නවසීලන්ත උතුරු දූපත ආශ්‍රිත මුහුදේ ඊයේ දිනයේ ඒකක 7.3ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුවූවා.
එම භූ කම්පනය ගොඩබිම් ප්‍රදේශවලට ද දැනී තිබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ.
මේ අතර නවසීලන්ත හදිසි තත්ත්ව කලමනාකරණය පිළිබඳ ජාතික ඒජන්සිය අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ භූ කම්පනය සිදුවූ ප්‍රදේශයට සමීප වෙරළ ආශ්‍රිත ප්‍රදේශ වෙත මුහුදු රළ පැමීණීමේ අවදානමක් ඇති බවටයි.
ඒ අනුව ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යොමුවීමට පියවර ගෙන තිබුනා.
එම අවස්ථාවන්හි දර්ශන කිහිපයක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුනේ මෙලෙසින්.