Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
01
"අම්මා නැති වුණා කියන ආරංචිය ආවේ පාන්දර එකහමාරට විතර, ලංකාවට එන්නවත් ඒ වෙලාවේ මගේ ළඟ සල්ලී තිබ්බේ නැහැ.." - නොසිතූ මොහොතක අප අතරින් වියොවූ ප්‍රියානි ජයසිංහ ගැන පුතණුවන් කියන සංවේදී කතාව

- "අම්මා නැති වුණා කියන ආරංචිය ආවේ පාන්දර එකහමාරට විතර, ලංකාවට එන්නවත් ඒ වෙලාවේ මගේ ළඟ සල්ලී තිබ්බේ නැහැ.." - නොසිතූ මොහොතක අප අතරින් වියොවූ ප්‍රියානි ජයසිංහ ගැන පුතණුවන් කියන සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37,511 Views
"ඒ දුක කියන්න කෙනෙක් හිටියේ නැහැ , පාන්දර කෑගහලා අඬාගෙන නවාතැනට ගියේ.."

"තාත්තාට ගෙදර එන්න වසරක තහනමක් තිබ්බා, අම්මා නැති වෙන්න කලින් ඒකත් ඉවත් කරලා.."

"තාත්තා නරක කෙනෙක් නෙමෙයි, අම්මගේ ජනප්‍රියත්වය දරා ගන්න තාත්තට බැරි වෙන්න ඇති.."

කඳුළ නිවන්නම්, සුන්දර හදකට දී පෙම්වරම්, අලුත් සඳ ඇවිත් කියන ජනප්‍රිය ගීත ගැයූ ඇය අද ජිවතුන් අතර නැහැ. තාරුණ්‍යයේ හිත් ඈ වෙත නම්මගත් ප්‍රියානි ජයසිංහ මිය ගියත් අදටත් ඇයගේ ගීත බොහෝ දෙනෙක් රස විඳිනවා. ඇය ආදරණිය පුතණුවන් දෙදෙනෙකුට ආදරණිය අම්මා කෙනෙකු වුණා. නොහිතු මොහොතක ජිවිතයට සමුදුන් ඈ ගැන මතකය අවධි කරන්න ඇයගේ ලොකු පුතා ලෝෂිත හසරැල් අපිත් එක්ක එකතු වුණා. ආදරණිය අම්මා ගැන ඔහු අපිට කිව්වේ මෙහෙමයි.

ප්‍රියානි ජයසිංහ කියන්නේ 90 දශකයේ සිට මිය යනතුරුම අතිශය ජනප්‍රිය ගායිකාව, ඔබ ඇයගේ පුතණුවන් බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ, ඒ නිසා මුලින්ම අපි ඔබ කවුද කියලම කතාබහ ආරම්භ කරමු..?
මම පාසල් අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන්. වැඩිදුර අධ්‍යාපනය ලබන්න මම ජපානයට ගියා. ඒ තොරතුරු තාක්ෂණය සම්බන්ධ උපාධියක් හදාරන්න. ජපානේ ගියාට අදාළ විෂය සම්බන්ධව අධ්‍යාපනය හදාරන්න වුණේ වසර දෙකකට පස්සේ. පළමු වසර දෙක එරටේ භාෂාව ඉගෙන ගන්න තියෙන්නේ. ඔය අතරේ මම රැකියාවකුත් කළා. මට ඉන්නේ මල්ලි කෙනෙක් විතරයි. එයා විවාහකයි. එයාට දරුවෙකුත් ඉන්නවා.

ඔබ විදෙස් ගත වෙන්නේ එහේ දීර්ඝකාලීනව ජිවත් වෙන්න බලාපොරොත්තුවෙන් වෙන්න ඇති..?
ඔව්. මම ජපානේ යන්නේ ඉගෙන ගත්තට පස්සේ එහේ ජිවත් වෙන්න බලාගෙන. නමුත් අම්මගේ මරණයත් එක්ක මම ලංකාවට ආවා. අවුරුදු දෙකක් ඉදලා. බොහෝ දෙනෙක් ඇහුවා ඇයි ආවේ කියලා. අපරාදේ නේද කියලා. නමුත් අම්මගේ වියෝව එක්ක මට ආයේ එහෙ යන්න හිතුණේ නැහැ. අපරාදේ කියලා හිතෙන්නේ නැහැ. මම මෙහෙ විශ්ව විද්‍යාලයක නැවත අධ්‍යාපන කටයුතු ආරම්භ කළා. රැකියාවක් කරන ගමන් ඉගෙන ගන්නවා.

ඔබේ මව අතිශය ජනප්‍රිය චරිතයක්, ඔබට ලස්සන කට හඬක් තියෙද්දී ඇයි ගායනය පැත්තට යොමු වෙන්නේ නැත්තේ..?
ගීත ගායනා කරන්න පුළුවන්. නමුත් තවම මම ඒ පැත්තට යොමු වුණේ නැහැ. ඒකට හේතුවත් අම්මම තමයි. අම්මා ඉන්න කාලේ මට ඒ පැත්තෙන් හයියක් වුණා. මගේ පස්සෙන් ඉදලා ඒ පැත්තට යොමු කරන්න උත්සහ කළා. දැන් අම්මා නැති නිසා ඇත්තටම ගයිඩ් කරන්න කෙනෙක් නැහැ. මම ලංකාවේ ඉන්නේ කියලා බොහෝ දෙනෙක් දන්නෙත් නැහැ. උදව් කරන්න කෙනෙක් නැහැ. තනියම තමයි ගමනක් යන්න වෙන්නේ. මම උත්සහ කරනවා ගායකයෙක් විදිහටත් සමාජ ගත වෙන්න. ඒ ගැන ඉදිරියේදී හිතනවා.

එතකොට ඔබේ මවගේ ගීතවලට මොකද කරන්නේ..?
නිතරම අම්මගේ ගීත අහන්න ලැබෙනවා. එතකොට සතුටක් දැනෙනවා ඒ ගීත තවම ප්‍රචාරය වීම ගැන,. ඒ වගේම අලුත් පරම්පරාවේ ළමයි අම්මගේ ගීත ගයනා කරනවා. ඒ ගීත ඒ විදිහට හරි සමාජයේ ඉස්මතු වෙලා තියෙන එක ගැන සතුටු වෙන්න පුළුවන්. ජනප්‍රිය ගීත වලට අමතරව අම්මගේ ජනප්‍රිය නොවූ ගීත ටිකක් තියෙනවා ලස්සනයි ඒවා. ඒ ගීතවල නිර්මාණකරුවන් එක්ක කතා කරලා මම ඒවා ගායනා කරන්න බලාපොරොත්තුවකුත් තියෙනවා. බලමු ඉදිරියේදී.

ඔබේ මවගේ සමකලිනයින් ඔබට උදව් කරන්නේ නැද්ද..?
අම්මා නැති වුනාට පස්සේ මළගෙදර බොහෝ දෙනෙක් ආවා. ඊට පස්සේ කවුරුත් අපි ගැන හොයලා බැලුවේ නැහැ. මම ලංකාවේ ඉන්නේ කියලා දන්නේ නැතුව ඇති. කොහොම නමුත් මල්ලිටත් කවුරුත් කතා කරලා නැහැ. මම උදව් ඉල්ලලත් නැහැ. තත්ත්වය බලලා ප්‍රවීණයින්ගෙන් උදව්වක් ගන්න අවශ්‍ය වුණොත් මම කතා කරන්න හිතාගෙන ඉන්නවා.

ඔබේ මව අවාසනාවන්ත ලෙස මිය ගියේ ඔබ විදෙස් ගතව සිටියදීයි, ඒ දුක්බර මතකය ගැන මතක් කළොත් , ඔබ කොහොමද ඒ දුක දරා ගත්තේ..?
අම්මා නැතුව හරිම පාළුවක් දැනෙනවා. ලංකාවේ ඉද්දි අම්මගේ ලොකුම ආරක්ෂකයා වුණේ මම. මම ජපානේ ඉන්න අතරතුර තමයි අම්මගේ ඝාතනය වුණේ. ඒ 2018 අවුරුද්දේ ජුලී මාසේ 8 වැනිදා. ලංකාවේ වේලාවෙන් රෑ 10යට විතර ඇති. එහේ වේලාවෙන් පාන්දර 1.30යි. මම රැකියාව කරන ස්ථානයේ හිටියේ. ජංගම දුරකථනය අතේ තියාගෙන ඉන්නේ නැහැ.නමුත් ඉඩහිටලා ඇවිත් ජංගම දුරකථනය බලනවා. ඒ මොහොතක මට මිස්කෝල් 10ක් විතර තිබ්බා. එහෙම මිට කලින් වෙලා නැහැ. හිතට බයකුත් දැනුණා. මගේ යාළුවෙක්ගේ අයියා කෙනෙක් මට ඒ වෙලාවේ කතා කරලා ඇහුවා ගෙදර වෙලා තියෙන සිද්ධිය දන්නවද කියලා. මම දන්නේ නැහැ කිව්වා. ඒ අයියා අම්මා නැති වුණා කියලා මට කිව්වා. ඇත්තටම කිව්වොත් මට කිසිදෙයක් මතක නැහැ ඒ වචන ඇහුවට පස්සේ. මම වැඩකරන තැන කළමණාකරුට මම කිව්වා මගේ අම්ම නැති වෙලා මම දැන් යනවා. හෙට ලංකාවට යනවා. මට එන්න වෙන්නේ නැහැ කියලා.

මම ඒ වෙලාවේම බයිසිකලේ නැගලා මම ඉන්න නවාතැනට ගියා. විනාඩි 10ක විතර දුරකින් නවාතැන තිබ්බේ. අම්මා නැති වුණා කියලා දැනගත්තම ඇති වුනු කම්පනයට මම යනකල් පාරේ කෑ ගහලා අඬාගෙන ගියේ. ලංකාවේ යාළුවො හිටියට එයාලා ඒ වෙලාවේ වැඩ. කියන්න කෙනෙක් නැහැ. කතා කරන්න කෙනෙක් නැහැ. පහුවදා උදේ ලංකාවට යනවා කිව්වට ලංකාවට යන්න සල්ලි නැහැ. පිස්සු වගේ. මගේ යාළුවෙක් මගෙන් බැංකු ගිණුම් අංකය ඉල්ලගත්තා. ඒ මොකටද කියලා කිව්වෙත් නැහැ. මම දුන්නා. උදේ බලද්දී මගේ ගිණුමට ටිකට් එකට යන ගාණටත් වඩා වැඩි ගාණක් බැංකු ගිණුමේ තිබ්බා. මම දන්න යාළුවො නොදන්න අය බොහෝ දෙනෙක් සල්ලි එකතු කරලා මට දාලා. මම උදෙන්ම ගිහින් ටිකට් එකක් බුක් කරලා ලංකාවට ආවා.

ඔබේ මවගේ ඝාතනයට පියා හවුල්කරයෙක් වෙනවා, කුඩා කල ඉදලම ඔහුගේ ස්භාවය එහෙමද, ඒකට මවගේ ජනප්‍රියත්වය බලපෑවා කිව්වොත්..?
තාත්තා නරක කෙනෙක් නෙමෙයි. අපි පුංචි කාලේ ඉදලම ප්‍රශ්න තිබ්බා. ඒ වගේ ප්‍රශ්න ඇති වුණේ අම්මට තිබ්බ අසීමිත ආදරේ නිසා වෙන්නත් ඇති. මටත් හිතෙනවා තාත්තා බිමට ඇබ්බැහි වුණේ අම්මගේ ජනප්‍රියත්වය එයාට දරා ගන්න බැරුව කියලා. අම්මා සංගීත ප්‍රසංගයකට යද්දී මාව එක්කගෙන යනවා. නැත්තම් යන්නේ තාත්තා. මොන ප්‍රශ්න තිබ්බත් දෙන්නා එකට හිටියා.

අම්මා නැති වුනු දවසෙත් තාත්තා ඉදලා තියෙන්නේ හොඳටම බිලා. සිහියක් තිබිලා නැහැ. අම්මයි තාත්තයි දික්කසාද නොවුණත් මම රට ගිය නිසා අම්මගේ ආරක්ෂාවට කියලා නඩුවකින් තාත්තට ගෙදර එන්න අවුරුද්දක තහනමක් තිබ්බා. අම්මා නැති වෙන්න ටික දවසකට කලින් ඒකත් අම්මා ඉල්ලා අස්කරගෙන තාත්තාව ගෙදරට එන්න ඉඩ දීලා. තවම නඩුව අවසන් නැහැ. තාත්තා ඉන්නේ ඇප මත. එයා රැකියාවක් කරගෙන ඉන්නවා. අපි කවුරුත් තාත්තා එක්ක කතා කරන්නේ නැහැ දැන්. එයා කරපු වැරැද්ද ගැන දැන් පසුතැවෙනවා ඇති.

ඔබ අවිවාහකයි, ඔබව බලාගන්නේ..?
මගේ ආච්චියි සීයයි ළඟ තමයි මම ඉන්නේ. මගේ නැන්දා අවිවාහකයි. එයත් අපිත් එක්ක ඉන්නේ. එයාගෙම පුතෙකුට වගේ තමයි මටයි මල්ලිටයි සළකන්නේ. මමත් විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ගෙදර අම්මා නැති අඩුව වැඩිපුරම දැනෙන්නේ පුතෙකුට..?
අම්මා නැති අඩුව නම් හරියට දැනෙනවා. ඒ හිස් තැන පුරවන්න නම් ලැබෙන එකක් නැහැ මම මැරෙනකල්. අම්මගේ අඩුව ගැන කියන්න ඇත්තටම වචන නැහැ. මට හරි පාලුයි. අම්මා නැතුව මොනාද කරන්නේ කියලාවත් තේරෙන්නේ නැහැ.

හර්ෂණී වීරරත්න




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top