හෙට දින සිට පවතින වියලි කාලගුණ තත්වයේ වෙනසක් බලාපොරොත්තු වන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද දිනයේදී නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
මේ අතර මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි සඳහන් වන්නේ.
මධ්‍යම සබරගමුව,ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන මීදුම් සහිත තත්වයක් ඇතිවිය හැකි බවද සඳහන්.