ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 06 කින් ජයගැනීමට බටහිර ඉන්දිය කොදෙව්වන් අද සමත් වුණා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 131ක්.
එහිදී අගනා ඉනිමක් දියත් කළ පැතුම් නිස්සංක ලකුණු 39ක් රැස්කළා.
ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහරක් ඇතුලත්.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 33ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගින්.
පන්දු යැවීමේදී Obed McCoy කඩුලු 2ක් දවාගත් අතර කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවූ සෙසු සියලු පන්දු යවන්නන් එක් කඩුල්ල බැගින් දවාගත්තා.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 13යි එක් පන්දුවක් තුළ කඩුලු 6ක් පමණක් දැවි තරඟය ජයගැනීමටයි සමත් වුණේ.
මෙම තරගයෙන් අනතුරුව මෙරට ක්‍රිකට් රසිකයින් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල විවිධ සටහන් තබා තිබු අතර ඊට පිළිතුරු ලෙස ලසිත් මාංලිග ද සිය ෆේස්බුක් ගිණුමෙහි මෙලෙස සටහනක් තබා තිබුණා.
"ක්‍රිකට් යනු දිනද්දි හුරේ දාන. පරදිනකොට හු කියන . ක්‍රීඩකයන්ට වඩා . බලන අයට හොදටම පුලුවන් එකම ක්‍රීඩාවයි.."
එම සටහනේ Comment තීරුවේ මාලිංග විසින් යළිත් මෙලෙස Comment කිරීමටයි කටයුතු කර තිබුණේ.
"ක්‍රීඩාවක් විදියට බලන්න උත්සාහ කරන්න . මේ ගොඩක් අය හිතන් ඉන්නෙ. ඔයාලගෙ බදු මුදල් වලින් කියල මෙයාලට සල්ලි ගෙවන්නෙ . ඒක 100% වැරදි මතයක් . ඔයාලගෙ සල්ලි රැපියලකවත් . නැ මෙයාල ගේන මුදලින් 20% විතරයි අනිත් ඔක්කොම දෙන්නෙ ක්‍රීඩාව දියුණුවට . ඒ ආයෝජනය අපේ වැඩක් නෙමෙයි . මෙක බැලුවම ගොඩක් දේවල් වැටහෙයි . මොකද ඔයාල වගේම ඒයාලත් බලන්නෙ දිනන්න.."