ඝාතනය නිසා එවකට සිටි අගමැතිවරයෙකුට සිදු වූ දේ...
මෝල්ටාවේ මාධ්‍යවේදිනියක් වූ ඩැෆ්නි ගැලිසිස් ගමන් කළ රියට බෝම්බයක් අටවා ඝාතනය කිරීමේ සිද්ධිය ගැන වගකිවයුතු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අත්අඩංගුවට ගනු ලැබූ විටා මස්කට් නමැත්තා රජයේ සාක්කිකරුවකු වී ඝාතනයට අදාළ තොරතුරු හෙළි කිරිම නිසා සැකකරුවන් තිදෙනා හසු වී ඇති බවයි වාර්තා වන්නේ.
මාධ්‍යවේදිනිය ඝාතනය සඳහා බෝම්බය සපයා ඇත්තේ ඉහත කී සැකකරුවන් තිදෙනා බවයි වාර්තා වන්නේ.
ඩැෆ්නි ගැලිසිස් 2017 වර්ෂයේදී ඝාතනයට ලක් වූ අතර, ඇය දූෂණ විරෝධී මාධ්‍යවේදීයෙකු සහ බ්ලොග්කරුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියා.
මෙම සිද්ධිය මහත් ආන්දෝලනයක් ඇති කරවූ සිදුවීමක් වූ අතර, එය ජෝසප් මස්කට් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට පවා හේතු වුණා.