ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමේ සමාරම්භක උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වුණා.
විශ්ව විද්‍යාල වෙබ් අඩවිය සක්‍රීය කළ ජනාධිපතිවරයා විශ්ව විද්‍යාල අමුත්තන්ගේ පොතෙහි අත්සන් තැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
නිල ලාංඡනය, ධජය සහ ගීතය එළිදැක්වීම ද ඊට සමගාමීව සිදු කෙරුණා.
ආයුර්වේද විද්‍යාව හදාරණ සිසුනට ආයුර්වේද ක්‍රමය න්‍යයාත්මකව හා ප්‍රායෝගිකව ඉගැන්වීමේ අරමුණින් ආයුර්වේද චක්‍රවර්ති පණ්ඩිත ජී.පී. වික්‍රමාරච්චි මහතා විසිනුයි 1929 වසරේදී ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය පිහිටවනු ලැබුවේ.
ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමට අයත් වූ සංඛ්‍යාව 20ක්.
වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යායතය 1995 වසරේදී කැලනිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ විශ්ව විද්‍යාල ආයතනයක තත්ත්වයට උසස් කරනු ලැබුවා.
දකුණු ආසියානු කලාපයේ දේශීය වෛද්‍ය අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2021 මාර්තු 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි “ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය, ශ්‍රි ලංකාව” යන නාමය යටතේ ස්ථාපනය කර තිබෙනවා.
මෙය ශ්‍රී ලංකාවේ 16 වැනි විශ්ව විද්‍යාලයයි. ඊට එක් කර ඇති නව උපාධි පාඨාමාලා සංඛ්‍යාව 07කි.
කණ්ඩායමකට සිසුන් 50 දෙනෙක් බැගින් 2021 වසර සඳහා සිසුහු 350 දෙනෙක් ඇතුළත් කර ගැනෙනවා.
2020 වසරේ පැවති අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත බඳවා ගැනීම් සිදු කෙරෙනු ඇති.
ජනාධිපතිතුමා විශ්ව විද්‍යාලයේ ප්‍රථම කුලපති මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියන්ට විජිණිපත පිළිගැන්වීය.