යාපනය මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය මෙන්න....
මාස නවයක කුඩා දරුවකුට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි යන චෝදනාව මත යාපනය පොලිසිය විසින් යාපනයේ මනියතෝට්ටම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කාන්තාව හා දරුවා මේ මස 9 වැනිදා දක්වා පරිවාස භාරයට පත් කරන ලෙස යාපනය මහෙස්ත්‍රාත්වරයා 2වැනිදා පොලිසියට නියෝග කරනු ලැබුවා.
දරුවාගේ මව විසින් දරුවාට අමානුෂික ලෙස පහර දෙන ආකාරය වීඩියෝ කර යාපනයේ තරුණයන් පිරිසක් එම වීඩියෝව සමාජ මාධ්‍ය ජාලයට එක් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ යාපනයේ නල්ලූර් ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් පොලිසිය සමග ගොස් අදාළ කාන්තාව හා දරුවා පොලිස් භාරයට ගෙන තිබුණා.
වයස 24 ක් වූ මේ කාන්තාව ත්‍රිකුණාමලයේ පදිංචිකාරියක වන අතර ඇය විදෙස් ගතව සිට යාපනයට පැමිණ කුලී නිවසක ජීවත් වී ඇති බව සඳහන්..
ඇගේ සැමියා පවුලේ උදවියට ජීවත් වීම සඳහා මුදල් ලබා නොදීමත් ඔහු ආපසු ශ්‍රී ලංකාවට නොපැමිණීමත් නිසා තමන් දැඩි මානසික කම්පනයකට පත්ව සිටින බව ඇය පොලිසියට පවසා තිබෙනවා.
දැනට පරිවාස භාරයේ සිටින එම කාන්තාව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර එම වෛද්‍ය වාර්තාව සමග ඇය මේ මස 9 වැනිදා යළි අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස යාපනය මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කරනු ලැබුවා.
දිනසේන රතුගමගේලිපියේ උපුටා ගැනීම "දිවයින" පුවත්පත...
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව මෙතනින් බලන්න