නිලධාරීන්ගේ කාර්යභාරය අඩු තක්සේරුවට ලක් නොකළ යුතු යැයි පොලිසිය භාර ජේ‍යෂ්ඨ නිලධාරීහු කියති. මහජන සුබසිද්ධිය වෙනුවෙන් කැපවී රාජකාරි කරන රථ වාහන නිලධාරීන්ගෙන් සිදුවන සේවය ඉමහත් බව කියන ඔවුහු මහජන සුඛවිහරණය පතා මාර්ගවල රාජකාරි කරන රථවාහන නිලධාරීන් විශාල පිරිසක් රථ වාහන රාජකාරියේ යෙදී සිටියදී අනතුරුවලට ලක්ව මිය ගොස් ඇතැයිද කියති. එමෙන්ම බරපතළ හා සුළු තුවාල ලැබූවන්ද විශාල පිරිසකි.
 
මේ අනුව ඉකුත් මාර්තු 29 වැනිදා වන විට මේ වසරේ මුල් මාස තුනට නිලධාරීන් 14 දෙනකු රිය අනතුරුවලින් මරණයට පත්ව තිබේ. ඉන් දහදෙනකුම මරු වැලඳ ගෙන ඇත්තේ රාජකාරියේ යෙදී සිටියදී වීම විශේෂයකි.
 
නොහික්මුණු රියැදුරන්ගේ ක්‍රියා කලාපයන් නිසා මෑතකදී සිදුවූ මාරක රිය අනතුර වාර්තා වූයේ වැලිකඩ පොලිස් බල ප්‍රදේශයෙනි. රාත්‍රි 10 සිට අලුයම 6 දක්වා බීමත් රියැදුරන් හා නොසැලකිලිමත්ව රිය ධාවනය කරන රියැදුරන් කොටුකර ගැනීම සඳහා පොලිස් හදිසි ඇමතුම් අංශයට අයත් නිලධාරීන් වැලිකඩ, රාජගිරිය, මැක්ඩොනල්ඩ් හන්දියට යාබදව බට්ටා ලොරියක් නවතා එය පරීක්‍ෂා කරමින් සිටියදී වේගයෙන් ධාවනය වූ කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රියක ගැටීමෙන් උප පොලිස් පරීක්‍ෂක ප්‍රියංකර හා වෙනත් පුද්ගලයකුද ජීවිතක්‍ෂයට පත්විය.
 
මීට දින කිහිපයකට කලින් ගම්පහ කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂකවරයාද සිය යතුරුපැදියෙන් නිවෙස බලා ගමන් කරමින් සිටියදී පාර අයිනේ නතර කර තිබූ බවුසරයක ගැටීමෙන් මියගියේ බවුසරයේ 'පාකින් ලයිට්' නොදමා තිබීම නිසා බව කියැවේ.
 
මේ අතර නොසැලකිලිමත් ලෙස වේගයෙන් ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයක ගැටී යතුරුපැදියකින් ගමන් ගත් බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති සරත්චන්ද්‍ර මහතා මියගියේය. එමෙන්ම කොල්ලකරුවකු පසුපස හඹාගොස් ඔහු අත්අඩංගුවට ගැනීමට සහාය දුන් බුද්ධි නිලධාරියකු ඊට දින දෙක තුනකට පසු ආරක්‍ෂක රථයක ගැටීමෙන් මරු දැක තිබිණි.
 
රථ වාහන රාජකාරියේ යෙදෙන නිලධාරීන් මෙසේ රිය අනතුරුවලින් මරණයට පත්වීම ඉහළ නිලධාරීන්ගේ අවධානයට යොමුවී ඇති අතර ඉදිරියේදී රථ වාහන රාජකාරි සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු යොදන බවද කියති.
 
මේ අතර පොලිසියට ගෑවී ඇති කළු පැල්ලමට වගකිව යුතු ඉහළ පෙළේ නිලධාරීන් ගැනද පසුගියදා මාධ්‍ය වාර්තා  කර තිබිණි. ලොරි රථ ආරවුලක් සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලකට නීත්‍යනුකූලව කටයුතු නොකර සිටීම සඳහා රුපියල් දස දහසක පගාවක් ඉල්ලීමේ චෝදනාව එම නිලධාරියාට එල්ල වී තිබිණි.
 
පැමිණිලිකරු රුපියල් පන්දහසේ නෝට්ටු දෙකක් අදාළ ස්ථානාධිපතිවරයාට දෙද්දීම අල්ලස් නිලධාරීන් එම ස්ථානයට කඩා වැදුණු අතර එවිටම ස්ථානාධිපතිවරයා පන්දහසේ කොළ දෙක ගිල දමා ඇති බව වාර්තා වී තිබේ. පසුව අල්ලස් නිලධාරීන් මේ බව අධිකරණයට දන්වා තිබේ. ඉන්පසු ගිල දමන ලද නෝට්ටු දෙක සොයා ගැනීම සඳහා ස්ථානාධිපතිවරයා ගම්පහ රෝහලට ඇතුළත් කරන ලදී. රුපියල් පන්දහසේ නෝට්ටු ඔහුගේ කුස තුළ ඇත්දැයි සොයා ගැනීම සඳහා ස්කෑන් පරීක්‍ෂණයක්ද කෙරී තිබේ.
 
මෙම නිලධාරියා ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු වූ අතර ඔහු ගම්පහ පොලිස් ස්ථානයේ පොලිසියක අංශ භාර ස්ථානාධිපතිවරයකුද වීම කනගාටුවට කරුණකි. අත්අඩංගුවට ගැනුණු මොහු අධිකරණ නියෝග මත රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත. මේ නිසා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවට වූ කැළැල සුළු පටු නොවේ.
 
මීට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීප සබඳතා පවත්වමින් හෙරොයින් ජාවාරමේ නිරතවීමේ චෝදනා මත අනුරාධපුර විස මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ පොලිස් පරීක්‍ෂකවරයකුද අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහු තවමත් සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාරගතවය. මෙම පොලිස් පරීක්‍ෂකවරයා පොලිසියට කොටුවූයේ හෙරොයින් ග්‍රෑම් 27ක්ද සමඟිනි. මොහු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීම සඳහා ඊසි කෑෂ් ගනුදෙනු සඳහා යොදාගත් බවට සැක කෙරෙන ජංගම දුරකථන දහයක්ද, සිම්කාඩ් පත් 14ක්ද සොයාගෙන ඇත. මොහු විස මත්ද්‍රව්‍ය ඒකකයේ සේවය කරමින් සිටියදී සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ආපසු ජාවාරම්කරුවන්ටම අලෙවි කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
 
නිල ඇඳුමට මුවා වී මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන මෙවන් පොලිස් නිලධාරීන් රැසක් පසුගිය කාලවල අත්අඩංගුවට පත්වී තිබේ.
 
සපුගස්කන්ද පොලිසියට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයකුද අත්අඩංගුවට ගැනුණේ සිය නිල ඇඳුම ලාගෙන තම යතුරුපැදියෙන් මත්ද්‍රව්‍ය තොගයක් වෙනත් පාර්ශ්වයකට දීමට යමින් සිටියදීය. පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත මොහු අත්අඩංගුවට පත්වූයේ හෙරොයින් ග්‍රෑම් 400ක්ද සමඟිනි. මෙම කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට හා ඔවුන්ගේ මත්ද්‍රව්‍ය සඟවා තැබීමට උදවු උපකාර කර ඇත්තේ පොලිස් නිල ඇඳුමේ වටිනාකමද හෑල්ලුවට ලක් කරමිනි. හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 314ක් සමඟ තවත් පොලිස් කොස්තාපල්වරයකු අම්පාර මධ්‍යම කඳවුර පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණේද මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටියදීය.
 
මේ අතර දින කිහිපයකට පෙර ‍ෙදාම්පේ පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් පරීක්‍ෂකවරයකුද මැන්ඩි නමැති මත්ද්‍රව්‍ය සමඟින් වලාන දූෂණ ප්‍රහාරක මර්දන ඒකකය මඟින් අත්අඩංගුවට ගන්නා ලද්දේ ඔත්තුවකට අනුවය.
 
පොලිස් දෙපාර්තමේන්තුව මේ තරම් අගාධයකට ඇද වැටුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් සම්බන්ධව කලක් තිස්සේ කරගෙන ආ මත්ද්‍රව්‍ය විකිණීම හා අවි ගනුදෙනු නිසාය. අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගබඩා කර තිබූ මත්ද්‍රව්‍ය පවා සොරාගෙන ඒවා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකුණා රුපියල් කෝටි ගණනින් මුදල් හා දේපළ මිලදී ගන්නා තුරුම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉහළ බලධාරීන්ගේ ඇස්කන් විවර වූයේ නැත. මේ පිළිබඳ පොලිසිය කරන ලද විමර්ශනයේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් 20 දෙනකු පමණ අත්අඩංගුවට පත්විය. ඒ අතර විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙක්ද විය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්‍ෂකවරුන් දෙදෙනකු සහ උප පොලිස් පරීක්‍ෂකවරුන් දෙදෙනකු ඇතුළු පොලිස් නිලධාරීන් 16 දෙනකු මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරී ඇත.
 
පොලිසිය කඩාවැටීමට මූලිකම හේතුව වූයේ නාකොටික් නිලධාරීන්ද ‘කුඩු’ විකිණීමේ යෙදීමය. මේ පිළිබඳව හෙළි වූයේ රහස් පොලිසිය කළ විමර්ශනයේදීය. පොලිස් අත්අඩංගුවට පත්නොවූයේ නම් ඔවුන් තවමත් කාගේ කාගේත් ඇස් වසා ‘කුඩු’ විකිණීමේ යෙදෙනු ඇත.
 
මෙම සිදුවීමද රටේ මහත් ආන්දෝලනයක් ඇති කරලීමට සමත්වූ අතර මෙමඟින් මුළු ශ්‍රී  ලංකා පොලිසියටම ගෑවුණේ දැවැන්ත කළු පැල්ලමකි. ඉන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකාය (එස්.ටී.එෆ්.) කොළඹ අපරාධ කෙට්ඨාසය (සී.සී.ඩී.) වැනි මත්කුඩු ඇල්ලීම සඳහා විමර්ශන සිදුකරන ඒකකයන්හි නිලධාරීන් පවා මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්විය. පොලිසියේ පොඩි එවුන් මෙන්ම ලොකු එවුන්ද නොයෙකුත් චෝදනාවලට අත්අඩංගුවට පත්වෙද්දී මිනිස් ඝාතන සම්බන්ධයෙන්ද පොලිස් නිලධාරීන්ගේ තිබූ සබඳතා හෙළි විය.
 
දිනෙන් දින පිරිහී යන පොලිසියේ දූෂිත නිලධාරීන් කොතෙකුත් ඇත්දැයි සංඛ්‍යාත්මකව කිව නොහැකි වුවත් කිසියම් වුවමනාවකට පොලිස් ස්ථානයට යන අයකුට තම වුවමනාව ඉක්මනින් හරියාකාරව කරන්නට නම් අඩු වශයෙන් පොලිසියේ ඕ.අයි.සී. මහතා සමඟ සබඳකමක් හෝ දන්නා හඳුනන කමක් තිබිය යුතුය. එසේත් නැත්නම් දේශපාලනඥයකු හෝ උසස් පොලිස් නිලධාරියකු ලවා අදාළ පොලිසියේ ස්ථානාධිපතිවරයාට ඇමතුමක් දිය යුතුමය. එහෙත් ඇහැට පෙනෙන කාන්තාවක් කිසියම් අවශ්‍යතාවකට පොලිසියට ගියොත් සමහර ඕ.අයි.සී. මහත්වරුන්ගේ සිට ඇතැම් රිසව් රාලහාමිලා දක්වා නිලධාරීන් ඇගේ පැමිණි කාරණය විමසා ඉටුකර දෙන්නට පොරකන්නේ ඇයි දැයි කිව නොහැකිය. එහෙත් වයෝවෘද්ධ මාතාවක් දෙසවත් හැරී නොබැලීමට ඔවුහු පරෙස්සම් වෙති.
 
පොලිසියක සුළු පිරිසක් තවමත් දේශපාලනඥයන් අතේ නැටවෙන බව නොරහසකි. පළාත් සංවිධායකගේ ලියමනෙන් ඕ.අයි.සී. පුටුවට එන බොහෝමයක් නිලධාරීන් දන්නේ දේශපාලනඥයන්ට ‘ඉයස් සර්’ කියන්නට පමණි. පැමිණිලි භාර නොගැනීම්, සහතික පිටපත් ලබානොදීම්, එක් පාර්ශ්වයට පමණක් සහාය පළකිරීම්, බොරු චෝදනා එල්ලවීම් සම්බන්ධයෙන් මෙන්ම නිලධාරීන් පොලිස් ස්ථානයේ නොසිටීම සම්බන්ධයෙන්ද ජාතික පොලිස් කොමිසමට ලැබෙමින් තිබෙන පැමිණිලිද සුළු පටු නොවේ.
 
නිලධාරියාගෙන් මදිපුංචිකමක් දැනුණු විට අදාළ පුද්ගලයා පොලිස් නිලධාරියා ගරු නොකරයි. සැකකරුවන්ට ‘කුඩු’ දමා රිමාන්ඩ් හිරගෙදරට යවන පොලිස් නිලධාරීන් ගැන ජාතික පොලිස් කොමිසම මේ වන විට විමර්ශනයක් අරඹා තිබේ.
 
මෙවන් තත්ත්වයක පවතින පොලිස් දෙපාර්තමේන්තුව තුළ මේ වන විට ස්ථාන මාරුවීම් රැසක් දකින්නට ලැබේ. දිවයින පුරා පිහිටි පොලිසිවල ස්ථානාධිපතිවරුන් රැසක් දැනටමත් එම පොලිස් ස්ථානවලින් මාරුකර අලුත් නිලධාරීන් පත්කර තිබේ. ස්ථානාධිපතිවරු, සහකාර පොලිස් අධිකාරිවරු, පොලිස් අධිකාරිවරු, ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරු ඒ අතර වෙති. මෙම ස්ථාන මාරුවීම් බොහොමයක් සිදු කරන්නේ සේවා අවශ්‍යතා අනුව යැයි කීවද දැනගන්නට ලැබෙන තවත් ආරංචියකින් කියැවුණේ ඒවා බොහොමයක් දේශපාලන හේතූන් මත සිදුවන බවකි. 
 
වෙන්නප්පුව භාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාට මීගමුවට මාරුවක් හදාගන්නට වූයේ දේශපාලන මැදිහත්වීම නිසා බව පසුගිය දින කිහිපය තුළම මාධ්‍ය වාර්තා පළවිය. කසිප්පු ජාවාරමේ යෙදෙන්නන්ට පොලිස් ඇප නොදී පෙර වැරැදි දමා ඔවුන් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීම හා ඔවුන්ට ලොකු දඩ මුදල් නියම වීම පිළිබඳ ජාවාරම්කරුවන් පළාත් දේශපාලන අධිකාරිය හා උසස් නිලධාරීන්ට දැන්වීම නිසා මෙම සහකාර පොලිස් අධිකාරිවරයාද මාරු කර තිබේ.
 
සමාජ මාධ්‍ය ජාල හා මාධ්‍ය මඟින් මේ පිළිබඳව හෙළිදරවු කිරීමත් සමඟ රට පුරා මහත් ආන්දෝලනයකට ලක්වූ මෙම සිද්ධිය මේ වන විටත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ මහත් කලබැගෑනියක් ඇති කර තිබේ.
 
පොලිසියේ ජාම බේරුණේ නීති විරෝධී ජාවාරම් පවත්වන්නවුන්ට එරෙහිව ක්‍රියාකොට කසිප්පු ජාවාරම වෙන්නප්පුව හා දංකොටුව ප්‍රදේශවලින් තුරන් කිරීමට ක්‍රියා කළ මෙවන් නිලධාරීන් නිසා බව කිව යුතුව තිබේ.
 
මේ අතර නුගේගොඩ කොට්ඨාසයේ පොලිසියක සේවය කරන පොලිස් ලොක්කෙකු ඔහුගේ උදය ආහාරය සපයන ලෙස එම ප්‍රදේශයේ කැඳ වෙළෙඳුන්ගෙන් කළ ඉල්ලීමක් ගැනද පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණි.
 
මෙම ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා එම ප්‍රදේශයේ කැඳ විකිණීමේ යෙදෙන අහිංසක වෙළෙන්දන්ට තමාගේ උදය ආහාර වට්ටෝරුවද ඉදිරිපත් කර ඇතැයි කියති.
 
කැඳ වීදුරුවක් සමඟ කඩල පාර්සලයක්, ඉඳිආප්ප විස්සක් හෝ රොටි හතරක් එම ආහාර වට්ටෝරුවට අයත් බවද කියති.
 
මේ අතර ඉදිරි දිනවලදී තවත් පොලිස් මාරුවීම් හා උසස්වීම් රැසක් ලැබීමට නියමිත බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
 
උසස්වීම් පිළිබඳ ප්‍රශ්න මෙතෙක් නිසියාකාරව විසඳී නැත. ඒ නිසා බොහෝමයක් පහළ ශේ්‍රණිවල පොලිස් නිලධාරීන්ට අධිකරණයේ පිහිට පැතීමට සිදුව තිබේ.
 
මේ අනුව පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැවැන්ත කාර්ය භාරයක් ඉටු කරන පොලිස් සේවයට අත්‍යවශ්‍යම තනතුරක් වන පොලිස් රියැදුරන්ට සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් පොලිස් රියැදුරන් ලෙස රාජකාරි කරන කොස්තාපල්වරුන් හා සැරයන්වරුන් 235 දෙනකු ඊට විසඳුමක් බලාපොරොත්තුවෙන් ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබේ. පොලිසියේ විවිධ තනතුරුවලට අයත් නිලධාරීන් තිස්එක්දහසකට අධික පිරිසකට එක්වරක් පමණක් බලපාන උසස්වීම් ලබාදී ඇතත් පොලිස් රියැදුරු තනතුර දැරූ තමන් හට පමණක් එම උසස්වීම් ලබානොදීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ඔවුහු චෝදනා කරති.
 
මේ අතර වසර දහතුනකට අධික කාලයක් පොලිස් සැරයන් තනතුරේ සේවය කරන සැරයන්වරුන් 398 දෙනෙක් උප පොලිස් පරීක්‍ෂක තනතුරට උසස් කරන ලෙස ඉල්ලීමක් කරමින් අධිකරණයට තවත් රිට් පෙත්සමක් ඉදිරිපත්ව තිබේ.
 
මෙවන් හැලහැප්පීම් සමූහයක් සමඟ මහජනයා සමඟ ගැටෙමින් නොයෙකුත් චෝදනා මෙන්ම ප්‍රශංසාද ලබන ශ්‍රී  ලංකා පොලිසිය යහමඟට ගැනීමට මහජන ආරක්‍ෂක අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබුණද ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන විමසීමක් කළ යුතු කාලය එළැඹ තිබේ. නැතහොත් මහජන මිත්‍රශීලී පොලිසියක් නිර්මාණය කිරීම වෙනුවට බෝඩ් ලෑල්ලට පමණක් සීමා වූ ශ්‍රී  ලංකා පොලිසියක් පමණක් ඉතිරි වන බව කිව යුතු වේ.
 
 
මව්බිම
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top