Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
23
"ඔහු වදවින්දා මම දැක්කා. ඒ නිසා එයා අයින් වෙනවට මම අකමැති වුණේ නැහැ..." - S. B. දිසානායකගේ බිරිඳ හිරුට කී කතාව

- "ඔහු වදවින්දා මම දැක්කා. ඒ නිසා එයා අයින් වෙනවට මම අකමැති වුණේ නැහැ..." - S. B. දිසානායකගේ බිරිඳ හිරුට කී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

97 Views
"පාර්ලිමේන්තු යන සතියේ විතරයි එයා කොළඹ ගෙදර හිටියේ.."
 
"කට නිසා තමයි S. B හිරේ ගියේ, සමහර රැවටීම් නිසා එයා කලකිරුණා.."
 
සුමනවීර දිසානායක බණ්ඩාර නමට වඩා S. B. දිසානායක කිව්වම නොදන්න කෙනෙක් නැහැ, විශ්ව විද්‍යාල ජිවිතෙන් ඔහු ජනප්‍රිය චරිතයක්. කොතරම් ජනප්‍රියද කිව්වොත් ගැහැණු ළමයින්ගෙන් ඔහුට බේරිල්ලක් තිබිලම නැහැ. ඒ ගැන හා ඔහු ගැන දන්න හොඳම චරිතය තමයි ඔහුගේ ආදරණිය බිරින්දෑ. ඇය නමින් තමරා දිසානායක. ඔහු දේශපාලනය එක්ක ඔට්ටු වෙද්දී කුටුම්භය රැකගත්ත ඇය ඔහු ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වුණා. මේ ඇය සමඟ කළ කතාබහයි. 

S. B. දිසානායක කිව්වම එදත් අදත් නොදන්න කෙනෙක් නැහැ. ඒ නිසා අපි මුලින්ම ඔබ ගැන කියලම මේ කතාබහට ආරම්භය ගනිමු..?
මගේ ගම මාතර. මම ඉගෙන ගත්තේ මාතර දික්වැල්ල විජිත මහා විද්‍යාලයේ. මගේ අම්මා ගුරුවරියක්. මගේ තාත්තා පුද්ගලික ආයතනයක රැකියාවක් කළ කෙනෙක්. අපේ පවුලේ ළමයි පස්දෙනයි. මට අක්කලා දෙන්නෙක් හා මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. මම මැද දරුවා. මම උපාධිය හැදෑරුවේ කැලණිය විශ්ව විද්‍යාලයේ. 
 
විශ්ව විද්‍යාලය ජිවිතේ නිසා වෙන්න ඇති ඔබට ඔහුව මුණගැහෙන්න ඇත්තේ, ඒ සුන්දර මතකට ගැනත් මතක් කරමු..?
ඔව්. එයා එතකොට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. නමුත් ඒ කාලේ එයා අන්තර් ශිෂ්‍ය බලමණ්ඩලයේ සභාපති. ඒ නිසා එයාව නොදන්න කෙනෙක් නැහැ. හැම කැම්පස් එකකම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එයාව දන්නවා, කෙල්ලෝ හරිම කැමතියි එයාව ආශ්‍රය කරන්න. කොල්ලෝ වුණත් එහෙමයි. එයාගේ කතාවට තමයි හැම කෙනෙක්ම කැමති වුනේ. 
 
මමත් මුලින්ම එයාව දකින්නේ අපේ කැම්පස් එකට ආ වෙලාවක තමයි. නමුත් එහෙම කතාබහ කරලා ලඟින් ආශ්‍රය කළේ නැහැ. උපාධිය අවසන් කරලා මම ගුරුපත්වීම් ලබලා මාතර පාසලකට ගියා. S. B. මාතර අකුරස්සට ආවා ජොබ් එක කරන්න. නමුත් එයාට මාතර ඉන්න තැනක් තිබ්බේ නැහැ. අඳුරන කෙනෙක් හිටියේ නැති නිසා ඉන්න තැනක් හොයන්න මගේ ලොකු අම්මගේ පුතාව සම්බන්ධ කරගත්තා. අයියා එක්ක S. B.  හිතවත් එකට කැම්පස් හිටපු නිසා. ඒ කාලේ මම හිටියෙත් අයියලාගේ ගෙදර නතර වෙලා. ඒ ආ දවසක තමයි නැවත S. B. ව දකින්න ලැබෙන්නේ. එදා තමයි කතාබහ කරන්නේ. 
 
ඊට පස්සේ..?
ඊට පස්සේ ලොකු අම්මගේ පුතා, අයියට හොරෙන් අපි දෙන්නා කතාබහ කළා. අන්තිමට අපි පෙම්වතුන් වෙලා. කොහොම හරි හොරෙන් ආදරේ කරපු එක අයියට අහුවුණා. හොරෙ අහුවුනාට පස්සේ අයියා මාව අල්ලාගෙන ප්‍රශ්න වට්ටෝරුවක් ඇහුවා. බැණුම් ඇහුවා. නමුත් මම ඇත්තම කිව්වා. ඒ දෙන්නා යාළුවො නිසා අයියා S. B. ගැන හොඳින් දැනගෙන හිටියා. ඒ නිසා අපි දෙන්නගේ සම්බන්ධයට අයියා ලොකුවට විරුද්ධ වුණේ නැහැ. 
 
දෙමාපියන්ගෙන් ආශීර්වාදය හිමි වුණාද..?
ඔව්. අපි දෙන්නට දෙපාර්ශවයේම ආශීර්වාදය හිමි වුණා. දෙමාපියන් වුණත් S. B.ට අකමැති වෙන්න හේතුවක් තිබ්බේ නැහැ. අවුරුදු 3ක් ආදරේ කරලා 79 අවුරුද්දේ අපි විවාහ වුනා. 
 
ඔහු ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වෙනවට පෙම්වතිය විදිහට එදා ඔබ කැමති වුණාද..?
කොහොමත් කැම්පස් එක ඇතුළෙත් දේශපාලනය කළ නිසා එයාගේ දේශපාලන ගමනට හරස් වෙන්න මට වුවමනාවක් තිබ්බේ නැහැ. එයා මුලින්ම දේශපාලනය එන්නේ 77 අවුරුද්දේ. ඒ කැම්පේන් එකට මමත් එයාට උදව් කළා.  
 
රූපවාහිනියෙන් දකින S. B. දිසානායකයන් කටකාර චරිතයක් බව බොහෝ දෙනෙක් කියන කාරණයක්. ඔහු සැබෑ ජීවිතයේත් එහෙමද..?
දේශපාලන වේදිකාවේ කටකාර විදිහට කතාබහ කළාට ගෙදර එහෙම නැහැ. දරුවන්ට වගේම මට හරි ආදරෙයි. කරදරකාර චරිතයක් නෙමෙයි. නමුත් හැමදේම පිළිවෙලට ඕන. හැම දේම බලලා මම කරලා දෙන්න ඕන. කොළඹ ගෙදර වතුර නැති වුණත් හිගුරක්ගොඩ ඉන්න මට තමයි කතා කරලා මොනවා හරි කරන්න කියන්නේ. තාත්තා කෙනෙක් හැටියටත් සැමියෙක් විදිහටත් ඔහු යුතුකම් ඉටු කරනවා. නපුරු කෙනෙක් නෙමෙයි. හරිම සුහදශීලි කෙනෙක්.
 
දේශපාලනය එක්ක කාර්යබහුල වෙද්දී සමියෙකුගෙන් වියයුතු යුතුකම් මඟ හැරෙන්න ඇති, ඒ වෙලාවට හිතිලා නැද්ද නිදහසේ කාලය ගත කරන්න තිබ්බා නම් කියලා..?
මම කොහොමත් නිහඬව ඉන්න කැමති කෙනෙක්. නමුත් ඔහුගේ දේශපාලන ජිවිතේ එක්ක ඒ නිදහස මටවත් අපේ ගෙදරවත් නැහැ. ඒ කාලේ මහත්තයා කොළඹ ගෙදර ඉන්නේ පාර්ලිමේන්තු යන සතියේ විතරයි. පුතාලා දෙන්න කොළඹ පාසල් වලට ගිය නිසා අපි හිටියේ කොළඹ . අනිත් දවස්වලට මහත්තයා ගමේ ජනතාව එක්ක ඉන්නේ. එයාට පුරුදු වෙලා පිරිසක් එක්ක ජිවත් වෙලා. දැන් ඇමති ධුරයක් නැතත් එයා ජනතාව එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ. හැමදාම ගෙදරට මිනිස්සු එනවා. එක එකිඅ ප්‍රශ්න කියාගෙන, උදව් ඉල්ලගෙන එයා ඒ හැමෝටම උදව් කරනවා. එයාගේ ඒක ජිවිතේ කොටසක් වෙලා. ඒ නිසා මටත් ඒ ජිවිතේට හැඩගැහෙන්න වෙලා. ඒ කොහොම වුණත් ජනතාවගේ ආදරේ එදා වගේම මහත්තයාට ලැබෙන එක ගැන හිතෙද්දි සතුටක් දැනේවා. එයා අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරන කාලේ මම තමයි එයාගේ පුද්ගලික ලේකම්. ඒ නිසා එයත් එක්කම තමයි නිතරම රැදුනේ. ඒකත් හේතුවක් වෙන්න ඇති ඔහුගේ කාර්යබහුලකම මට නොදැනෙන්න. දැන් නම් අපි දරු සුරතල් බලනවා. ලොකු පුතා දැන් තාත්තා කෙනෙක්. මගේ මුණුබුරාට තවම මාස 9යි. එයාගේ හුරතල් විදිමින් අපි මේ දවස්වල කාලය ගත කරනවා.
 
බොහෝ දරුවන් දෙමාපියන්ගේ දේශපාලන බලපුළුවන්කාරකම් පෙන්වමින් ජිවත් වෙනවා. ඔබට ඉන්නෙත් පුතාලම දෙන්නෙක් මේ දෙන්නා අධ්‍යාපනයට මුල් තැන දෙනවා වෙනුවට පියාගේ දේශපාලනයටද සම්බන්ධ වෙන්නේ..?
ලොකු පුතා ආර්ථික විද්‍යාව පිලිබඳ උපාධිය ලබාගත්තේ. එයත් විශේෂ වේදී උපාධිධාරියෙක්. පොඩි පුතා ගුවන් නියමුවෙක් විදිහට ඉගෙන ගත්තා. එයත් විශේෂවේදී උපාධිධාරියෙක්. එයාට ශිෂ්‍යත්වයක් ලැබිලා ඇමරිකාවට යන්නේ. මහත්තයා දේශපාලනයට මුල් තැන දෙද්දී මම දරුවන්ව අධ්‍යාපනය පැත්තට යොමු කළා. ඒ නිසා දරුවෝ දෙන්නම හොඳින් ඉගෙන ගත්තා. දෙන්නම එයාලගේ තාත්තා දේශපාලනයට සම්බන්ධ නිසා එයින් අයුතු ප්‍රයෝජන ගත්තේ නැහැ. ලොකු පුතා නම් දේශපාලනයට සම්බන්ධයි. නමුත් හොඳින් ඉගෙන ගත්තා. අම්මා කෙනෙක් විදිහට මට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්.
 
S. B. දිසානායකයන්ගේ දේශපාලන ජිවිතේ නිසා පවුලට බලපෑම් ආ අවස්ථා ඇති, ඔහු 2004 වර්ෂයේ දෙසැම්බර් මස සිරගත වූ දේශපාලඥක්..?
විවිධ බලපෑම් තිබ්බා. නොතිබ්බා කියන්න බැහැ. එයාව සිරගත කළ කාලේ පවුලක් විදිහට අපි ලොකු යුද්ධයක හිටියේ. ඔහුව බේරා ගන්න දෙතුන් සියයක ජනතාව එක්ක පයින්ම හඟුරන්කෙත ඉදලා කොළඹට පා ගමනක් ආවා. දවස් 5ක් විතර ගියා. නිදහස් කරගන්න ලොකු සටනක් දෙන්න සිදු වුනා. පක්ෂ භේදයක් නැතුව බොහෝ දේශපාලකයින් අපිට උදව් කළා. කට නිසා තමයි ඒ දේත් වුණේ. මම නිතරම විහිළු කරනවා කට හොඳ නැහැ කියලා. කියන්න ඕන දේ කෙලින්ම කියනවනේ. 
 
කලකිරීම් තිබ්බද..?
කලකිරීම් නිසාම තමයි ඔහු චන්ද්‍රිකා මැතිණියගෙන් ඉවත් වෙලා යන්නේ.දරාගන්න බැරි සිද්ධි නිසාම ඔහු තීරණය කරනවා අයින් වෙනවා කියලා. එයා වැඩ කරද්දී අතපත ගගා කාලේ කන්න කැමති නැහැ. පටන් ගත්ත වැඩේ ඉවර කරන්න ඕන. සමහර රැවටීම් නිසා එයා කලකිරුණා. ඒ දේවල් එක්ක එයා තීරණය කළා චන්ද්‍රිකා මැතිනියගෙන් ඉවත් වෙන්න. ඒ ගැන මට කිව්වා. නමුත් ඔහු වදවින්දා  මම දැක්කා. ඒ නිසා එයාගෙන් අයින් වෙනවට මම අකමැති වුණේ නැහැ. විසදා ගන්න ප්‍රශ්න එක්ක ඉන්නවට වඩා හොඳයි අයින් වුනු එක. නමුත් දේශපාලන ජිවිතේ එයා ගත්ත වැරදි තීරණයක් ඒක කියලා මම හිතනවා. 
 
හර්ෂණී වීරරත්න 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top