Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
06
කොරෝනා මරණ 9ක් භූමදානය කළ හැටි මෙන්න

- කොරෝනා මරණ 9ක් භූමදානය කළ හැටි මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,549 Views
කොරෝනා මරණ භූමදානය කිරීම සඳහා තෝරා ගත් මඩකලපුවේ ඕට්ටමාවඩි - සූඩුපත්තිනසේනයි ප්‍රදේශයේදී ඊයේ මෘතදේහ 9ක් භූමදානය කළ බව මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නාගලිංගම් මයුරන් ප්‍රකාශ කළා.
 
එමෙන්ම අද දිනයේදීත් කොළඹ සිට තවත් මෘතදේහ 9 ක් භූමදාන කටයුතු සඳහා රැගෙන ඒමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මඩකලපුව - ඕට්ටමාවඩි ප්‍රදේශයට අමතරව, අම්පාර - ඉරක්කාමන් ප්‍රදේශයද කොරෝනා මරණ භූමදාන කටයුතු සඳහා තෝරා ගෙන තිබෙනවා. එසේම, මුසලි ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.ජී.එච්. සුබිහාන් ප්‍රකාශ කළේ තම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළද තෝරා ගත් ස්ථානයක කොරෝනා මෘත දේහ භූමදානය කිරීම සඳහා හැකියාව පවතින බවයි.
 
මීට පෙර ඒ සඳහා තෝරා ගැනුණු ඉරණතිව් දූපත් වැසියන් ඊට පසුගිය දින දෙක තුළම විරෝධය පළ කළා. කෙසේ වෙතත්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ප්‍රකාශ කළේ කොරෝනා මරණ භූමදානයට තෝරාගත් ඉරණතිව් දූපත් වැසියන්ගේ විරෝධයට යහපත් ප්‍රතිචාරයක් අනිද්දාට පෙර ලබාදිය හැකි බවයි.
 
ඉරණතිව් දූපතේ මුහුදු කූඩැල්ලන් අපනයන ගම්මාන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බැවින් කොරෝනා මෘතදේහ මිහිදන් කිරීම සඳහා වෙනත් ස්ථානයක් භාවිත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරියට දැනුම් දුන් බව ඔහු කියා සිටියා.  
 
මේ අතර එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය පෞද්ගලික අංශයට ලබා නොදෙන්නැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කළා.
 
කෙසේවෙතත් එන්නත් ලබා දීමේ වැඩපිළිවල සැලසුම් සහගතව සිදුවෙමින් පවතින බවයි අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඊයේ බොරැල්ල ගෝතමී විහාරස්ථානයේ පැවති එන්නත්කරණ වැඩසටහනක් අතරතුරදී සදහන් කළේ.
 
මේ අතර පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන ඇඹිලිපිටිය නගර සභා සීමාවේ සියලුම අමතර පන්ති, දහම් පාසල් පෙර පාසල් සහ ගෘහස්ථ උත්සව පැවැත්වීම සති 2කට අත්හිටුවීමට ඇඹිලිපිටිය කොවිඩ් පාලන ප්‍රාදේශීය කමිටුව තීරණය කර තිබෙනවා.
 
එමෙන්ම ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන මුලු කොරෝනා මරණ සංඛ්‍යාව 493 දක්වා ඉහළ යනවා. කෑගල්ල අටාල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු සහ කොළඹ 8 ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු එලෙස මියගිය පිරිස අතර වනවා.
 
එසේම කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙන්ම රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවකද ඊයේ මියගිය අය අතර වන බවයි රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.
 
මේ අතර ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 350 ක් වාර්තා වූ බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.
 
විදෙස් රටවලින් පැමිණි 12 දෙනෙකුද ඊයේ කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තාවූ අතර, ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 84,960 ක්.
 
කොරෝනා ආසාදිතව සිටි තවත් 485 දෙනෙකු ඊයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 81,321 ක් බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top