මරණීය තර්ජන කර, බලහත්කාරයෙන් තරුණියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගත් බැව් රත්ගම පොලිසිය පවසයි.
මෙසේ අතවරයට ලක්ව ඇත්තේ 18 වියැති තරුණියකක් . අත්අඩංගුවට ගත් සැකකරු අපයෝජනයට ලක්වූ තරුණියගේ නැන්දම්මාගේ දෙවැනි කසාදයේ සැමියා බවද පොලිසිය පවසයි. මෙකී තරුණිය විවාහ නොවී තම සැමියා සමග එකට ජිවත් වන බවද පොලිසිය කියයි. මොවුන් පදිංචි නිවසේ සැමියාගේ මවගේ දෙවැනි කසාදයේ සැමියා හා දරුවන් ද පදිංචිව සිට තිබෙනවා.
මේ අතර තරුණියගේ නැන්දා විදේශීය රැකියාවක් සඳහා ඩුබායි රටට ගොස් ඇත. තරුණියගේ සැමියා ද කොළඹ නගරයේ රැකියාවකට ගොස් තිබෙනවා. ඒ අතර සැකකරු මෙකී තරුණියගේ කාමරයට පැමිණ ඇයට මරණීය තර්ජන කර බලහත්කාරයෙන් අපයෝජනය කොට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
කාලයක් තිස්සේ තරුණිය මේ අයුරින් අතවරයට ලක්ව ඇති අතර පසුව තරුණිය මේ පිළිබඳ තම සැමියාගේ නැගණියට පවසා තිබෙන බවත් සඳහන්. ඇය තම සහෝදරයාට මේ බව පැවසීමෙන් පසු තරුණිය විසින් මේ පිළිබඳ රත්ගම පොලිසියට පැමිණිලිකොට තිබෙනවා.
සැකකරු කටුදම්පේ, මහවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.