නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැති සිව් වන විස්සයි විස්ස ක්‍රිකට් තරඟය ලකුණු 50 කින් ජයගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06 ක් දැවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 156ක්.
එහිදී නායක ෆින්ච් ලකුණු 79 ක් රැස්කර ගැනීමටයි සමත් වුණේ.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි, නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු 85ක් තුළ සියලු දෙනා දැවි ලබාගැනීමට හැකි වූයේ ලකුණු 106 ක් පමණයි.
මෙම තරග ජයග්‍රහණයත් සමඟ මෙම තරගාවලිය 2 -2ක් ලෙස සම කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.
දෙරට අතර පැවැත්වෙන, අවසන් සහ පස්වන තරගය ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.