Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
05
කොවිඩ් මෘතදේහ භූමදානය අරඹමින්, මෘතදේහ 09ක් අද භූමදානය කෙරුණේ මෙහෙමයි - Video

- කොවිඩ් මෘතදේහ භූමදානය අරඹමින්, මෘතදේහ 09ක් අද භූමදානය කෙරුණේ මෙහෙමයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,273 Views
කොරෝනා මරණ භූමදානය කිරීම සඳහා තෝරා ගත් මඩකලපුවේ ඕට්ටමාවඩි - සූඩුපත්තිනසේනයි ප්‍රදේශයේදී අද මරණ තුනක් භූමදානය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තවත් මරණ 4 ක් අද භූමදාන කිරීමට කටයුතු කරන බවයි.

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ අනිවාර්යයෙන් ආදාහනය කිරීම සඳහා පැවති විධිවිධාන හේතුවෙන් විශේෂයෙන් මෙරට මුස්ලිම් ජන ප්‍රජාව සිය නොසතුට පළ කර තිබුණා.

ඒ පිළිබඳව ජාත්‍යන්තර සංවිධාන සහ අරාබි රටවලින්ද විටින් විට යම් ප්‍රකාශ නිකුත් කරනු ලැබුවා. කෙසේ නමුත්, අදාළ පියවර මෙතෙක් ක්‍රියාත්මක වූයේ කොරෝනා ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින්.

කෙසේ වෙතත්, පසුගිය පෙබරවාරි 25 වැනිදා කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමිදානය කිරීම සඳහා ඉඩ සලසන අතිවිශේෂ ගැසට් නිවේදනය සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ අත්සනින් යුතුව නිකුත් කළා.

ඒ අනුව මෘතදේහ ආදාහනය කිරීම යන්න මෘතදේහ ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම යනුවෙන් සංශෝධනයට ලක් කිරීමටයි පියවර ගැනුණේ.

ඉන් අනතුරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා මෘතදේහ භූමදානයට අදාළ මාර්ගෝපදේශ නිකුත් කිරීමෙන් අනතුරුවයි අද පළමුවරට වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කෙරුණේ.

අද දිනයේදී පළමුව භූමදානය කෙරුණේ පසුගිය පෙබරවාරි 25 වැනිදා කුරුණෑගල රෝහලේදී කොරෝනා ආසාදිතව මියගිය 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ අයි.ඩී.එච්. රෝහලේදී පසුගිය 02 වැනිදා ජීවිතක්ෂයට පත්වූ 65 හැවිරිදි කාන්තාවක්.

ඔවුන් දෙදෙනාම එරාවූර් ප්‍රදේශයේ පදිංචිකරුවන්. එසේම, කාත්තන්කුඩි රෝහලේදී කොරෝනා ආසාදිතව මියගිය 71 හැවිරිදි මඩකලපුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ මෘත දේහය ද අද පස්වරුවේ භූමදානය කෙරුණා.

මඩකලපුව - ඕට්ටමාවඩි ප්‍රදේශයට අමතරව, අම්පාර - ඉරක්කාමන් ප්‍රදේශයද කොරෝනා මරණ භූමදාන කටයුතු සඳහා තෝරා ගෙන තිබෙනවා.

එසේම, මුසලි ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.ජී.එච්. සුබිහාන් ප්‍රකාශ කළේ තම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල තෝරා ගත් ස්ථානයක කොරෝනා මෘත දේහ භූමදානය කිරීම සඳහා හැකියාව පවතින බවයි.

මීට පෙර ඒ සඳහා තෝරා ගැනුණු ඉරණතිව් දූපත් වැසියන් ඊට පසුගිය දින දෙක තුළම විරෝධය පළ කළා.

කෙසේ වෙතත්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ප්‍රකාශ කළේ කොරෝනා මරණ භූමදානයට තෝරාගත් ඉරණතිව් දූපත් වැසියන්ගේ විරෝධයට යහපත් ප්‍රතිචාරයක් ලබන සඳුඳාට පෙර ලබාදිය හැකි බවයි.

ඉරණතිව් දූපතේ මුහුදු කූඩැල්ලන් අපනයන ගම්මාන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බැවින් කොරෝනා මෘතදේහ මිහිදන් කිරීම සඳහා විකල්ප ස්ථානයක් භාවිත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරියට දැනුම් දුන් බව ඔහු කියා සිටියා.

කොරෝනා මෘතදේහ භූමදානය කිරීම සඳහා විකල්ප දූපත් කිහිපයක් හඳුන්වා දුන් බවද මෙහිදී අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ප්‍රකාශ කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top