පූජා භූමි ආශ්‍රිතව අලෙවි කෙරෙන පොලිතීන් මල් මාලා භාවිතයෙන් ඉවත් වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලීමක් කරනවා.
ඒ, කතරගම පුදබිම ආශ්‍රිතව සිදුකරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙසින්.
කතරගම ආශ්‍රිතව මල්මාලා නිෂ්පාදනය කර ජීවිකාව ගෙන ගිය පුද්ගලයින්ට පොලිතීන් මල්මාලා වෙනුවට ආදේශකයක් ලෙස කඩදාසිවලින් මල් මාලා නිෂ්පාදනය කිරීමට ජාතික ශිල්ප සභාව හරහා මේ වනවිට පුහුණුවක්ද ලබාදී තිබෙනවා.
එසේම, දිවයිනේ සියලුම පූජා භූමි ආශ්‍රිතව ප්ලාස්ටික් සහ පොලීතින් භාවිතය පාලනය කිරීම අත්‍යවශ්‍ය බවයි මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ.
ඒ අනුව මේ මස 22 වැනිදා සිට කතරගම පුදබිම ආශ්‍රිතව මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි.
ඒ සඳහා මල්මාලා නිෂ්පාදකයින් සමඟ එකඟතාවයකට පැමිණි බවයි මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂිකා සරෝජනී ජයසේකර කියා සිටියේ.