පසු ගිය මස 31 වනදා සිට පොලිසිය විසින් යතුරුපැදි සම්බන්ධ විශේෂ මෙහෙයුමක් දිවයින පුරා ආරම්භ කරනු ලැබුවා.
මෙම මෙහෙයුමේදී පසුගිය 31 වනදා සහ පසුගිය පළමු වනදා අතර පැය 48ක කාලය තුල යතුරුපැදි වැරදි 8957ක් සම්බධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
මෙම මෙහෙයුමේදී යතුරුපැදි 295ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
මේ අතර ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කළ 1298ක් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කළ බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
යතුරුපැදි සම්බන්ධ මෙම විශේෂ මෙහෙයුම අද (03) දිනයේත් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.