කොරෝනා වෛරසය සඳහා රුසියාව නිෂ්පාදනය කරන ලද ස්පුටිනික් ෆයිව් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.
ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් එම එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර ලබාදුන් බවයි.